* පළමුවැනි මහා බැංකු බැඳුම්කර නොතකා ‘19. සම්මත කිරීමට එවකට ජනාධිපති සම්මාදම් වූයේ ඇයි?
* නව ජනපතිවරයා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත මුහුණ දෙන බාධක
* රනිල් උතුර ‘හංසයාට’ දිනා දීම
* සජිත්, අනුර සහ මහේෂ් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ බලවේග මුහුණ දෙන අභියෝගය
* සරත් වීරසේකරගේ භූමිකාව
* මැති සබය නැවත ශීලාචාර කිරීමේ අවශ්‍යතාව
ජනාධිපතිවරණයේදී ශී‍්‍ර ලංකාව තනි මැතිවරණ බල ප‍්‍රදේශයකි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මීට පෙර පැවැත්වූ කිසිදු ජනපතිවරණයකදී අපේක්ෂකයකු මුහුණ නොදුන් අභියෝගයකට ලක්විය. මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතික ඡුන්දය නොමැතිව ජනපතිවරණය ජය ගැනීම සුළු පටු අභියෝගයක් නොවේ. යාපනය” වන්නිය” ති‍්‍රකුණාමලය” මඩකලපුව සහ දිගාමඩුල්ල (අම්පාර) තමන්හට අහිමි වන බව ගෝඨාභය රාජපක්ෂ අවබෝධ කරගෙන සිටියේය.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසට ඉහත සඳහන් කළ මැතිවරණ දිස්ති‍්‍රක් පිළිබඳව සැකයක් තිබුණේ නැත. නමුත් උතුර සහ නැගෙනහිර ජයග‍්‍රහණය කිරීමට එජාපය ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ගිවිසුම්ගත වීම ද ‘සිංහල දකුණ. පේ‍්‍රමදාස ප‍්‍රතික්ෂේප කිරීමට හේතු විය.
හංසයා ලාංඡුනයෙන් තරග කළ පේ‍්‍රමදාසගේ දකුණේ පරාජය සිවිල් සමාජ බලවේග අන්ද මන්ද කළේය. එම පරාජය එජාපයට මෙන්ම දකුණේ තුන්වැනි බලවේගයක් බිහි කිරීමට කළ උත්සාහය ද අසාර්ථක කර දැම්මේය. එජාප ප‍්‍රමුඛ බලවේග ඉදිරිපත් කළ පේ‍්‍රමදාසගේ පරාජය සහ තුන්වැනි බලවේගයක් ගොඩනැඟීමට කළ උත්සාහය සුන්නද්¥ලි වීම සලකා බැලිය යුත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද වනවිට ශක්තිමත්ම ලියාපදිංචි පක්ෂය ලෙස තහවුරු වීම ද සැලකිල්ලට ගැනීමෙනි.
උතුර – නැගෙනහිර ඡුන්දය නොසලකා පේ‍්‍රමදාසට අනෙකුත් ප‍්‍රදේශවල ලැබුණ මහජන ප‍්‍රතිචාරය සලකා බැලිය යුතුය. ඇත්ත වශයෙන්ම සැබෑ තත්ත්වය මැතිවරණ කොමිසම අවසානයේ අවසානයේ ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂට 6”924”255 (52.25%* සහ සජිත් පේ‍්‍රමදාසට 5”564”239 (41.99%* වඩා බෙහෙවින්ම පරාජිතයාට අවාසිදායකය.
බහුතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ වැළඳ ගත්තේ එජාපය” සිවිල් සංවිධාන බලවේග” කොටි ත‍්‍රස්තවාදීන්ගේ පරාජය දරාගත නොහැකි දේශපාලන පක්ෂ සහ අනෙකුත් කණ්ඩායම් හිටපු ආරක්ෂක ලේකම්වරයා කිසිසේත්ම ජනාධිපති ධුරයට සුදුසු නොවන බව පුන පුනා පවසන තත්ත්වයක් යටතේදීය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ ඔහු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවේ. අදටත් ජනාධිපතිවරයා එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැත. ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව ඉදිරිපත් වූ සජිත් පේ‍්‍රමදාසට අමතරව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක (418”553/3.16%* සහ ජෙනරාල් මහේෂ් සේනානායක (49”655/ 0.37%* කම්මුතු කර දමා ඇත. අනුර කුමාරට සහ මහේෂ් සේනානායකට ඇපත් නැත. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සජිත් පේ‍්‍රමදාස” අනුර කුමාර සහ මහේෂ් සේනානායක ඉදිරිපත් කළ චෝදනා එක හා සමානය. එම පරාජිත අපේක්ෂකයන් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ බලවේග ගෝඨාභය රාජපක්ෂට ප‍්‍රබල චෝදනා කළේය.
* සජිත් පේ‍්‍රමදාස අපහසුවක් නොමැතිව ඇපය බේරා ගත්තේය. නමුත් එජාපයේ තත්ත්වය නැතහොත් හැසිරීම ඇපය අහිමි වූ පක්ෂයක් ලෙසය. ඇත්ත වශයෙන්ම එජාපය මුහුණ දෙන අභියෝගය ජවිපෙ මුහුණ දෙන තත්ත්වයට වඩා බරපතළය. සිවිල් සමාජයේ අපේක්ෂා සම්බන්ධයෙන් කතා කිරීම නිෂ්ඵලය.
2019 ජනපතිවරණය දකුණේ බහුතර ඡුන්දයෙන් ශී‍්‍ර ලංකාව ලෙස හැඳින්වෙන මැතිවරණ බල ප‍්‍රදේශය පහසුවෙන් ජයගත හැකි බව පෙන්නුම් කළේය. එම ප‍්‍රතිඵලය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා පරාජය කළා පමණක් නොව එජාපය ද බරපතළ අර්බුදයකට හෙළා ඇත. ජවිපෙ අර්බුදය ද බරපතළය. තුන්වැනි බලවේගය ලෙස තම පක්ෂයට ස්ථාවරත්වයක් ලබා ගැනීමට කළ උත්සාහය අසාර්ථකය. ජනපතිවරණයේදී ලැබූ අන්ත පරාජය අනුව 2020 මහ මැතිවරණයේදී ජවිපෙ තත්ත්වය ඉතාමත් නරක විය හැක. මෙම ලියුම්කරු මීට මාස කිහිපයකට පෙර ඉරිදා දිවයිනේ පළ කළ ලිපියකින් පෙන්වා දුන්නේ ජවිපෙට 2019 ජනපතිවරණයට ඉදිරිපත් වීමට ශක්තියක් නැති බවය. ඇත්ත වශයෙන්ම ජවිපෙ තනි විය. ජවිපෙ බලවත් ලෙස විශ්වාසය තැබූ සිවිල් සමාජ බලවේග භූමියේ තත්ත්වය තේරුම් නොගත් බව පැහැදිලිය.
‘සිංහල දකුණට. සිවිල් සමාජ බලවේග අදාළ නොවීය. 2018 පෙබරවාරි 10 දින පැවැති පළාත් පාලන ආයතන ඡුන්දයේදී ඡුන්ද දායකයන් එජාපයට සහ ශී‍්‍රලනිපයට අමතක නොවන පාඩමක් ඉගැන්වීය. පක්ෂ දේශපාලනයට නවකයකු වූ ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයේදී ලබාගත් ජයග‍්‍රහණය අසමසමය.
2018 පෙබරවාරි ඡුන්දයෙන් අති බහුතර පළාත් පාලන ආයතන සහ ජනාධිපතිවරණය ජයග‍්‍රහණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්ය. 2020 අපේ‍්‍රල් – මැයි පැවැත්වෙන මහ මැතිවරණයේ සහ ඉන්පසු පැවැත්වෙන පළාත් සභා ඡුන්දයෙන් පසු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තල හතරේම බලය එක ස්ථානයකට කේන්ද්‍ර කරනු ඇත. එම අද්විතීය බලය ජනතාවගේ යහපත සඳහා යෙදවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පරම යුතුකම වේ. ජනපතිවරයාට එම වගකීමෙන් ගැලවිය නොහැක.
ගෝඨාභය රාජපක්ෂ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකයා තබා සාමාජිකයකු ද නොවේ. නමුත් එතුමාට ඡුන්දය දුන් ලක්ෂ 70 කට ආසන්න ජනතාව විශ්වාසය තබා ඇත්තේ ජනාධිපතිවරයා කෙරෙහිය.
ගෝඨාභය රාජපක්ෂට පළාත් සභාවක අත්දැකීම් නැත. පළාත් සභා සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එයමය. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මක කරන මැති සබයේ ද එතුමා අත්දැකීම් ලබා නැත. නමුත් ජනපති ලෙස දිවුරුම් දුන් පසු එතුමා අපූරු ආදර්ශයක් මහජන නියෝජිතයන්ට ලබා දුන්නේය.
ජනාධිපතිවරයා සාමාන්‍ය ගුවන් මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වීම සහ පැමිණීම මහජන නියෝජිතයන්ට බලවත් බලපෑමක් කරනු ඇත. ජනාධිපතිවරයා සිට පහළට පළාත් පාලන ආයතන නියෝජිතයා දක්වා කරන නාස්තිකාර වියදම් ජනතාව පිළිකුල් කරයි.
නව ජනාධිපතිවරයා සහභාගි වන උත්සව සංඛ්‍යාව යම්කිසි ආකාරයකට සීමා කිරීමෙන් රටට ආදර්ශයක් දිය හැක. ජනාධිපතිවරයා දිනපතා උත්සව” රැුස්වීම්” හමුවීම්වලට සහභාගි විය යුතු යැයි නියමයක් නැත. අප රටේ අවාසනාවකට නායකයන් ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගන්නේ නැත. සෑම දෙයක්ම දේශපාලනය නොවන බව සියලූම දේශපාලන පක්ෂ තේරුම්ගත යුතුය.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන් නොනිදා මහජන සේවයේ යෙදෙන බව සජිත් පේ‍්‍රමදාස පැවසීය. ජනතාව සමග ජීවිතය පිදීමට සූදානම් බව ද පැවසීය.
‘හංසයා. පොරොන්දු ගොන්නක් ජනතාවට දුන්නේය. පොරොන්දු අතින් ‘හංසයා. පොහොට්ටුවට ඉදිරියෙන් සිටි බව පැහැදිලිය. ‘හංසයා. කාන්තා ඡුන්දදායකයන්ට සනීපාරක්ෂක තුවා පවා ලබාදීමට පොරොන්දු විය. නමුත් ‘සිංහල දකුණ. හංසයා ප‍්‍රතික්ෂේප කළේය. උතුර සහ නැගෙනහිර ඡුන්දය ලබා දුන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය පෙනී සිටින රට බෙදීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීමටය. උතුරට අපේක්ෂකයා අදාළ නැත. ද්‍රවිඩ ජාතික සන්ධානය සහයෝගය පළ කරන ඕනෑම අපේක්ෂකයකුට ඡුන්දය දීමට උතුර සහ නැගෙනහිර සැදී පැහැදී සිටී.
උතුරේ ඡුන්දය තේරුම්ගත යුතුය. උතුරේ අපේක්ෂා වටහා ගත යුතුය.
එජාපයේ අවාසනාවකට උතුරේ ඡුන්දය තේරුම් ගෙන නැත. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සිරිකොතේදී මෑතකදී අපූරු පැහැදිලි කිරීමක් කළේය. සජිත් පේ‍්‍රමදාසගේ කණ්ඩායම ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයාගේ පරාජය වික‍්‍රමසිංහ සහ සිරිකොත කර මත පැටවීය. නවීන් දිසානායක සහ අකිල විරාජ් කාරියවසම් දෙපසින් තබාගෙන වික‍්‍රමසිංහ පැවසුවේ උතුර – නැගෙනහිර ඡුන්දය සජිත් පේ‍්‍රමදාසට ලබා දීමේ වගකීම තමන්හට තිබූ බවත් එම වගකීම නොපිරිහෙලා ඉටු කළ බවත්ය. උතුරේ සහ නැගෙනහිර ඡුන්දය ලබා ගැනීම පහසුය. යම් දේශපාලන බලවේගයක් රටේ ඒකීය භාවය බිල්ලට දීමට සූදානම් බව වටහාගත් සැණින් ද්‍රවිඩ ජාතික සන්ධානය එම කණ්ඩායම ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී සිටියි.
2001 දී කොටි ත‍්‍රස්තවාදීන්ගේ මැදිහත් වීමෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය පිහිටුවීය. එම වකවානුව ත‍්‍රස්තවාදයේ ‘ස්වර්ණමය. යුගය ලෙස හැඳින්වූවාට වරදක් නැත. ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සහ මිනීමරු ත‍්‍රස්තවාදීන් යහන්ගත විය. 2009 මැයි වනතුරු ත‍්‍රස්තවාදීන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානය එක පෙරමුණක කටයුතු කළේය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මරා දැමීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානය නව මාවතකට යොමු විය. 2005 නොවැම්බර් ජනපතිවරණයේදී එජාපයෙන් ඉදිරිපත් වූ රනිල් වික‍්‍රමසිංහ කොටි ත‍්‍රස්තවාදීන් සමග එකතු වී පරාජය කළ ද්‍රවිඩ ජාතික සන්ධානය 2010 ජනපතිවරණයේදී නව කි‍්‍රයාමාර්ගයක් ගත්තේය. 2005 ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත‍්‍රස්තවාදීන් සමග එකතු වී උතුරේ ද්‍රවිඩ ජනතාවට ඡුන්දය දීම තහනම් නොකළා නම් එම ජනපතිවරණයේ ජයග‍්‍රාහකයා රනිල් වික‍්‍රමසිංහය. එවකට අගමැති මහින්ද රාජපක්ෂ 2005 ජනපතිවරණය ජය ගත්තේ කොටි ත‍්‍රස්තවාදීන් ද්‍රවිඩ ඡුන්දය රනිල් වික‍්‍රමසිංහට අහිමි කරන නිසාය.
නමුත් කොටි ත‍්‍රස්තවාදීන් පරාජය වීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ පිටත පෙනී සිටියේය. කොටි ත‍්‍රස්තවාදීන් 2009 අතුගා දැමීමෙන් පසු පැවැති 2010 ජනවාරි” 2015 ජනවාරි සහ 2019 නොවැම්බර් ජනාධිපතිවරණ තුනේදීම ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපය ප‍්‍රමුඛ බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයාට සහයෝගය පළ කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය යුද අපරාධ සම්පූර්ණයෙන්ම දේශපාලන කි‍්‍රයාවලියකි. හමුදාවට චෝදනා නඟමින් ද්‍රවිඩ ජාතික සන්ධානය උතුර – නැගෙනහිර සියලූම ඡුන්ද දිස්ති‍්‍රක්ක සරත් ෆොන්සේකාට දිනා දුන්නේය. උතුර – නැගෙනහිර ඡුන්දය උඩින්ම දිනූ සරත් ෆොන්සේකා ඡුන්ද මිලියන 1.8 කින් පරාද විය. ‘සිංහල දකුණ. ෆොන්සේකා ප‍්‍රතික්ෂේප කළේය. 2015 ජනාධිපතිවරණයේදී මෛති‍්‍රපාල සිරිසේන ද්‍රවිඩ ජාතික සන්ධානයේ පිහිටෙන් ඡුන්ද මිලියන 6.2 ක් ලබාගෙන මහින්ද රාජපක්ෂ පරාජය කළේය. 2019 ජනපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාසට ද්‍රවිඩ ජාතික සන්ධානයේ උපරිම සහයෝගය ලැබුණ නමුත් බරපතළ පරාජයක් ලැබීය. සජිත් පේ‍්‍රමදාස උතුර සහ නැගෙනහිර ජයග‍්‍රහණය කළේය. දකුණ ‘හංසයා. කුණු කූඩයට දැම්මේය.
2019 ජනපතිවරණය ශී‍්‍ර ලංකාවේ දේශපාලනය වෙනස් කර ඇත. එජාපය පරාජය වූයේ සිංහල බෞද්ධ පදනම බිඳවැටීම නිසා බව පැවසීමට සිදුවීම ඇත්ත වශයෙන්ම අවාසනාවකි. සත්‍යය තත්ත්වය එය නොවේ. එජාපය පරාජය වූයේ රටේ බහුතරය සිංහලයන් බව අමතක කර දැමීම නිසාය. එජාපය වෙනුවෙන් ප‍්‍රසිද්ධ මාධ්‍යවල පෙනීසිටින පුද්ගලයන් කරන ප‍්‍රකාශ අනුව බලයේ සිටි පක්ෂය පරාජය වූයේ ඇයිදැයි අදටත් එම කි‍්‍රයාකාරීන්ට පැහැදිලි නැති බව තේරුම් ගැනීම අපහසු නැත.
එජාපය ප‍්‍රමුඛ කණ්ඩායමට ගෝඨාභය රාජපක්ෂ පෙනුණේ පොදු හතුරා ලෙසය.
ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය වටපිටාව ඇත්ත වශයෙන්ම නිර්මාණය කර දුන්නේ එජාප – ශී‍්‍රලනිප යහපාලන හවුලයි. ඒකාබද්ධ විපක්ෂය ද/ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ද එම කාර්යය කිරීමට යහපාලන හවුලට උපරිම දායකත්වය දුන්නේය.
පාර්ලිමේන්තුව නියෝජනය කළ ප‍්‍රධාන පක්ෂවල කි‍්‍රයා කලාපය මහජනතාව පිළිකුල් කරයි. මැති ඇමැතිවරු ජනතා අප‍්‍රසාදය” කෝපය පිළිබඳව දනී. පාර්ලිමේන්තුව මැති ඇමැතිවරු 225 සමගම ගිලා බැසීම ජනතාව ප‍්‍රාර්ථනා කරන බව මන්තී‍්‍රවරු මැති සබයේදී පවසති. හිටපු අගමැති වික‍්‍රමසිංහ පවා පාර්ලිමේන්තුවේ 225 පිළිකුල් බව පිළිගෙන ඇත.
ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ඇතුළු වන්නේ එවැනි තත්ත්වයක් තුළය. පාර්ලිමේන්තුව රටේ තිබෙන ¥ෂිතම ආයතනය බව හිටපු අධිකරණ ඇමැති ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මෑතකදී පිළිගත්තේය. එජාප මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ එලෙස පැවසුවේ මෙම ලියුම්කරු ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ මෑතකදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහුගෙන් ප‍්‍රශ්නයක් නැඟූ අවස්ථාවේදීය. පවතින පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ශී‍්‍ර ලංකාවට තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැක. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආභරණයක් කරගෙන මහජන නියෝජිතයන් තමුන්හට රිසි සේ හැසිරෙති. පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ දේශපාලන පක්ෂවල ඕනෑ එපාකම් ඉටු කරයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2015 දී පාර්ලිමේන්තුවේ සම්මත වන්නේ එජාපයේ සහ එවකට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ අවශ්‍යතාව මතය. ශී‍්‍රලනිපය නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ‘19. අවශ්‍ය වූයේ නැත. ඇත්ත වශයෙන්ම එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දිනට පෙර දින මන්තී‍්‍ර මහාචාර්ය ජී. ඇල්. පීරිස් ගේ නිවසේ රැුස්වූ එ. ජ. නි. ස. මන්තී‍්‍ර කණ්ඩායමක් ‘19 ට. එරෙහිව ඡුන්දය පාවිච්චි කිරීමට තීරණය කර තිබිණි. එම කණ්ඩායමේ සහයෝගය නොමැතිව අවශ්‍ය තුනෙන් දෙකේ බලය ‘19 ට. තිබුණේ නැත. එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
තම ජනපති ධුර අවසාන කාලයේදී මෛති‍්‍රපාල සිරිසේන දිගින් දිගටම කීවේ ‘19. ඉවත් කළ යුතු බවය. තමන් ‘19. සම්බන්ධයෙන් නොදන්නා බව ද පුන පුනා කීවේය. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද 19 වෙනසකට භාජන කළ යුතු බව පවසා ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ එකඟ වී ‘19. සම්මත කර ගත් බව අද අමතක වී ඇත. ඇත්ත වශයෙන්ම එජාපය සිවිල් සමාජ බලවේග සමග එක්වී ඉදිරිපත් කළ එම පනත සම්මත කර ගැනීමට අත්‍යවශ්‍ය පාර්ලිමේන්තු බලය ලබා දුන්නේ හිටපු ජනපති ශී‍්‍රලනිප නායක මෛති‍්‍රපාල සිරිසේනය. එදා ජී. එල්. පීරිස් මහතාගේ නිවසේදී ‘19 ට. එරෙහිව ඡුන්දය දීමට තීරණය කළ මහින්ද රාජපක්ෂට හිතවත් ඒකාබද්ධ විපක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම ගත් තීන්දුව වෙනස් කළේ මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාය. ඔහුගේ මැදිහත් වීම මත ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ එ. ජ. නි. ස. පාර්ලිමේන්තු කණ්ඩායම ඡුන්දය දුන්නේය. ජී. එල්. පීරිස් මහාචාර්යවරයාගේ නිවසේදී ගත් තීන්දුව කිසිදු හේතුවකට වෙනස් නොකරන බවට දිගාමඩුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය. ප‍්‍රබල බලපෑම් මධ්‍යයේ සරත් වීරසේකර තම ස්ථාවරයේ සිටියේය. ‘19 ට. එරෙහිව තම ඡුන්දය පාවිච්චි කළ එකම මන්තී‍්‍රවරයා ලෙස සරත් වීරසේකර ඉතිහාසයට එක් විය. සරත් වීරසේකර ගත් එම ස්ථාවරයට ජනතාවගේ ප‍්‍රසාදය ඔහුට හිමි විය යුතුය. එතුමා ගත් ස්ථාවරය අපකීර්තිමත් පාර්ලිමේන්තුවේ රිදී වලාවක් ලෙස හැඳින්වූවාට කම් නැත.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට එජාපයට අවශ්‍ය තුනෙන් දෙකේ බලය (පාර්ලිමේන්තුවේ 225 මන්තී‍්‍රවරුන්ගෙන් අවම ලෙස 151* මෛති‍්‍රපාල සිරිසේන ලබා දුන්නේ එජාපය පළමුවැනි මහ බැංකු වංචාවට චෝදනා ලබා සිටින විටදීය. පළමුවන මහ බැංකු වංචාව 2015 පෙබරවාරි 27 වාර්තා වූ අතර 19 පාර්ලිමේන්තුවේ සම්මත කිරීම 2015 අපේ‍්‍රල් අවසන් සතියේ සිදු විය. තම සහකරු මහ බැංකු වංචාවට චෝදනා ලබා සිටින විටදී එවකට ජනාධිපති ‘19 ට. පක්ෂ වීම මෙම ලියුම්කරුට අදටත් තේරුම්ගත නොහැක. ‘19 ට. එ. ජ. නි. ස. අත ඉස්සුවේ පළමුවැනි බැඳුම්කර වංචාව පිළිබඳව 13 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කොමිටියක් පරීක්ෂණයක් කරමින් සිටින විටදීය. 2015 පාර්ලිමේන්තු කි‍්‍රයා කලාපය පිළිබඳව පසු විපරමක් කළ යුතුය.
‘19.කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් බල කේන්ද්‍ර දෙකක් ඇති විය. හිටපු මන්තී‍්‍ර සරත් වීරසේකර හැර මුළු පාර්ලිමේන්තුව ‘19.කළ විනාශයට වගකිව යුතුය. ‘19.බලාත්මක වීම තුළ ඇමැති මණ්ඩලය 30 කට සීමා වන බව පැවසේ. නමුත් නොවැම්බර් 16 ජනපතිවරණයෙන් පසු පත්කළ ඇමැති මණ්ඩලය ද අගමැතිවරයා සමග 16 ක් විය. ඇත්ත වශයෙන්ම එය සතුටට කරුණකි. නමුත් පත්වීම් ලැබූ රාජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 38 කි. කැබිනට් ඇමැති සහ රාජ්‍ය ඇමැති සංඛ්‍යාව 54 කි. ‘19.සංශෝධනය විය යුතුය. නීතිය පැහැදිලි විය යුතුය. කැබිනට් ඇමැති” රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව ‘19 යේ. පැහැදිලිව සඳහන් විය යුතුය. ‘ජාතික ආණ්ඩු. යන ව්‍යාජ සංකල්පය මත කැබිනට්” රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුර ඇති කිරීම වැළැක්විය යුතුය.
සැබෑ වෙනසක් ඇති කිරීමට නම් කුමන පක්ෂය බලයේ සිටියත් කැබිනට්” රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුර පත් කිරීම ‘19.හරහා සීමා කළ යුතුමය. මෑතකදී කළ කැබිනට් පත්වීම්වලට පෙර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තනතුරු බෙදා ගැනීමේ ගැටලූව හෙළිදරව් කළේය.
ගම්මන්පිල පැවසුවේ අවම ලෙස හිටපු ඇමැතිවරුන් 38 දෙනකු ගෝඨාභය රාජපක්ෂ රජයේ අමාත්‍ය ධුර බලාපොරොත්තු වන බවය. ඔවුන්ට අමතරව දිස්ති‍්‍රක්ක නායකයන් ද ඇමැති ධුර ඉල්ලා සිටින බව පැවසීය. ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝගය හමුවේ තමාව ඇමැති ධුරයත් සඳහා සලකා බැලීමට අවශ්‍ය නැතැයි පැවසීය. මන්තී‍්‍රවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි පිටපතක් මෙම ලියුම්කරුට ද ඊමේල් මාර්ගයෙන් එවා තිබිණි. ඇමැති ධුරවලට මරා ගන්නා රටක අමාත්‍ය ධුරයක් ප‍්‍රතික්ෂේප කිරීම මුල් පිටුවේ ප‍්‍රවෘත්තියක් වීම පුදුමයක් නොවේ.
ගෝඨාභය රාජපක්ෂ මිලියන 7 කට ආසන්න ඡුන්ද ලබා නොවැම්බර් 16 ජනාධිපතිවණය දිනා ගත්තේය. සජිත් පේ‍්‍රමදාසට වඩා ඡුන්ද මිලියන 1.4 කට ආසන්න ප‍්‍රමාණයක් ගත්තේය. ජනාධිපතිවරයාට බොහෝ දුරට කටයුතු කිරීමට සිදුවන්නේ පාර්ලිමේන්තුව හරහාය. ‘19.යටතේ පාර්ලිමේන්තුවේ බලය තිබූ තත්ත්වයට වඩා සාපේක්ෂව වැඩිය.
එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ හැසිරීම කෙලෙස වේද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙන සැබෑ අභියෝගය පාර්ලිමේන්තුව හසුරුවා ගැනීමයි. අපේ‍්‍රල් අග – මැයි 2020 පැවැත්වීමට ඉඩ ඇති මහා මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නායකත්වය දෙනු ලබන බලවේගය මහ මැතිවරණය ජය ගනු ඇත. ජයග‍්‍රාහී කණ්ඩායමට අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සුළු බහුතරය ලබා ගැනීමට හැකිය. නමුත් මහජන නියෝජිතයන් සැබෑ ලෙස වෙනස් විය යුතුය. එසේ සැබෑ සිත් හැරීමකට මහජන නියෝජිතයන්ට ශක්තියක් තිබෙනවාද? දැනට එවැනි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැත. කැබිනට් අමාත්‍ය ධුර 16 සහ රාජ්‍ය අමාත්‍ය ධුර 38 ලබා දීමෙන් වර්තමාන රජය පවතින අර්බුදය නැවත වරක් පෙන්නුම් කර ඇත. මහ මැතිවරණයෙන් පසු අමාත්‍ය ධුර බෙදා ගැනීමේ බරපතළ ගැටලූවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මුහුණ දෙනු ඇත.
ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර 29 කි. ඡුන්දයෙන් තේරී පත් වන මන්තී‍්‍රවරු 196 කි. ජාතික ලැයිස්තුවේ (පත් කළ* මන්තී‍්‍රවරු සහ ජනතා ඡුන්දයෙන් තේරී පත් වන මහජන නියෝජිතයන්ගේ එකතුව 225. නමුත් ෂිත පාර්ලිමේන්තු ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය උඩු යටිකුරු කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනපති වීමට පෙර සිටි ජනපතිවරු කිහිප දෙනකුම පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයන් එවීමට ඡුන්ද දායකයන්ගෙන් ඉල්ලා ඇත. බොහෝ මහජන නියෝජිතයන් ද එම ඉල්ලීම කර ඇත. හිටපු කථානායකවරයකු වූ වි. ජෙ. මු ලොකුබණ්ඩාර පැවසුවේ පාර්ලිමේන්තුවට පත්කිරීම ඡුන්ද දායකයන්ගේ වගකීමක් බවය. පාර්ලිමේන්තු නියෝජිතයෝ ජනතාව රවටති. පාර්ලිමේන්තුව පිරිහීමට ප‍්‍රධාන හේතු දුසිමක් පමණ ඇත. වසර 70 ක පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන අප රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂවල හැසිරීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැක. මහ ඡුන්දයේදී ප‍්‍රතික්ෂේප වන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත්කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගමය. වර්තමාන පාර්ලිමේන්තුවේ එලෙස ප‍්‍රතික්ෂේ්්ප කළ මන්තී‍්‍රවරු දුසිමක් අවම ලෙස සිටිති. එම සංඛ්‍යාවෙන් භාගයකට වඩා එ. ජ. නි. ස. මන්තී‍්‍රවරුය. එජාපයත් තම ජාතික ලැයිස්තු ධුර අතරට එක පරාජිතයෙක් ඇතුළු කළේය. හය දෙනකුගෙන් සමන්විත ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ දෙදෙනකු (බිමල් රත්නායක” සුනිල් හඳුන්නෙත්ති* ජනතාව ප‍්‍රතික්ෂේප කළ අපේක්ෂකයන්ය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත මන්තී‍්‍රවරු ලෙස තම වගකීම ඉටු කර ඇත.
නව දේශපාලන සංස්කෘතියක් ගෙන ඒ්මට ප‍්‍රධාන පක්ෂ කටයුතු කළ යුතුය. ජනතාව ප‍්‍රතික්ෂේප කරනු ලබන කිසිදු අපේක්ෂකයකු ජාතික ලැයිස්තුවෙන් කිසිදු හේතුවකට හෝ පත් නොකරන බවට පොරොන්දු විය යුතුය. එවැනි කි‍්‍රයා මාර්ගයක් හේතුවෙන් ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව නව බලාපොරොත්තුවක් ඇති වේ. එලෙසම යම්කිසි ලාංඡුනයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්තී‍්‍රවරුන්ට පක්ෂය මාරු කිරීමට තිබෙන අවස්ථාව අහුරා දැමිය යුතුය. අල්ලස් ලබාගෙන තම පක්ෂය මාරු කරන බවට මන්තී‍්‍රවරුන් චෝදනාවට ලක්වන රටක එම අවාසනාවන්ත තත්ත්වය නැති කළ හැක්කේ නීති මාර්ගයෙන් පක්ෂ මාරු කිරීම අහුරා දැමීමෙනි. 2015 දී බලාත්මක කළ ‘19. හරහා එලෙස පක්ෂ මාරු කිරීම නතර කර දැමීමට තිබූ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ විය. ජනතාව ප‍්‍රතික්ෂේප කළ පුද්ගලයන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත්කිරීම සහ තමන් පාර්ලිමේන්තුවට පත් වීමෙන් පසු පැත්ත මාරු කිරීම ඇත්ත වශයෙන්ම අවලම් කි‍්‍රයා බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපති සමාව සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එයමය. ඇත්ත වශයෙන්ම අසික්කිත කි‍්‍රයාවකි. පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා තමන්හට ඡුන්දය දෙන ජනතාවගේ අපේක්ෂා ඉටු කළ යුතුය. උසාවියෙන් වරදකරු කළ කිසිවෙකු ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත නිදහස් නොවිය යුතුය. පාර්ලිමේන්තුව සහ ජනාධිපති බලතල කිසිම පුද්ගලයකුට/ පාර්ශ්වයට ‘ඞීල්. දැමීමට යොදා ගත නොහැක.
හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන තමන් ජනාධිපති බලතල අතහැරීමට පෙර අවුරුදු 19 තරුණියක් ඉතාමත් අමානුෂික ලෙස මරා දැමූ පුද්ගලයකුට ජනාධිපති සමාව දුන්නේය. අද එම තීරණය ඉහළ උසාවියේ අභියෝගයට ලක් වී ඇත. උසාවියෙන් වරදකරුවකු බවට නම් කළ පුද්ගලයකු නිදහස් කිරීම අභියෝගයට ලක් කිරීමට අවස්ථාව රටේ නීති පද්ධතිය තුළ තිබීම සතුටට හේතුවකි. නමුත් එවැනි තීන්දු තීරණ ජනාධිපතිවරු නොගත යුතුය. මහජන විශ්වාසය රැුකීම ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පළාත් සභා සහ පළාත් පාලන ආයතන සාමාජිකයන්ට ද පොදුය. එසේ නොවන පුද්ගලයන් තරාතිරමක් නොබලා පරාජය කිරීම ඡුන්ද දායකයන්ගේ වගකීම විය යුතුය. නමුත් අප කවුරුත් මතක තබා ගත යුත්තේ ජනතාව ප‍්‍රතික්ෂේප කරන කිසිදු අපේක්ෂකයකු ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒම නොකළ යුතු බවයි. 2019 ජනපතිවරණයේදී තරග කිරීමට අවස්ථාවක් නොලද හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේනට එ. ජ. නි. ස. ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඒමට අවශ්‍යතාවක් තිබෙන බව වාර්තා වේ. පාර්ලිමේන්තුව 2020 ජනවාරි 03 දක්වා කල්තැබීම තුළ සහ දෙවැනි කල්තැබීමත් කි‍්‍රයාත්මක කිරීම තුළ හිටපු ජනපතිවරයාට එම අවස්ථාව අහිමි වී යා හැක. බොහෝ දුරට 2020 මාර්තු මුල විසුරුවා හැරීමට ඉඩකඩ ඇති පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් හිටපු ජනපතිවරයා ඇතුළු වීමට ඇති අවස්ථාව බොහෝ්් දුරට ඇහිරී ඇත.
ශමින්‍ද්‍ර ෆර්ඩිනැන්ඩු
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...