පෘතුවි තලය තුල මතුපිට ස්ථරය හෙවත් පෘතුවි කබොල්ල නිර්මාණය වී ඇත්තේ ඛනිජ ද්‍රාහකට අධික ප්‍රමාණයක එකතුවීමේනි. ඛණිජයක් යනු අකාබනික සංඝටකයක් වන අතර එක් ඛණීජයක මුලද්‍රව්‍ය එකට වඩා වැඩි ගනනක් පවති. ශ්‍රි ලංකාවද මෙම ඛණිජ සම්පතින් අනූන මෙන්ම මේම ඛණිජ පරිහරණය ඉතා සිඝ්‍රව සිදුවන රටකි.
ශ්‍රි ලංකාව තුල ඛණිජ විශාල ප්‍රමණානයක් හදුනාගෙන ඇති අතර තවත් ඛනිජ සම්බන්ධ ගවේශණ කරමින් පවති. මේම ඛණිජ ලවන අතරින් ඛණිජ තේල් හා මැනික් හැරුණු කොට අනේකුත් ඛණිජ සියල්ලම පාහේ ගවෙෂණය,සමීක්ෂණය,කැණිම් කිරිම ආධිකටයුතු 1992 අංක 33 දරණ ඛණිජ ද්‍රව්‍ය ආඥා පනත මගින් භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත පවරා ඇත.
ඒ අනුව එම ඛණිජ ගවේෂණය කැණිම් කිරිම නියාමනය හා ඊට අවශ්‍ය බලපත්‍ර ලබාදීම එකී කාර්යාංශය වෙත පැවෙරේ. මෙවන් තත්වයක් තුල නව රජය විසින් කැබිනට් අනුමැතියක් මගින් පස්,බොරළු හා වැලි සදහා ප්‍රවාහන බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කල හැකි බවට තිරණය ගනු ලැබුවේ විවස්ථාධායකය විසින් පනවන නීතියක්ද කඩමින් හා මේ රජය පත්කිරිමට කැපවු සුවහසක් නීතිවේදීන් හා වෘර්තියවේදින්ට කනේපහරක් ගසමිනි.
එහි ප්‍රධාන අවදානම නම් ලෝකයේ සියළු රටවල් පාහේ ඛණිජ සම්පත තිරසාර ලෙස පරිහරණය කිරිම හා ඒවා අදික නිස්සාරණය මගින් සොබාදහමට වන හානිය අවම කිරිමට විවිද ක්‍රියාමර්ග ගන්නා අවදියක ඒම කටයුතු අඥාන ක්‍රියාවන්සේ හොවාදක්වමින් අප රටතුල ඛණිජ පරිහරණය සදහා දැනට ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය ද නැවැත්වීමයි. මෙලෙස බලපත්‍ර නැවැත්වීම මගින් රජය බලාපොරොත්තු වන්නේ පාරිබෝගිකයාගේ ආර්ථික වාසියනම් පරිසිර සුරක්ෂාව හා ඛණිජ සම්පතේ තිරසාර පරිහරණයට වාඩා පරිබෝගිකයාගේ වාසිය මෙම රජය විසින් බලාපොරොත්තු වන්නේනම් මෙම තීරණය ගත් කැබිනට් මණ්ඩගය විද්‍යාත්මකයැයි කිවහැක්කේ කාහටද.
අවස්ථා ගනකදී මේ සම්බන්ධව මාධ්‍ය වේදීන් ආන්ඩු පක්ෂයේ විවිද පාර්ෂව වලින් විමසුවද ඒය ඉතාමත් සරලව හුවාදක්වමින් ප්‍රකාශ නිකුත් කිරිම පිටුපස ඇත්තේ මහත් ආන්දෝලනයකි. එය මන්දයත් පරිසරය සුරක්ෂාවට වඩා අර්ථික වාසිය රජයක් විසින් අනුමත කිරිම යනු එක් කණ්ඩායමක අවශ්‍යතාවක් ඉටුකර ගැනීමක්ද යන වග මහජනයා වෙත ප්‍රස්නයට මතුවන්නේ මෙම අයගේ පසුගිය පාලන සමය තුලද එක් මසක් සදහා පමනක් මෙවැනි ක්‍රියාවක් සිදුකිරිමයි.
මේ සම්බන්ධව තවත් විටක අණ්ඩු පාර්ෂවයෙන් එන එක් තර්තයක් වුයේ ප්‍රවාහනය නතර කලද කැණිම් සදහා බලපත්‍ර ලබාදෙන බැවින් මෙය එතරම් හානි දායක නොවන බවයි. නමුත් බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සිදුකරණ භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් යම් ස්ථානයක් සදහා බලපත්‍රයක් ලාබාදුන් පසු එම බලපත්‍රයේ මාසිකව කැණිම් කල හැකි උපරිම කියුබ් ප්‍රමානය කොන්දේසියයටතේය. ඒ අතරම එම ප්‍රමානයට පමනක් ප්‍රවාහනය සදහා බලපත්‍ර ලබාදෙන බැවින් බලපත්‍රලාභියා විසින් එම සීමාව උල්ලංගනය කර කැණිම් කරත් එය ප්‍රවාහනයෙන් තොර අලවි කල නොහැකි බැවින් ඔවුන් ඒ සදහා පෙලබෙන්නේ නැත. නමුත් ප්‍රවාහන සදහා බලපත්‍ර ලබානොදෙන පසුබිමක ඔවුන් සීමාව ඉක්මවා කැණිම් නොකරාවියැයි ඔය තිරනය ගත් කැබිනට්ටුව හට වගකිව හැකි වේද. ඒසේම එමස්ථාන නිරික්ෂණය කිරමට එම ආයතනයන් හි සිටින අතලොස්සාක්වු සේවක පිරිසමගින් ප්‍රවාහන බලපත්‍ර ලබාදුන් පසුබිමකත් නියාමනය අසීරුව පැවතින සමයක මෙවැනි තිරිණ ගැනීම ඉතාම අහිතකර නොවන්නේද. සමහර දිස්ත්‍රික්කයන්හි වැලි කැණිම් සදහා බලපත්‍ර 600කට අදික ප්‍රමාණයක් නිකුත්කර ඇති අතර ඒ එම ස්ථාන නිරික්ෂණය සදහා නිළධාරින් 05කට පමන ප්‍රමනයක් මගින් නිරික්ෂණය සිදුකරණ අතර ප්‍රවාහන බලපත්‍ර ලබාදෙන පසුබිමකද කැණිම් කිරිම පාලනය ඔවුන්ට අසිරුව පැවතිනුයේ එක් වරක් සදහා පමනක් ප්‍රවාහනය කලහැකි බලපතුයක් භාවිතා කරමින් දෙවරක් ප්‍රවාහනය හා බලපත්‍රය ව්‍යාජ ලෙස සකස්කර ප්‍රවාහනය කිරිම් වැනි කටයුතු ඔවුන් විසින් සුදුකරණ බැවිනි.එවැනි තත්වයක් යටතේ තිබියදි පනින රිලවුන්ට ඉනිමන් බදින්නාක් මෙන් මෙම තිරණය ව්‍යාජ කැණිම් කරුවන් උදෙෂා කත් තිරණයක් බව හොවා දැක්වීය හැකි නොවන්නේද.
මොවුන් විසින් මෙලෙස අත්තනෝමතිකව කෙලෙ විනාසකර දැමීමට ඉඩ සලස්වන්නේ මේ රටේ මතු පරපුර උදෙසා ඇති ඛණිජ සම්පත්නොවේද
විශේෂ ලියුම්කරුවෙකු විසිනි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...