විදේශ පුවත්

අමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ විදෙස් සම්බන්ධතා කමිටුව විසින් රුසියාව රාජ්‍ය ත්‍රස්තවාදයට අනුබල දෙන රටක් ලෙස හඳුනාගත හැකිදැයි දන්වන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා යවා තිබේ. මේ අනුව රුසියාවට අමෙරිකානු ආර්ථික සම්බාධක පැනවීමේ ඉඩකඩක් නුදුරේදීම නිර්මානය වනු ඇතැයි දේශපාලන ආර්ථික විශ්ලේශකයෝ පවසති.

අමෙරිකානු සෙනට් සභාවට ඉදිරිපත් කර ඇති “රුසියානු ත්‍රස්තවාදයේ දුෂ්ට ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත Stopping Malign Activities from Russian Terrorism (SMART) Act” ලෙස නම් කර ඇති මෙම පනත සම්මත වුවහොත් අමෙරිකාව දැනටමත් රාජ්‍ය ත්‍රස්තවාදයට අනුග්‍රහ දක්වන රටවල් ලෙස නම් කර ඇති ඉරානය,සිරියාව, සුඩානය සහ උතුරු කොරියාව යන රටවල් ගොන්නට රුසියාවද එකතු වනු ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී කෝරි ගාඩ්නර් විසින් මෙම පනත අමෙරිකානු සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුනු අතර රුසියාව රාජ්‍ය ත්‍රස්තවාදයට සෘජුවම සම්බන්ධද නැද්ද යන්න පිළිබඳව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විදෙස් සම්බන්ධතා කමිටුවට සෘජු පිළිතුරක් ලබාදිය යුතුය.

මේ සඳහා නැගෙනහිර යුක්‍රේනයේ ස්වයං පාලනය ප්‍රකාශයට පත් කළ ඩොන්ටෙස්ක් සහ ලුගාන්ස්ක් සමූහාණ්ඩු ආශ්‍රිතව ක්‍රියාත්මක සන්නද්ධ කන්ඩායම් විදෙස් ත්‍රස්ත සංවිධාන ලෙස සැලකීමට ඉඩ ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.වාර්තාව දින 90ක් තුළදී ලබා දිය යුතුය.ඉන්පසු සෙනට් සභාව සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය මගින් පනත සම්මත විය යුතු අතර අවසානයේදී ජනාධිපතිවරයා තම අත්සන යොදා එය සහතික කළ යුතුය.

විදෙස් සම්බන්ධතා කමිටුව තම ක්‍රියාකාරකම් තීව්‍ර කරනු ලැබුවේ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්‍රො මහතා වොෂින්ටනයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් හමුවී දිනකට පසුව වීම විශේෂත්වයකි.

Jeewantha Jayathissa
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More