බර්ලින පාලනය රුසියාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ස්වාභාවික වායු නල මාර්ග ව්‍යාපෘතිය හා සම්බන්ධවී සිටින යුරෝපා සමාගම් වලට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරන බවට අමෙරිකාව කරනු ලබන තර්ජනයට කිසිදු ආකාරයකින් සහයෝගය නොදක්වන බව නැවත වරක් අවදාරණය කරනු ලැබුවේය.
ජර්මානු විදේශ අමාත්‍ය හෙයිකෝ මාස් මහතා පවසා සිටියේ ” යුරෝපයේ බලශක්ති ප්‍රතිපත්ති නිර්මානය කරනු ලබන්නේ යුරෝපය විසින් මිස අමෙරිකා එක්සත් ජනපදය විසින් නොවෙයි.අප ඕනෑම බාහිර මැදිහත් වීමක් ප්‍රතික්ෂේප කරනු ලබනවා පමණක් නොවෙයි අපේ භූමියෙන් පිටත වාසීන් ඉදිරිපත් කරනු ලබන සම්බාධක පැන්වීමේ තර්ජන බැහැර කරනු ලබනවා” යනුවෙනි.
ජර්මානු විදේශ ඇමතිවරයා එසේ පවසා සිටියේ එළඹෙන නත්තලට පෙර අනුමත කිරීමේ අරමුනින් රුසියාවේ නෝර්ඩ් ස්ට්‍රීම්2 ව්‍යාපෘතියට සම්බාධක පැනවීම පිණිස අමෙරිකාව ඉදිරිපත් කර ඇති 2020 ජාතික ආරක්ෂක අධිකාරී පනත සම්බන්ධව අදහස් දක්වමිනි.
නෝර්ඩ් ස්ට්‍රීම්2 ව්‍යාපෘතියේ උප කොන්ත්‍රාත් කරුවන් ලෙස ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රියාව යන රටවල සමාගම් කටයුතු කරනු ලබයි.
පසුගිය සතියේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්‍රො අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ හමුවූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ ” නෝර්ඩ් ස්ට්‍රීම්2 ව්‍යාපෘතිය හෝ ටර්ක්ස්ට්‍රීම් ව්‍යාපෘතිය නවතාලීමට කටයුතු නොකරන බවට මම තහවුරු කරමි” යනුවෙනි.
නෝර්ඩ් ස්ට්‍රීම්2 ව්‍යාපෘතිය රුසියාවේ බෝල්ටික් මුහුදු වෙරලේ සිට ජර්මනිය දක්වා දිවෙන වර්ෂයකට ස්වාභාවික වායු කියුබික් මීටර මිලියන 55ක් යුරෝපා පාරිභෝගිකයන්ට සපයන ව්‍යාපෘතියකි. මෙය ලබන වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘතියකි.නල පද්ධතිය වැටී තිබෙන රුසියාව, ෆින්ලන්තය,ස්වීඩනය,ඩෙන්මාර්කය සහ ජර්මනිය යන රටවල් දැනටමත් මෙම ව්‍යාපෘතිය අනුමත කර ඇත.
අමෙරිකාව මෙම ව්‍යාපෘතිය දිගින් දිගටම විවේචනය කරමින් උත්සහා කරනු ලැබුවේ අමෙරිකාවේ නිශ්පාදිත ද්‍රව ස්වාභාවික වායු යුරෝපයට විකිනීමටය.රුසියාවේ නිෂ්පාදිත ස්වාභාවික වායු වලින් 50%කට වඩා යුරෝපයට අලෙවිකරන අතර එම නල මාර්ග වැටී තිබෙන්නේ යුක්‍රේනය හරහායි. නෝර්ඩ් ස්ට්‍රීම්2 යනු එම ස්වාභාවික වායු සැපයුම් මාර්ගයේ තත්වය තව තවත් ඉහළ නැංවීම පිණිස ඉදිකරනු ලබන අතිරේක නල මාර්ගයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...