පසුගියදා පකිස්ථාන අධිකරණය විසින් එරට හිටපු ජනාධිපති පාවෙස් මුෂාරෆ් මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර යම් හෙයකින් මියගියහොත් දින තුනක කාලයක් මහජන ප්‍රදර්ශනයට ප්‍රසිද්ධියේ එල්ලා තැබිය යුතු යැයි තීන්දු කරනු ලැබීය. මෙම තීන්දුවට එරෙහි එරට යුද හමුදාපතිවරයා තම අප්‍රසාදය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
පකිස්ථානු යුදහමුදාවේ මහජන සම්බන්ධතා අංශයේ අංශ ප්‍රධානී මේජර් ජනරාල් අසීස් ගෆූර් මහතා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් පවසා සිටියේ පකිස්ථාන විශේෂ අධිකරණය විසින් පාවේස් මුෂාරෆ් මහතා වෙත ලබාදුන් නඩුතීන්දුව පකිස්ථානයේ පවතින මනුෂ්‍යත්ව වටිනාකම්, ආගමික වටිනාකම් සහ සදාචාර වටිනාකම් ඇතුලු කිසිදු වටිනාමකට ගරු නොකරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...