රජය ගම්මිරිස් ආනයනය අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ ගම්මිරිස් ගැනුම් මිල නැවත වරක් ඉහළ යාමට පටන් ගෙන ඇත.
කෙසේවෙතත් අපනයන කරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති සාරද ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ගම්මිරිස් මිල යථා තත්වයට පත්වීමට නම් රජය තවත් ප්‍රතිසංස්කරණ කිහිපයක්ම ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.
පසුගිය කාලයේ ගම්මිරිස් මිල සීඝ්‍රෙයන් පහත වැටීම නිසා ගම්මිරිස් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්වුණි.
ඔවුන් චෝදනා කර සිටියේ බාල ගම්මිරිස් මෙරටට ආනයනය කොට මෙරට තත්වයෙන් උසස් ගම්මිරිස් සමඟ මිශ්‍ර කර ප්‍රති අපනයනය කිරීම සඳහා ආණ්ඩුව ඉඩලබාදීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.
2014 දෙසැම්බර් මාසයේදී වියළි ගම්මිරිස් කිලෝවක් රුපියල් 1400 ත් 1500ත් අතර මිලකට ගොවීන්ගෙන් මිල දී ගැනුණු නමුත් ගෙවුණු වසර වසරවලදී ගම්මිරිස් කිලෝ ග්රෑමයක මිල රුපියල් 400 දක්වා පහත වැටුණි.
කෙසේ වෙතත් ගම්මිරිස් සඳහා සාධාරණ ඉහළ මිලක් ඇතිකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වූ අතර ඒ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ගම්මිරිස් ආනයනය අත්හිටුවීමට පියවර ගත්තේය.
ඒ අනුව මේ වනවිට ගම්මිරිස් කිලෝ ග්‍රෑමයක ගැනුම් මිල රුපියල් 750 ත් 800 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත් අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයා පෙන්වා දෙන්නේ මේ සඳහා තවත් පියවරයන් කිහිපයක්ම ගත යුතුව තිබෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...