දේශීය පුවත්

ආණ්ඩුව ඉල්ලා අස්වී වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකරමින් ජනරැළි මාලාවක් රටපුරා සංවිධානය කිරීමටත් එම ජනරැළි මාලාවේ ආරම්භක ජනරැළිය මාර්තු මුල් සතියේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ පැවැත්වීමටත් ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. 20 වැනිදා රාත්‍රි මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.

මෙම සාකච්ඡාවල සහභාගීවූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ නුගේගොඩින් ආරම්භ කෙරෙන මෙම ජනරැළි මාලාව දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සැලසුම් කරන බවයි.

මෙම ජන රැළි මාලාව සඳහා ආණ්ඩු විරෝධි සියලුම බලවේග සම්බන්ධ කරගන්නා බවද වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වත්මන් ජාතික ආණ්ඩුව ඉල්ලා අසවී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවනතුරු මෙම විරෝධතා රැළි හා විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව සිදුකරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More