සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත ඉතා බරපතල එකක් බවත් පාර්ලිමේන්තුවේදී එය පරාජය කිරීමට ක්‍රියා කරන බවත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිතුමනාපයට ණය ලබාගැනීම සඳහා මෙමගින් මුදල් අමාත්‍යවරයාට බලය පැවරෙන බවත් මෙය රටේ ආර්ථිකයට යහපත් කාරණයක් නොවන බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.
පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත පරාජය කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරම මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගවලට යන ලෙසටද හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී උපදෙස් ලබාදෙන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...