පකිස්ථානය, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලින් ඉන්දියාවට සරණාගතයන් ලෙස පැමිණි හින්දු භක්තිකයන්,ක්‍රිස්තු භක්තිකයන් මෙන්ම බෞද්ධ, සීක,ජෛන සහ පාසි යන ආගම් ලබ්ධිකයන්ට ඉන්දියානු පුරවැසිභාවය ලබාගැනීමට අදාලව නීති ප්‍රතිපාදන සකස් කිරීම පිණිස ඉදිරිපත් කළ පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (සංශෝදන ) පනත පසුගිය සඳුදා ඉන්දියාවේ පහල මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේදී සම්මත කරනු ලැබුනි.
මෙම පනත සම්බන්ධව විවේචනය කරනු ලැබූ ඉන්දියාවේ ක්‍රියාත්මක වන “ජාත්‍යන්තර ආගමික නිදහස සඳහා වූ අමෙරිකානු කොමිසම (XXXXX)” ප්‍රකාශ කරනු ලැබුවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (සංශෝදන ) පනත මගින් ඉන්දියාවේ ජීවත්වන මුස්ලිම් ජනයා නොසලකා හැර ඇති බවත් මේ නිසාම ඉන්දියාව අමෙරිකානු සම්බාධක පැනවීමට භාජනය කිරීම කෙරෙහි යම් විදියකින් මෙම පනත ඉන්දියාවේ නීතියක් බවට පත්වුවහොත් අමෙරිකානු රජය අවධානය යොමු කළ යුතු බව අවධාරනය කරනු ලැබීය.
ජාත්‍යන්තර ආගමික නිදහස සඳහා වූ අමෙරිකානු කොමිසමේ (US Commission on International Religious Freedom – USCIRF ) විවේචනයන්ට සමාන්තරව ඉන්දියානු විපක්ෂය ඉන්දියාවේ මුස්ලිම් ජනයා අතර නොසතුට අවුලුවාලීමට අවශ්‍ය විවේචන සමාජගත කරන්නට පටන් ගෙන තිබේ. මේ සම්බන්ධව අදහස් දැක්වූ ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතා පවසා සිටියේ ” පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (සංශෝදන ) පනත ඉදිරිපත් කරනු ලැබුවේ හුදෙක් මුස්ලිම් බහුතරය ජීවත් වන රටවල අගතියට පත්ව ඉන්දියාවට පැමිණි ජනයාගේ සුභ සිද්දිය සඳහා පමණයි. ඒ හැර ඉන්දියාවේ ජීවත්වන මුස්ලිම්වරු ඉලක්ක කර ගත් පනතක් නොවෙයි. එනිසා ඉන්දියානු ඉස්ලාම් භක්තිකයා කිසිදු සැක සංකාවක් ඇති කරගත යුතු නැහැ.” යනුවෙනි.
මේ අතර අඟහරුවාදා (10 ) ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ “ජාත්‍යන්තර ආගමික නිදහස සඳහා වූ අමෙරිකානු කොමිසම (US Commission on International Religious Freedom – USCIRF )” ඉන්දියාව ලෝක් සභාව සම්මත කළ පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (සංශෝදන ) පනත පිළිබඳ ඉදිරිපත් කළ විවේචන වගකීම් සහගත නැතුවා පමණක් නොවෙයි ඒවා නිවැරදිත් නැහැ.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...