ව්‍යාපාරික පුවත්

උපරිම සිල්ලර මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දී ඇත.

එසේම එළැඹෙන උත්සව සමය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට නිකුත් කිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර සහ පාරිභෝගික ජනතාව කූට ව්‍යාපාරිකයන්ගෙන් බේරා ගැනීමට අවශ්‍ය විධිවිධාන ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

රට තුළ පවතින තොග තත්ත්වය සැලකිල්ලට ගෙන සහ ප‍්‍රධාන සැපයුම්කරුවන් සමඟ පැමිණි එකඟතාවකට අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ලෙසට ගැසට් කර තිබිණි.

රජය මගින් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, එම නිසා මින් ඉදිරියට සහල් සැපයුම් මධ්‍යස්ථානවල තොග පරීක්‍ෂා කිරීම් දෛනිකව සිදුකරන ලෙසටත්, ඒවා මුදාහැරීමට කණ්ඩායමක් පත්කරන ලෙසටත් ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත.

මෙයට සමගාමීව පිටකොටුවේ සහ සෙසු ප‍්‍රධාන වෙළෙඳ පොළේ සහල් සැපයුම්කරුවන් පිළිබඳව පරීක්‍ෂා කිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසටද ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබේ. වැට් බද්ද ඇතුළු අනිකුත් බදු සංශෝධනය කරමින් සහන ලබාදී තිබෙන මෙවැනි අවස්ථාවක අනවශ්‍ය ලෙස සහල් ආනයනය හෝ වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු සඳහා වෙනත් ආකාරයේ රජයේ මැදිහත්වීමකට ඉඩ නොතබන ලෙසටද ජනාධිපතිවරයා වී මෝල් හිමියන්ගෙන් සහ වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ආර්ථික සේවා ගාස්තු ඉවත් කිරීම ඇතුළු ලබාදී තිබෙන වෙනත් සහන හේතුවෙන් සහල් හිමියන්ට සහ වෙළෙඳුන්ට ප‍්‍රතිලාභ හිමිවුවත් එම සහනය මහජනතාවට ලබාදීමට මෙතෙක් අපොහොසත් වී ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More