ස්වාධීන නිරීක්ෂකයන් විසින් කරනු ලැබූ සමීක්ෂන වලට අනුව බ්‍රිතාන්‍යයේ මෙතෙක් ප්‍රකාශිත ඡන්දවලින් කන්සර්වේටිව් පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තාවේ.
ඔවුන්ගේ සමීක්ෂනයට අනුව කන්සර්වේටිව් පක්ෂය මේ වනවිට ආසන 355 ක් දිනාගැනීමට ඉඩ ඇති බව පැවසේ. ලේබර් පක්ෂය සමීක්ෂන වලට අනුව ආසන 202ක් දිනා ඇතැයි කියවේ.
ස්කොට් ජාතික පක්ෂය (ස්කොටිෂ් නැෂනල් පාර්ටි ) ආසන 48ක් දිනා ඇති බවට පුරෝකතනය කරති. තවද ලිබරල් ඩිමොක්රටික් පක්ෂය ආසන 10 ක් දිනා ගැනීමට ඉඩ ඇති බව පැවසෙන අතර එකසත් ඩිමෝක්රටික් පක්ෂය ආසන 8ක්ද අනෙකුත් පක්ෂ ආසන 14ක්ද දිනා ගැනීමට ඉඩ ඇතැයි කියවේ.
කම්කරු පක්ෂයේ මැතිවරණ ප්රකාශනයට ශ්‍රී ලංකාව රාජ්‍යයන් දෙකක් බවට පත් කිරීමට සහයෝගය පළකරන බව ඇතුලත් කර තිබූ අතර එම ප්රකාශනයට ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙන්ම නේස්බි සාමිවරයා වැනි කීර්තිමත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ල වුවද කම්කරු පක්ෂය එම ප්රකාශනය ඉල්ලා අස් කරගත්තේ නැත.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...