අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, අධ්‍යක්‍ෂව සිටි ශානි අබේසේකර, රටින් පැන ගිය නිශාන්ත සිල්වා කන්දප්පා, සහකාර පොලිස් අධිකාරී තිසේරා ඇතුළු කල්ලිය විසින් පසුගිය කාලයේ සිදුකළ විමර්ශන පක්‍ෂග‍්‍රාහී සහ සැකයට තුඩුදුන් ආන්දෝලනාත්මක ඒවා බව අප අනාවරණය කරනු ලැබුවේ බොහෝ කලක සිටය.
එසේ පක්‍ෂග‍්‍රාහීව විමර්ශන සිදු කෙරුණු බව මේ වන විට මව්වරුන්ට රහසේ ව`ද සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ලවූ කුරුණැගල රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් සිද්ධියෙන් තහවුරැු වීද අවසන්ව ඇත.
පසුගියදා එම නඩුව කුරුණැගල අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ ඒ බව හෙළි කෙරෙන සිදුවීමක් අධිකරණය ඉදිරියේ දිගහැරිණි.
කුරුණෑගල පොලිස් අත්අඩංගුවේ සිටියදී තමන් භාරයට ගත් වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
ඒ විමර්ශන අවසානයේ අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සාෆිට ඇප හිමිවීමේදී පැනවුණු එක් කොන්දේසියක් වූයේ සෑම සතියකට වරක්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටිය යුතුය යන්නය.
එවන් ඇප කොන්දේසියක් පැනවී තිබුණද පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී වෛද්‍ය සාෆි සීඅයිඞීයට පැමිණි නැති බව පසුගියදා එම නඩුව විභාග වෙද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
එහිදී වෛද්‍ය සාෆි සහබ්දීන්ගේ නීතිඥවරුන් ස`දහන් කරනු ලැබුවේ සිය සේවා දායකයා මඩකලපුව ප‍්‍රදේශයට ගොස් සිටියදී කොළඹ පැමිණීමට අසීරු බැවිනි් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිව සිටියදී රටින් පැන ගිය නිශාන්ත සිල්වා කන්දප්පාගේ සහ ඒඑස්පී තිසේරාගේ අවසර මත මඩකලපුව සීඅයිඞී ඒකකයේ අත්සන් තැබූ බවය.
මෙහිදී පැන නැගෙන බරපතළ ගැටලූව වන්නේ මේ අන්දමින් අධිකරණ නියෝගයක් වෙනස් කිරීමට ඒඑස්පී තිසේරාට සහ නිශාන්ත සිල්වා කන්දප්පාට බලය ලැබුණේ කෙසේද යන්නය.
එවන් බලයක් කොහෙත්ම ඒඑස්පී තිසේරාට සහ කන්දප්පාට නැත. මෙය පැහැදිලිවම අධිකරණයට කරනු ලැබූ අපහාසයක් ලෙස පෙනී යන්නකි. එසේ වුවද මේ මොහොතේත් ඒඑස්පී තිසේරා කිසිදු ගැටලූවකින් තොරව පොලිසියේ රාජකාරි කරන්නේය.
යම් ලෙසකින් තිසේරලා විසින් පසුගිය කාලයේ දඩයම් කරනු ලැබූ බුද්ධි අංශ නිලධාරියකු අධිකරණයෙන් ඇප හිමිවීමෙන් පසු මේ අන්දමට නොපැමිණියේ නම් ඒඑස්පී තිසේරලාගේ හැසිරීම මෙසේ වනු ඇතිද?
නැත. එවැන්නක් වැරදීමකින් හෝ සිදුවූයේ නම් ශානි අබේසේකර, තිසේරා ඇතුළු කල්ලිය විසින් අධිකරණයට කරනු ලබන කරුණු වාර්තා කිරීම හමුවේ නියත වශයෙන්ම අදාළ බුද්ධි අංශ නිලධාරියාට සිදු වනුයේ ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් නඩුව අවසන් වනතුරු සිරබත බුදින්නටය.
මේ අනුව බලන කල බුද්ධි අංශ දඩයම තුළදී ජාතික ආරක්‍ෂාව වනසා දමමින් සිදු කරනු ලැබූ කාලකණ්ණි වැඩ කොතෙක් පෙන්වා දුන්නද මහාමේරු පර්වතය සේ නොසැළී කැකිල්ලේ විමර්ශන කි‍්‍රයාදාමය දිගටම කරගෙන ගිය ශානි අබේසේකර. ඒඑස්පී තිසේරා සහ නිශාන්ත කන්දප්පා ඇතුළු කල්ලියේ සිත් වෛද්‍ය සාෆි ඉදිරියේ උණු වී තිබෙන්නේ පුදුමසහගත අයුරිනි.
කල්පනා කර බලන විට මොවුන් ව`ද දොස්තර සාෆි සහබ්දීන් ඉදිරීයේ නීතිය නැවීමෙන් පමණක් නතර වී නැත. කල්ලියම සිට ඇත්තේ තුන්තිස් පැයේ සාෆි ඉදිරියේ දෙකට නැවීගෙනය. ජාතියේ මව්වරුන් දරු දුකින් වැළපෙද්දී තරු, පටි පමණක් නොව ධර්මචක‍්‍රයද උර පැළ`දගත් මේ කුණු ක`දන් හැසරී ඇත්තේ මොනතරම් අලජ්ජී අන්දමටද? කොතරම් පහත් ආකාරයටද?
මෙසේ වෛද්‍ය සාෆි සහබ්දීන් ඉදිරියේ කො`දු බි`දගෙන ලීලෙ පෑ සීඅයිඞී කල්ලිය පසුගිය කාලයේ යුද සහ නාවික බුද්ධි නිලධාරීන්ට එරෙහිව කළ විමර්ශනවලදී සියල්ල සිදුකරමින් සිටින්නේ විජාතික බලවේග සහ කොටිහිතවාදී ඩයස්පෝරාවේ කොන්ත‍්‍රාත් ලෙසින් බව අප රටට පෙන්වා දුන් වාර අනන්ත අප‍්‍රමාණ විය.
එහිදී කිසිදු හිරකිතයකින් තොරව ලෝකයට අනාවරණය කළ රාජ්‍ය සහ යුද රහස්ද බොහෝ විය. යුද්ධයෙන් පසුවත් ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන්ම බුද්ධි අංශ විසින් කි‍්‍රයාත්මක කරතිබූ ජාත්‍යන්තරය දක්වා විහිදී ගිය කි‍්‍රයාන්විත කිහිපයක්ම මේ විමර්ශනවලට මුවා වී සම්පූර්ණයෙන්ම වනසා දමන්නට මොවුහු කටයුතු කළහ. යුද හමුදාව කි‍්‍රයාත්මක කරතිබූ ඔපරේෂන් ‘ඩබල් එජ්’ මෙහෙයුම සහ නාවික බුද්ධි අංශ සිදු කළ ‘බ්ලැක් ෆෝකස්’ මෙහෙයුම මෙහිදී උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.
විශේෂයෙන් ප‍්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනයේදී සහ වැල්ලවත්තේදී තරුණයන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගත්තේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව සිදු කළ විමර්ශනයේදී කෙරුණු එවන් කුජීත වැඩ බොහෝ විය.
ලසන්ත ඝාතනය, තාජුඞීන් සිද්ධිය, වැලිකඩ කැරැුල්ල, රවිරාජ් ඝාතනය, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, ආදී ලෙසින් පසුගිය කාලයේ ශානි අබේසේකර, නිශාන්ත සිල්වා කන්දප්පා සහ තිසේරා ඇතුළු කල්ලිය යුද සහ නාවික බුද්ධි අංශවලට එරෙහිව පසුගිය කාලයේ කරනු ලැබූ විමර්ශන සියල්ලේදීම පාවා දීම හැර වෙනත් කිසිත් සිදු නොවීය.
එක් අයකු දෙන්නකු නොව දහස් ගණනින් බුද්ධි නිලධාරීන් සීඅයිඞීයට කැ`දවා ප‍්‍රශ්න කරනු ලැබීය. ඔවුන්ගේ ඇ`ගිලි සලකුණු සටහන්, අත්අකුරු සටහන්, රහස් ඡුායාරූප ආදිය ලබා ගනිමින් අනන්‍යතාව අනාවරණය වන ආකාරයෙන් කටයුතු කළේය.
අද එකී තොරතුරු සේම අධිකරණ නියෝග අනුව සීඅයිඞීය යුද හමුදාවෙන් ලබාගත් බොහෝ සංවේදී තොරතුරු ද නිශාන්ත සිල්වා කන්දප්පා විසින් ස්විට්සර්ලන්තයට රැුගෙන ගොස් අවසන් බව ඉකුත් දිනවල සීඅයිඞීය තුළින්ම කියැවිණි.
නිශාන්ත කන්දප්පා ඇතුළු මෙකී කල්ලිය සිදු කළ කිසිදු විමර්ශනයකට පැහැදිලි සාක්‍ෂි තිබුණේ නැත. එහෙත් බුද්ධි නිලධාරීන් එක පෙළට සිරගත කිරීම නම් සිදු විය. පැහැදිලි සාක්‍ෂි නොතිබුණාට සාක්‍ෂි නිර්මාණය කිරීම සහ රජයේ සාක්‍ෂිකරුවන් ලෙස බුද්ධි නිලධාරීන් බිලිබා
ගැනීමට ගත් උත්සාහයන් නම් බොහෝ විය.
විජාතික බලවේග සහ කොටි ඩයස්පෝරාව සම`ග සුසංයෝගීව සියල්ල පසුපස සිටියේ රාජිතලා මංගල සමරවීරලා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ ද්‍රෝහී බලවේග බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. රාජිත සේනාරත්නගේ සහ මංගලගේ ඒ අලජ්ජී හැසිරීමේ තරම මේ වන විට රට ඉදිරියේ හෙළදරව් වී තිබෙන්නකි.
මෙසේ පසුගිය රජය පැවති සිව් වසරක කාලය පුරා සිදු කෙරුණු බුද්ධි අංශ දඩයම අතරේ ඉකුත් ජනාධිපතිවරණයට රට මුහුණ දෙමින් සිටියදී සීඅයිඞීය තුළින් මතුවූ තවත් කුමන්ත‍්‍රණයක්ද විය.
එහිදී ශානි අබේසේකර, නිශාන්ත කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලියේ ඉලක්කය වී තිබුණේ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ඔවුන් එතෙක් කළ විමර්ශන අනුව කෙසේ හෝ මහාධිකරණ හමුවේ නඩු පැවරෙන තැනට කටයුතු කිරීම වූහ.
ඒ තුළ අරමුණු දෙකක් තිබිණි. එකක් වූයේ මොන අන්දමින් හෝ පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රබලම අපේක්‍ෂකයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කරමින් ජාතිකවාදී ක`දවුරේ ජයග‍්‍රහණය වැළැක්වීම විය.
දෙවැන්න වූයේ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව නඩු විභාග කෙරෙද්දී ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සලයට අවශ්‍ය සාක්‍ෂි මෙරට අධිකරණයක් තුළින්ම නිර්මාණය කර දීමය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය පෙනෙන මානයේ තිබියදීත් ශානි අබේසේකර, නිශාන්ත සිල්වා කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලිය සිටියේ එතැනය. මෙසේ අරමුණු දෙකක් ඉලක්ක කරමින් සීඅයිඞීය දියත් කළ කුමන්ත‍්‍රණයට අනුව පසුගිය කාලයේ සිදු කළ විමර්ශන අතරින් කෙසේ හෝ මහාධිකරණ හමුවේ නඩු පැවරීමක් සිදු කිරීම සඳහා ඔවුන් තෝරාගත් සිදුවීම් දෙකක් තිබිණි.
වැල්ලවත්තේදී තරුණයන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගත්තේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව සිදුකළ විමර්ශනය ඉන් එකකි. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී එයට අවශ්‍ය වටපිටාව සැකසෙමින් තිබුණද අවසානයේ සීඅයිඞීයේ බලාපොරොත්තු සුන් කරමින් එය ව්‍යර්ථ වී
ගියේය.
පසුගිය කාලයේ සිදුකළ ප‍්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනය මෙහිදී සීඅයිඞීයේ දෙවැනි තෝරා ගැනීම විය. එහිදී සීඅයිඞීයට ජය අත්විය.
ප‍්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය හමුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ කර්නල් ශම්මි කුමාරරත්න ඇතුළු බුද්ධි නිලධාරීන් හත් දෙනකුට කොළඹ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ එක් නඩුවක් පැවරුණි.
කර්නල් ප‍්‍රබෝධය සිරිවර්ධන ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධෘරීන් නව දෙනකුට එරෙහිව හෝමාගම මහාධිකරණය ඉදිරියේ තවත් නඩු පැවරීමක් සිදු විය.
එසේ වුවද මේ මොහොත වන තුරුත් ප‍්‍රගීත්
එක්නැලිගොඩ මැරිලාද නැද්ද යන්න පිළිබ`ද ශානි අබේසේකර, කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලිය නොදන්නේය.
මේ නඩු දෙකම පැවරී තිබෙන්නේ ඉකුත් යුද සමයේ සහ ඉන් පසුවද ජාත්‍යන්තරය දක්වා විහිදී ගිය ‘ඔපරේෂන් ඩබල් එජ්’ මෙහෙයුම ඇතුළු රට වෙනුවෙන් බුද්ධි මෙහෙයුම් රාශියක් දියත් කරමින් සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ ගිරිතලේ පිහිටි යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් පිරිසකට එරෙහිවය.
වෙලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ ඉකුත් යුද සමයේ සහ ඉන් පසුවද ගිරිතලේ බුද්ධි ක`දවුර යනු මෙරට ප‍්‍රතිබුද්ධි මෙහෙයුම්හි මර්මස්ථානයක්ව තිබුණකි.
එහිදී සිදු කෙරුණු ජාතික ආරක්‍ෂාවට අතිශය වැදගත් ශී‍්‍ර ලංකා යුද හමුදාවට පමණක්ම ආවේනික වූ ඉතාම රහසිගත සංවේදී ප‍්‍රතිබුද්ධි මෙහෙයුම් බොහෝ විය.
එසේ තිබියදී එහි රාජකාරී කළ යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන්ට එරෙහිව ශානි අබේසේකර, නිශාන්ත කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලිය සිදුකළ ප‍්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනයට අනුව පැවරී ඇති කොළඹ ති‍්‍රපුද්ගල මහාධිකරණයේ නඩුව අද (18 වැනිදා* විභාග වීමට නියමිතව ඇත.
හෝමාගම මහාධිකරණයේ නඩුව හෙට (19 වැනිදා* විභාගයට ගැනෙන්නේය. මෙහිදී අපි වගකීමෙන් ස`දහන් කරන්නෙමු. ගරු අධිකරණයේ කි‍්‍රයාවලිය පිළිබ`ද අපට කිසිදු ගැටලූවක් නැත. අප මේ කියන්නේ ඉන් පරිභාහිරව සිදුවන කතාවය.
මේ මොහොත වන විට ප‍්‍රගීත් එක්නැලිගොඩ මැරිලාද නැද්ද යන්න නොදැන සිටියද ඉහත කී බුද්ධි නිලධාරීන්ට මිනී මරුම් චෝදනා එල්ල කරමින් ශානි අබේසේකර සහ ඒඑස්පී තිසේරා විසින් මෙහෙයවනු ලැබූ විමර්ශනයේ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා වූ නිශාන්ත සිල්වා කන්දප්පා සිටිනුයේ සිය දරුපවුලද සම`ගින් ස්විට්සර්ලන්තයට පැන ගොසිනි.
කන්දප්පාගේ එකී පැන යෑම සිදුව තිබෙන්නේ ද
පසුගිය කාලයේ බුද්ධි අංශවලට එරෙහිව සීඅයිඞීය සිදුකළ විමර්ශනවලදී එක්රැුස් කරගත් ජාතික ආරක්‍ෂාවට වැදගත් වන සංවේදී රහස් රාශියක්ද සම`ගය.
ස්විට්සර්ලන්තයේ ජීනීවාහිදී මීළ`ග මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇරඹෙන්නේ ලබන මාර්තු
මාසයේදී ය. මෙවර සැසිවාරය කෙසේ වෙතත් ජිනීවා ප‍්‍රහාරය යනු දිගින් දිගටම අපට එල්ල වන්නකි.
ඒ තත්ත්වය තුළ ගිරිතලේ තුන්වන යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන්ට එරෙහිව ප‍්‍රගීත්
එක්නැලිගොඩ සිද්ධිය හමුවේ නඩු දෙකක් විභාග වෙද්දී හරස් ප‍්‍රශ්න ඇසෙනු ඇත. එහිදී එළියට එන්නේ මොනවාද?
ගිරිතලේ වැනි මර්මස්ථානීය වූ බුද්ධි ක`දවුරක් තුළ සිදුවූ ශී‍්‍ර ලංකා යුද හමුදාවට පමණක් ආවේනික වූ ඉතාම සංවේදී යුද රහස් හෙළිදරව් නොවනු ඇතිද?
පසුගිය කාලය පුරාම බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන සිදු කළ ශානි අබේසේකර, නිශාන්ත සිල්වා කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලියේ ඉලක්කය වී තිබුණේද මේ වළට රට ඇද දැමීමය. මෙරට අධිකරණයක් තුළින්ම ජීනීවාවලට තොරතුරු අනාවරණය කර දීම ඔවුන්ගේ ඉලක්කය විය. මේ සිදු වන්නට යන්නේ ඒ මාවත විවර වීමක් නොවේද?
සමන් ගමගේ
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...