විදේශ පුවත්

මියන්මාරයට එල්ල වූ සමුල ඝාතන චෝදනාවලට ගැම්බියර් ජාත්‍යන්තර අධිකරණය හමුවේ ප්‍රතිචාර දක්‌වන මියන්මාර් නායිකා අවුන්සාන් සුකී වෙත බහුතරයේ සහාය හිමි වී ඇති විනිසුරුවන් 17 කගෙන් යුත් මෙම අධිකරණය හමුවේ මියන්මාරයට එල්ල වී ඇති චෝදනා සියල්ල අවුන්සාන් සුකී මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර තිබේ.

රොහින්ග්‍යා සටන්කාමීන්ට එරෙහිව ත්‍රස්‌ත මර්දන මෙහෙයුම් දියත් කිරීම නීත්‍යානුකූල හිමිකමක්‌ යෑයි ඇය කියා සිටියේය. එහෙත් ගැම්බියා අධිකරණය පැවසුවේ 2017 අප්‍රේල් මස දියත් වූ හමුදා මෙහෙයුම් රොහින්ග්‍යා ජනතාව සමුල ඝාතනය කිරීමක්‌ බවයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය එක්‌සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය වෙයි. එම අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක්‌a ඉදිරිපත් කළ හැකි වන්නේ කිසියම් රටකට පමණි.

ඒ අනුව මියන්මාරයට එරෙහි පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබෙන්නේa ‘ගැම්බියාව’ විසිනි. ගැම්බියාව බටහිර අප්‍රිකානු කලාපයේ පිහිටි මුස්‌ලිම් සමාජ බහුතරයක්‌ සහිත කුඩා රාජ්‍යයකි.

එම නඩුකරයේදී ගැම්බියාවට සාමාජික රටවල් 57 කින් සැදුම්ලත් ඉස්‌ලාමීය සහයෝගිතා සංවිධානයේ සහයෝගය ලැබෙයි. ඒ සමග ජාත්‍යන්තර නීතිවේදීන් කණ්‌ඩායමක්‌ ද ගැම්බියාව වෙනුවෙන් පෙනී සිටිති.

ගැම්බියා නීතිපති සහ අධිකරණ ඇමැතිවරයා වන අබුබකර් එම්. තම්බාඩු බීබීසියට අදහස්‌ දක්‌වමින් තමා බංග්ලාදේශයේ පිහිටි රෝහින්ග්‍යා අනාථ කඳවුරුවල පසුගිය ඔක්‌තෝබර් මාසයේ සංචාරයක නිරත වූ අතර, මනුෂ්‍ය ඝාතන, ස්‌ත්‍රී දූෂණ සහ වධහිංසා පිළිබඳව එම ජනයාගෙන් තමන්ට අසන්නට ලැබුණ බවත් ඉන් අනතුරුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කිරීමට පියවර ගත් බවත් සඳහන් කළේය.

ගැම්බියාව විසින් පැමිණිලි කරනු ලැබ තිබෙන්නේ අවුන්සාන් සුකීට එරෙහිව නොව මියන්මාර් රාජ්‍යයට එරෙහිවය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට මෙවැනි නඩුවකදී පුද්ගලයන්ට දඬුවම් කළ නොහැකි අතර එම අධිකරණය රෝහින්ග්‍යා ප්‍රශ්aනය පිළිබඳව විභාග කරයි.

එහෙත් මෙම නඩුකාරයෙහි 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුන අවුන්සාන් සුකී මැදිහත්a වපසරියක්‌ වෙයි. ජන සංහාර පිළිබඳව චෝදනා එල්ල වීමට පෙර ඇය 2016 පටන් මියන්මාරයේ සැබෑ නායිකාව වූවාය.

යුද හමුදාව ඇයගේ පාලනය යටතේ නොවුණත්, හමුදා ප්‍රහාරවලට දායක වීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ පරීක්‌ෂකයකු විසින් චෝදනා කරනු ලැබ ඇත.

” ඔබේ ඇස්‌ අරින්න කියලා මම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. බොහෝ ප්‍රමාද වීමට පෙර ඔබේ සදාචාරමය බල අධිකාරිය කරුණාකර පාවිච්චි කරන්න” එක්‌සත් ජාතීන්ගේ නියෝජිත යෑන්ගී ලී පසුගිය සැප්aතැම්බර් මාසයේ කියා සිටියේය.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයක්‌ කළ අවුන්සාන් සුකී හේග් අධිකරණයේදී තමා පෞද්ගලිකවම තම රට වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළාය.

මුල් පෙළේ ජාත්‍යන්තර නීතිවේදීන් කණ්‌ඩායමක්‌ ද සමඟ මියන්මාරයේ විදේශ ඇමැතිවරිය හැටියට පෙනී සිටීම ඇයගේ භූමිකාව වෙයි.

තීන්දුව කුමක්‌ විය හැකිද?

ගැම්බියාව ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මියන්මාරයේ සහ වෙනත් ස්‌ථානයන්හි වෙසෙන රෝහින්ග්‍යා මුස්‌ලිම් ප්‍රජාවගේ රැකවරණය සහ ඔවුන් තවදුරටත් හිංසාවන්ට ගොදුරු කර ගැනීම වැළැක්‌වීම සඳහා තාවකාලික ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

එය නෛතික වශයෙන් බැඳීමක්‌ සහිත ක්‍රියාවලියක්‌ වනු ඇත.

මියන්මාරය ජන සංහාරයක්‌ සිදු කර ඇතැයි තීන්දු කරනු ලැබීමට නම්, රෝහින්ග්‍යා සුළුතර ප්‍රජාව කොටසක්‌ හෝ සමස්‌තයක්‌ වශයෙන් සිතාමතා විනාශ කිරීමේ අදහසින්a මියන්මාරය කටයුතු කර ඇතැයි තීන්දු කිරීමට අධිකරණයට සිදු වෙයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එහි තීන්දුව බලාත්මක්‌ කිරීමට ක්‍රමයක්‌ නැතත්, එම තීන්දුව මගින් වැරදිකරු යයි ප්‍රකාහ කෙරුණොත් මියන්මාරයට ආර්ථික හානියකට මෙන්ම විශාල අපකීර්තියකට මුහුණ දීමට සිදුවනු ඇත.

රෝහින්ග්‍යා ජනයාගේ අද තත්ත්වය

යුද මෙහෙයුම් ආරම්භ වීමෙන් අනතුරුව රෝහින්ග්‍යා ජාතිකයන් ලක්‌ෂ ගණනින් මියන්මාරය හැර දමා පළා ගොස්‌ ඇත.

සැප්තැම්බර් 30 දින වනවිට බංග්ලාදේශයේ අනාථ කඳවුරුවල රෝහින්ග්‍යා ජනයා නව ලක්‌ෂ පහළොස්‌ දහසක්‌ පමණ විනැයි ඇස්‌තමේන්තු කර තිබිණි.

ඔවුන්ගෙන් 80% ක්‌ පමණ 2017 අගෝස්‌තු සහ දෙසැම්බර් කාලය තුළ සහ මේ වසරේ මාර්තු මාසයේ එහි ළඟා වී ඇත.

තවත් රෝහින්ග්‍යා අනාථයන් භාර ගැනීමට නොහැකි බව බංග්ලාදේශය පවසයි.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More