විදේශ පුවත්

මාලදිවයිනට පැනවූ හදිසි තත්ත්වය තවත් දින 30ක කාලයක් නීතිවිරෝධී ලෙස දීරිඝ කිරීමට මාලදිවයින් ජනපති අබ්දුල් යමීන් කටයුතු කර තිබේ. එරට වාර්තා පැවසුවේ මීට පෙර පැනවූ දින 15ක හදිසි තත්ත්වය අවසන් වීමට පැය කිහිපයකට පෙර මාලදිවයින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ ජනාධිපතිවරයා තවත් මාසයක කාලයක් හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත්කළ යුතු බවට යෝජනා කළ බවයි.

එ් පිළිබඳ වන පාර්ලිමේන්තු විවාදය සහ ඡුන්ද විමසීම විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සියල්ලෝම වර්ජනය කර තිබුණි. එ් හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 85න් 73ක් පමණක් ඡුන්ද විමසීමට අසුන් ගෙන සිටි අතර ඔවුන්ගෙන් 38 දෙනකුම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් යුත් පාලක පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ය.

ව්‍යවස්ථානුකූලව එය සම්මත වීම සඳහා අවම වශයෙන් ඡුන්ද 43ක් යෝජනාවට පක්ෂව ලැබිය යුතු ය. ඡුන්ද විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංයුතිය ස්ථාවර කිරීමට හෝ එ් පිළිබ`ද සැලකිල්ලට හෝ නොගනිමින් ජනාධිපතිවරයා ඡුන්ද විමසීම ද ඉල්ලා සිටි බැවින් ජනපතිගේ යෝජනාවට පක්ෂව පාලක පක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන් ඡුන්දය ප‍්‍රකාශ කළේ ය.

විරුද්ධව ඡුන්දය 35ක් ලැබී තිබුණ ද වැඩි ඡුන්දයෙන් හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත්කිරීමේ යෝජනාව සම්මත වී තිබුණි. මේ අනුව ලබන මාර්තු 22 වැනි දා තෙක් මාලදිවයිනට හදිසි තත්ත්වය බලපානු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More