පසුගිය අගෝස්තු මාසයේ දිනක ජර්මනියේ බර්ලින් නුවර ටයෙර්ගට්න් උද්‍යානයේදී ඝාතනයට ලක්වූ ජොර්ජියානු ජාතික ටොර්නික් කේ හෙවත් සෙලිම්ඛාන් ඛාන්ගෝෂ්විල් නැමත්තා අපරාධකරුවෙකු මෙන්ම ත්‍රස්තවාදියෙකුද වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පැවසීය.
නමුත් ජර්මානු පොලීසියට ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ජර්මනියෙන් පිටුවහල් කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර දී නැගෙනහිර යුක්‍රේනයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් යුක්‍රේනය,ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව යන රටවල නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු “නෝර්මැන්ඩි හතර” සංවිධානයේ රැස්වීම අතර තුර මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා එලෙස අදහස් දැක්වීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...