පුරවැසි කොලම

විග්නේෂ්වරන්ට අභියෝගයක්

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනප‍්‍රිය

හිටපු උතුරු පළාත් මහ ඇමැතිවරයා මෙන්ම දෙමළ ජනතා එකමුතුවේ නායකයා ද වන සී. වී. විගේනේෂ්වරන් මහතා පසුගිය 14 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් මහාවංශය පාලි භාෂාවෙන් ලියන ලද ප‍්‍රබන්ධයක් බවත් මෙරට පළමු වැසියන් දෙමළ ජනතාව වන බවත් මේ රට බෞද්ධ රටක් ලෙස ප‍්‍රකාශ කිරීම නිවැරදි නොවන බවත් ප‍්‍රකාශ කර ඇත. එබඳු අදහස් ප‍්‍රකාශ කළ පළමු පුද්ගලයා විග්නේෂ්වරන් මහතා නොවන අතර දෙමළ බෙදුම්වාදයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ද එබඳු අදහස්ය.

එබැවින් සුළුවෙන් තැකිය නොහැකි එම අදහස් පිළිබඳව අප විමසා සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙනි. ඒ මහතාවිග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇති ඉතිහාසය පිළිබඳ පළ කළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව ප‍්‍රකාශ කරමින් පසුගිය දා ප‍්‍රකාශයක් නිකුත් කර තිබෙන බව මාධ්‍ය මඟින් හෙළිදරව් කළා. එවැනි අදහසක් නිර්භීත ලෙස ඉදිරිපත් කිරීමට නම් එහි කිසියම් සත්‍යතාවක් ඇතිදැයි යන කාරණය ගැන සමාජයේ කිසියම් කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා. පසුගිය කාලයේ මීට සමාන අදහසක් ඇතැම් දකුණේ දේශපාලනඥයන් විසින් ද ප‍්‍රසිද්ධ වේදිකාවල ප‍්‍රකාශ කර තිබුණා. විග්නේශ්වරන් මහතා විසින් ප‍්‍රකාශ කර තිබෙන මෙම මතයේ පවතින ශාස්තී‍්‍රය වලංගුතාව කුමක්ද?

පිළිතුර – ඔබ ඇසූ කාරණය තුළ පිළිතුරු දිය යුතු අංශ දෙකක් තිබෙන බවයි පෙනෙන්නේ. ඉන් පළමුවැන්න මේ රට සිංහල යනුවෙන් හැඳින්වීම ගැන තිබෙන ගැටලූවයි. දෙවැන්න මේ රටේ බෞද්ධ අනන්‍යතාව ගැන ඔබ පවසන ආකාරයට පවතින්නේ යැයි කියන කාංසාවයි.

මේ රට හැඳින්වීමට සිහලද්වීප යන නම භාවිත කර තිබෙනු අපට පෙනෙන්නේ මිහි`දු හිමියන් මෙරටට වැඩම කිරීමෙන් අනතුරුව ඒ ආසන්න කාලයක රචනා වන්නට ඇතැයි සැලකෙන සීහලට්ඨකථාවලයි. මෙම කෘති භෞතික වශයෙන් අභාවයට ගොස් ඇතත් ඒවායින් උපුටා ගන්නා ලද ඇතැම් පාඨ පසුකාලීන ඓතිහාසික ලිපිලේඛනවලට ඇතුළත්ව තිබෙනවා. පුවත්පතක එවැනි ශාස්තී‍්‍රය විමර්ශන විස්තර කිරීම අනුචිත වුවත් අවශ්‍ය වූ අවස්ථාවක ඒ දීර්ඝ උදාහරණ උපුටා දැක්විය හැකියි. සීහල යන පදය භාවිත වීම පිළිබ`ද අපේ අවධානය යොමුවිය යුතු තැනක් වන්නේ වට්ටගාමිණි අභය රජුගේ රාජ්‍ය සමයේ රචනා කරන්නට ඇතැයි සැලකෙන සීහලවත්ථුප්පකරණයයි. එම කෘතිය නම් කර ඇති ආකාරය අනුව එය සීහල නම් දේශයේ කථාවස්තු ඇතුළත් බව පෙන්නුම් කරනවා. සීහලවත්ථුප්පකරණය රචනා කර තිබෙන්නේ කණ්ඨකසෝල පට්ඨනයේ උපන් පට්ටකොට්ටි විහාරවාසී ධම්මදින්න නම් ස්වාමීන්වහන්සේ කෙනෙක් බව එහි ස`දහන් කර තිබෙනවා. මෙම ස්ථානය දකුණු ඉන්දියාවේ පිහිටා තිබූ තැනක් බව මෙකී ස්ථාන නාම දෙස විපරමින් බලන විට අවබෝධ කර හැකියි. බොහෝ විට එම ස්ථානය චෝල දේශයට අයත් වරායකට යාබද ප‍්‍රදේශයක් විය හැකි බවයි උගතුන්ගේ මතය වන්නේ. ටොලමිගේ සිතියමේ දකුණු ඉන්දියාවේ කි‍්‍රෂ්ණ නදිය අසබඩ පිහිටා තිබූ කණ්ඨකොස්සීල නම් වෙළෙ`ද මධ්‍යස්ථානයක් ගැන ස`දහන් කර තිබෙනවා. වට්ටගාමිණී අභය රජුගේ කාලයේ ඇති වූ බැමිණිටියාසාය නම් වූ දුර්භික්ෂ අවස්ථාවේ සිය ගණන් භික්ෂුන්වහන්සේලා ඉන්දියාවට වැඩම කළ බව ඉතිහාසයේ ස`දහන් වන නිසා සමහර විට මේ සීහලවත්ථුව රචනා කළ ධම්මදින්න හිමියන් එලෙස මෙරටින් ඉන්දියාවට වැඩම කළ ස්වාමින්වහන්සේ කෙනෙක් විය හැකියි.

පුරාණ කාලයේ මෙරට සිහලදීප නමින් හැ`දින්වූ බව පෙන්වා දීමට තවත් උදාහරණයක් ඉදිරිපත් කළ හැකියි. කි‍්‍රස්තු වර්ෂයෙන් තෙවැනි සියවසේදී එනම් මීට අවුරුදු 1700 කට පමණ අතීතයක දී දකුණු ඉන්දියාවේ නාගාර්ජුනකොණ්ඩ නම් ප‍්‍රදේශයට වැඩම කළ අපේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා එහි සීහල විහාර නමින් පන්සලක් ඉදිකළ බව එක්තරා සෙල්ලිපියක ස`දහන් වෙනවා. මේ සිදුවීම වූයේ එහි වීරපුරිසදත්ත නම් රජෙකු පාලනය කරන සමයේදීයි. සිහල යන අනන්‍යතාව මේ රටට හිමි වුණේ සිහල නම් වූ භාෂාව කතා කළ පිරිසක් මෙහි ජීවත් වූ බව නිසා යැයි පෙනෙන්නේ එම භාෂාව ගැන ඇතැම් පැරණි ලිපිලේඛනවල අවධාරණය කර ඇති නිසායි. පාලි රසවාහිනි නම් කෘතියේ ස`දහන් වන …….සිංහලේ යො තා සිහලභාසාය සිහලං සද්දලක්ඛනං ….. යන පාඨය අනුව ඒ බව පෙනෙනවා. කි‍්‍රස්තු වර්ෂයෙන් අටවැනි සියවසේදී හෝ ඒ ආසන්න කාලවකවානුවකදී ඉන්දියාවේ විසූ මුරාරි නම් කිවියකු විසින් සම්පාදනය කළ අනර්ගරාඝව නම් නාට්‍යයේ මෙරට හැ`දින්වීම ස`දහා යොදා ඇති ‘සිංහලද්වීප’ යන යෙදුම අපට නිරීක්ෂණය කළ හැකියි. ඉතා පැරණි කාලයක සිට ඉන්දීය සාගරයේ යාත‍්‍රා කළ විදේශික වෙළෙ`දුන් අපේ රට ගැන දැන සිටි නොයෙක් නම් අතර සිහලද්වීප යන නමත් පැවති බව පෙනෙනවා. අරාබි වෙළෙ`දුන් විසින් භාවිත කළ සෙරෙන්දිබ් යන පදය සිහලද්වීප යන පදයේ අරාබි උච්චාරණය බව පැහැදිලියි.

දෙවැනි පරාක‍්‍රමබාහු රජුගේ පාලන කාලයෙන් පසුව ඒ ආසන්න කාලයකදී රචනා කරන ලද බවට සැලකෙන ඡන්දස් ලක්ෂණ විස්තර කරන කෘතියක් වූ එ`ඵස`දැස් ලකුණ …..ස`දස් ලකුණු හෙලූවේ පවසම් පොරණ ඇජරන් …….යනුවෙන් කියා තිබෙන්නේ පුරාණ ආචාර්යවරුන් විසින් ප‍්‍රකාශ කර ඇති පරිදි හෙළ භාෂාවේ ඡන්දස් ලක්ෂණ ප‍්‍රකාශ කරන බවයි. මෙහි හෙළ භාෂාව යනුවෙන් කියා තිබෙන්නේ සිංහල භාෂාවයි. සිහල යන පදය සිංහල යනුවෙන් භාවිතයට පැමිණීම කි‍්‍රස්තු වර්ෂයෙන් දහවැනි සියවසේදී පමණ සිදුවන්නට ඇතැයි කල්පනා කළ හැකියි. සමහර විට එය උච්චාරණයේ පහසුව ස`දහා ඇති වූ විකරණයක් වීමට ඉඩ තිබෙනවා. පෘතුගීසි ජාතිකයන් මෙරට හැ`දින්වූයේ සෙයිලාවෝ යන නමින්. බටහිර ජාතීන් විසින් සෙයිලාන් යනුවෙන් උච්චාරණය කළ පසුව බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් සිලෝන් යනුවෙන් සකස් කළේ ද මේ සිංහල යන නාමයයි. ඉතින් ඉතා පුරාණ කාලයක පටන් මේ රට සිහලද්වීප යනුවෙන් හැ`දින්වූ බව පෙන්වාදීමට මෙවැනි අනභියෝගී ඓතිහාසික සාක්ෂි තිබියදී පවා මෙය සිංහල රට නොවේ යැයි කීම පදනම් විරහිත බවයි මගේ කල්පනාව. රට සිහල නමින් හැ`දින්වූයේ සිංහල භාෂාව කතා කළ පුද්ගලයන් එහි ජීවත් වූ නිසා බව ඉහත ස`දහන් කළා. ජර්මනිය ඉන්දු – යුරෝපීය භාෂාවක් වූ ජර්මානික් භාෂාව කතා කරන රටයි. ප‍්‍රංශය යනු රෝමානුක භාෂාවෙන් භින්න වූ ප‍්‍රංශ භාෂාව කතා කරන රටයි. රුසියාව යනු රුසියන් භාෂාව කතා කරන රටයි. සිංහල භාෂාව කතා කළ දේශය සිංහල රට යැයි හැඳින්වීම ඓතිහාසික වරදක් වන්නේ කෙලෙසකදැයි වටහා ගැනීම අපහසුයි. ඉතින් ඒ රටේ ඕනෑම වෙනත් භාෂාවක් කතා කරන ඕනෑම සංස්කෘතියකට අයත් ඕනෑම ආගමක් අදහන අය ජීවත්වීමට බාධාවක් පැවති බවට ඉතිහාසයේ කිසිදු සාක්ෂියක් නැහැ. 1989 වසරේදී එවක හමුදා පාලකයන් බුරුමය යන නම මියෙන්මාර් යනුවෙන් වෙනස් කළා මෙන් සිංහල රට යන අදහස වෙනස් කිරීමට කවරෙකු විසින් හෝ කල්පනා කරන බවයි ඔබ පැවසූ දෙයින් පෙනෙන්නෙ.

p5 2ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය ලියැවී තිබෙන මහාවංශය ප‍්‍රබන්ධයක් බව හිටපු මහ ඇමැතිවරයා ප‍්‍රකාශ කර සිටිනවා. ඔහු ඉන් අදහස් කරන්නේ ඔබ විසින් ඉදිරිපත් කරන ලද අන් සාක්ෂි පවා සාහිත්‍ය ප‍්‍රබන්ධ ඇසුරින් මෙරට ඉතිහාසඥයන් විසින් ගොඩනඟන ලද ඒවා බව කල් ඇතිව තහවුරු කිරීමටයි. මහාවංශය වනාහී මෙරට බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සිය අභිමතය පරිදි පාලි භාෂාවෙන් රචනා කළ ප‍්‍රබන්ධයක් බවට ඔහු නඟන චෝදනාවට ඔබ විසින් ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද?

පිළිතුර – මෙරට ඓතිහාසික ලේඛන අයත් සම්ප‍්‍රදාය ගැන තිබෙන අනවබෝධය නිසා එවැනි චෝදනාවක් යමෙකුට නැඟිය හැකියි. මහාවංශය යනු එය රචනා වූ කි‍්‍රස්තු වර්ෂයෙන් පස්වැනි සියවසට පෙර සිට පැවති සම්ප‍්‍රදායකට අනුකූලව රචනා වූ කෘතියක් මිස එය මුළුමනින්ම මහා විහාරවාසී මහානාම හිමියන්ගේ ස්වඅභිමතයෙන් කළ පරිකල්පනයක් නොවෙයි. මහාවංශය පාලි භාෂාවෙන් රචනා වී තිබුණ මුත් ඊට ම`ග පෙන්වන ලද කෘතිය වූ සිහලට්ඨකථා මහාවංශය නමින් හ`දුන්වන ලද රචනය සිහල භාෂාවෙන් රචනා කරන ලද්දක්. මහාවංශයට කලින් කි‍්‍රස්තු වර්ෂයෙන් හතරවැනි සියවසේදී දීපවංශයත් රචනා වී තිබුණා. දීපවංශය යන නමින්ම පෙනෙනවා එය මෙම ද්වීපයේ අඛණ්ඩ ඉතිහාසය ලිවීමට ගත් උත්සාහයයක් බව. මෙරට ඉතිහාසය ලිවීමට හේතු වශයෙන් කාරණා කිහිපයක් විස්තර කර තිබෙනවා. එය පාලි භාෂාවෙන්ම රචනා වී ඇති ආකාරය පෙන්වාදීම මෙහිදී වැදගත් වේ යැයි මම සිතනවා. මෙම ගාථාව දෙස අවධානය යොමු කිරීමෙන් එය වටහා ගත හැකියි.

……. දීපාගමනං බුද්ධස්ස ධාතූනං බෝධියාගමනං
සංගහා ථෙරවාදච දීපම්හි සාසනගමනං
නරින්දාගමනං වංසං කිත්තයිස්සාමි සුණාථ මෙ……..

මෙම ගාථාවේ තේරුම වන්නේ …………බුදුන්වහන්සේ මෙරටට වැඩමවීමේ පුවත, බුදුන්වහන්සේගේ ධාතු මෙරටට පැමිණීමේ පුවත, ශ‍්‍රී මහා බෝධිය වැඩම වූ පුවත, ථෙරවාදී ධර්මය මෙරටට වැඩම වූ පුවත සහ විජය රජු මෙරටට පැමිණී පුවත ආදී සිද්ධිවල කීර්තිය අසා සිටිත්වා යන්නයි.

මේ සටහන අනුව අපට පැහැදිලි වන ප‍්‍රධාන කාරණය වන්නේ සමාජ-සංස්කෘතික වශයෙන් වැදගත් වන සිද්ධි මාලාවක් තෝරා බේරාගෙන සමාජයට පැහැදිලි කිරීම මහාවංශය ඇතුළු සෙසු ඓතිහාසික මූලාශ‍්‍රවල අභිමතය වූ බවයි. එහි අරමුණ වූයේ රටේ ඒකාග‍්‍රතාව ආරක්ෂා කරගනු වස් අනන්‍යතා සංකල්පයක් තැනීමයි. අපගේ අසල්වාසී රට වූ ඉන්දියාව තමන්ගේ ඉන්දීයභාවය ගැන මහත් සේ සැලකිලිමත් වන බව පෙනෙනවා. ඒ අනන්‍යතාව හුවා දැක්වීමට ඔවුන් විසින් භාවිත කරන්නේ මහාභාරතය, රාමායනය ආදී ඔවුන්ගේ ඉතිහාසයට අයත් රචනා බව අප විසින් අමතක කළ යුතු නැහැ. ඒ කෘති දෙකම ප‍්‍රබන්ධ බව අපි දන්නවා. එහෙත් මහාවංශය යනු පැරණි සම්ප‍්‍රදායක් ගුරු කොට ගනිමින් රටේ ඓතිහාසික සිද්ධිමාලාවක් වාර්තා කර ඇති කෘතියක්. මහාවංශය මෙරට දෙමළ ජනතාව කෙරෙහි වෛරය පැතිරවීමේ අරමුණින් රචනා වුවක් යැයි පවසන අදහස වර්තමානයට අයත් නවලිබරල්වාදී සංකල්පීය නිර්මාණයක්. එය එසේ නම් එළාරගේ යහපත් ගුණ ධර්ම විස්තර කිරීමට ගාථා 21 වෙන් කිරීමටත් ධාර්මික එළාර යන අර්ථය ඇති එළාර ධම්මිකෝ යන වචනය යෙදීමට මහාවංශ කතුවර හිමියන් කටයුතු කළේ කුමක් නිසා දැයි කල්පනා කළ යුතුව තිබෙනවා. මහාවංශය දේශපාලනික ව්‍යපෘතියක් යැයි කීමට නව පන්නයේ උගතුන් වැයම් කරනවා. දේශපාලනයෙන් තොරව සමාජයක පවතින දේ කුමක්දැයි කවරෙකුට හෝ පැහැදිලි කළ හැකිද? මහාවංශය දේශපාලන ව්‍යාපෘතියක් යැයි හැ`දින්වීමත් තවත් දේශපාලනික ව්‍යාපෘතියක් නොවේ යැයි කිව හැක්කේ කා හටද? මෙම ‘දේශපාලනික’ මුද්‍රාවට මුවා කරමින් මහාවංශයේ පවතින ඓතිහාසික වලංගුතාව අවප‍්‍රමාණය කළ නොහැකියි.

මහාවංශයේ මුල් ගාථාවල දැක්වෙන …….පොරාණෙහි කතොපොසො අත්විත්ථාරිතො ක්වචි…… ආදී වශයෙන් කියැවෙන ගාථාවල පුරාණ ඉතිහාස සම්ප‍්‍රදායේ පැවති ඇතැම් දීර්ඝ තැන් සහ කෙටි තැන් ගැනත් බොහෝ පුනරුක්තීන් පැවති තැන් ගැනත් කියැවී තිබෙනවා. ඒවා නිසි පරිදි සංස්කරණය කරමින් මහාවංශය රචනා කරන බව කර්තෘ හිමියන් විසින් පවසා තිබෙනු හැර එහිමියන් විසින් නවකථාවක් ප‍්‍රබන්ධ කර ඇතැයි කීම කරුණු නොදැන කරන තර්කයක් බවයි කිව යුත්තේ. පෙර පැවති ඉතිහාස සම්ප‍්‍රදායක් කාලීන වශයෙන් ගැලපෙන පරිදි සංස්කරණය කර ඉදිරිපත් කිරීම සමකාලීන සමාජය මඟින් ඉල්ලා සිටි අපේක්ෂාවක් බව පෙන්වාදීමට බොහෝ සාක්ෂි තිබෙනවා. මහාවංශය දෙස බැලිය යුත්තේ නවලිබරල්වාදී හෝ ෆෙඩරල්වාදී කණ්ණාඩියකින් නොව පැහැදිලි ඉතිහාසකරණ දැක්මක පිහිටා සිටීමෙනුයි. ඊට ප‍්‍රාචීන භාෂා ගැන පු`ඵල් දැනුමක් තිබීම අවශ්‍යයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව හිටපු මහඇමතිවරයා විසින් ප‍්‍රකාශ කර තිබෙනවා. මංගල සමරවීරත් මේ අදහසම ප‍්‍රසිද්ධියේ කියා සිටියා. මේ නිසා සමහර අය අතර මේ පිළිබ`ද කිසියම් කුකුසක් හටගැනීමට හැකියාවක් තිබෙනවා. රටේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබ`ද පර්යේෂකයෙක් සහ විද්වතෙක් ලෙස ඔබ විසින් මෙය පැහැදිලි කරන්නේ කෙසේද?

පිළිතුර – මෙවැනි ගැටලූවලට පිළිතුරු දෙන්නට උත්සාහ ගැනීමත් කාලය අපතේ හැරීමක් ලෙසයි මම කල්පනා කරන්නේ. මිහි`දු හිමියන් මෙරටට වැඩම කිරීමේ සිද්ධිය සනාථ කරන ප‍්‍රබලතම සාක්ෂිය අපට හමුවන්නේ සෙල්ලිපියකින්. එම සෙල්ලිපිය පිහිටා තිබෙන්නේ අම්පාර දිස්ති‍්‍රක්කයට අයත් රජගලයි. ….මෙම ද්වීපයේ ශ‍්‍රී සමෘද්ධිය ස`දහා වැඩම කළ මහින්ද හිමියන්ගේ ධාතු තැන්පත් කළ ස්තූපයයි…. යන අදහස දෙන සිංහල ප‍්‍රාකෘත නමින් හැ`දින්වෙන පැරණි භාෂාවෙන් එය ලියා තිබෙනවා. මෙම සෙල්ලිපිය කොටවා තිබෙන්නේ කි‍්‍රස්තු පූර්ව තෙවැනි සියවසට අයත් බ‍්‍රාහ්මී අක්ෂරවලින් වීම විශේෂයක්. එසේ එය විශේෂ වන්නේ එම පුවත එම අක්ෂර අයත් කාලයට සමකාලීන වන නිසයි. බුද්ධ ධර්මය ඇතුළත් ත‍්‍රිපිටකයේ එක් එක් කොටස් මතකයෙන් පවත්වා ගෙන ආ භික්ෂුන් වහන්සේලා ගැන කි‍්‍රස්තු පූර්ව තෙවැනි සියවසට අයත් සෙල්ලිපිවල ස`දහන්ව තිබෙනවා. ධර්මය කටපාඩම් කළ එවැනි භික්ෂුන් වහන්සේලා හැ`දින්වීමට භාවිත කරන ලද්දේ භාණක යන නමයි. මීට අවුරුදු 2300 ක් පමණ පැරණි සෙල්ලිපිවල දීඝභාණක, සංයුක්ත භාණක, මක්‍ධිම භාණක ආදී භාණකවරුන් ගැන ස`දහන්ව තිබෙනවා. මේ භාණකවරු හ`දුන්වා තිබෙන්නේ සිංහල නම්වලින්. උදාහරණයක් හැටියට දක්වන්නේ නම් අම්පාර දිස්ත‍්‍රික්කයේ පිහිටි මියුඟුණා වෙහෙර නම් ස්ථානයේ තිබෙන සෙල්ලිපියක අංගුත්තර නිකාය කටපාඩමින් ගෙන ආ භාණකවරයා හ`දුන්වාදී තිබෙන්නේ පුස්සදේව යන නමින්. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පිහිටි ගොනාගල නම් තැන තිබෙන සෙල්ලිපියක දැක්වෙන, සංයුක්ත නිකාය කටපාඩම් කර සිටි භාණකවරයා හ`දුන්වාදී තිබෙන්නේ තිස්ස යන නමින්. මෙවැනි උදාහරණ ගණනාවක් අපට පෙන්වා දිය හැකියි.

මෙපමණක් නොවෙයි, අද මෙන්ම එදාත් බෞද්ධ වතාවත් මෙරට වැසියන් විසින් පවත්වා ගෙන එනු ලැබුවා. මීට දැක්විය ප‍්‍රබල උදාහරණයක් වන්නේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කොතලකිඹියාව නම් ස්ථානයෙන් සොයාගෙන ඇති සෙල්ලිපියයි. එහි දැක්වෙන්නේ කඨින චීවර පුජාවක් පිළිබ`දවයි. ‘වස වසික සහථකෙ’ යන වචන පෙළ එහි දක්නට තිබෙනවා. මින් අදහස් කරන්නේ ‘වස්සාවාසික සාටක’ යන්නයි. වසර දෙදහස් තුනසියයක පමණ කාලයක් තිස්සේ මෙරට බෞද්ධයන් විසින් බෞද්ධ ආරාම වෙත කළ පූජාවන් ගැන සාක්ෂි ගණනාවක් පෙළ ගැස්විය හැකියි.

ප‍්‍රශ්නය – ආදි කාලයක සිට මෙරට සිටියේ දෙමළ භාෂාව කතා කරන බෞද්ධයන් බව විග්නේශ්වරන් මහතා කියා තිබෙනවා. ඔබ පවසන ආකාරයට වසර දෙදහස් ගණනකට පෙර මෙහි සිටියේ එවැනි පිරිසක්ද?

පිළිතුර – දෙමළ භාෂාව කතාකරන ඒ සංස්කෘතියට හැඩ ගැසුණු බෞද්ධයන් දකුණු ඉන්දියාවේ ජීවත් වුණා. කි‍්‍රස්තු වර්ෂයෙන් පසුව බුදු දහම ආශ‍්‍රයෙන් විවිධ දාර්ශනික සම්ප‍්‍රදායන් දකුණු ඉන්දියාවේ ප‍්‍රචලිත වුණා. විශේෂයෙන්ම නාගාර්ජුන ආදී දාර්ශනිකයන් අතින් එවැනි මත ප‍්‍රකාශයට පත් වුණා. මේ කාරණය නිසා දකුණු ඉන්දියාවේ එහි සංස්කෘතියට හැඩ ගැසුණු බෞද්ධයන් සිටීම ස්වභාවිකයි. ඒ කාලයේ ශ‍්‍රී ලංකාවත් දකුණු ඉන්දියාවත් අතර පැවති වාණිජ සහ සංස්කෘතික සබ`දතා හරහා එම අදහස් ශ‍්‍රී ලංකාවට පැමිණි බව පෙන්වීමට සාක්ෂි තිබෙනවා. එහෙත් ඒ බෞද්ධයන්ගේ දර්ශනය කෙතරම් දුරට මෙරට පැවති ථෙරවාදී ධර්මය සමග ගැලපුනේ දැයි අපට නිශ්චිතව කිව නොහැකියි. බොහෝ අවස්ථාවලදී මෙරට ථෙරවාදී භික්ෂුන් වහන්සේලා එවැනි ආගන්තුක අදහස් වෙත දැඩි ලෙස ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. වෝහාරිකතිස්ස රජතුමාගේ කාලයේ වෛතුල්‍යවාදය නම් වූ එවැනි අදහස් රචනා වී තිබිණු සියලූ පොත්පත් පුළුස්සා දමන ලද බව වාර්තා වී තිබෙනවා. එසේ වුවත් අභයගිරිවාසී භික්ෂුන් වහන්සේලා ඒ අදහස පිළිගෙන කටයුතු කළ බව පෙන්වා දීමට සාක්ෂි දැක්විය හැකියි. ධාතුසේන රජුගේ පාලන කාලයේදී මිහින්තලයේ වැඩ සිටියේ ධම්මරුචික භික්ෂුන් වහන්සේලා බව පැවසෙනවා.

අනුරාධපුර අභයගිරි විහාරයට අයත් ප‍්‍රදේශයේ පිහිටි පර්වතයක කොටා තිබෙන සෙල්ලිපියක ‘දමෙඩ සමණ’ යන වචන දෙක දකින්නට හැකියි. ඉන් කියැවෙන්නේ දෙමළ ශ‍්‍රමණයෙක් ගැනයි. ඇතැම් අය මෙය අර්ථ දක්වන්ට වැයම් කරන්නේ දෙමළ ජාතික භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන් අදහස් කර ඇති බවටයි. සමහර විට එය විය හැකියි. ඒ ලිපියේ නාවිකයෙක්

ගැනත් ස`දහන් වෙනවා. සමහර විට ඒ දෙමළ ස්වාමින් වහන්සේ දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි කෙනෙක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මෙය හැරුණු විට වෙනත් කිසිදු තැනක දෙමළ භාෂාව කතාකරන ඒ සංස්කෘතියට අයත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන පැරණි ස`දහනක් අපේ රටේ සොයාගෙන නැති බව කිව යුතුයි.

ප‍්‍රශ්නය – කන්තරෝදයේ දක්නට තිබෙන කුඩා ප‍්‍රමාණයේ ස්තූප යාපන අර්ධද්වීපයේ විසූ දෙමළ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ඒවා යැයි සිතිය නොහැකිද?

පිළිතුර – දෙමළ භික්ෂුන් වහන්සේලා යනුවෙන් ඔබ අදහස් කරන දේ ගැන මට එතරම් පැහැදිලි අදහසක් නැහැ. තථාගත ධර්මය අනුව බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් ආර්ය සමාජයේ සාමාජිකයෙක් වනු මිස උන්වහන්සේගේ ප‍්‍රභවය එහිදී වැදගත් වන්නේ කුමන අර්ථයකින්ද? ඉන්දියාවේ සතරදෙසින් ගලන ගංගාවන් කිනම් තරාතිරම්වලට අයත් ඒවා වුවත් ඒ සියල්ල මුහුදට වැටුනු පසු එකම වර්ණයක් හා එකම රසක් අත්කර ගන්නා සේ ආර්ය ශාසනයට ඇතුළත් වූ පසු කෙනකුගේ ජන්මය වැදගත් වන්නේ ජාතිවාදය වැදගත් යැයි සිතන කෙනකුට මිස අන් අයෙකුට නොවන බවයි මගේ විශ්වාසය වන්නේ.

ඔබ කන්තරෝදය යැයි හැ`දින්වූ ඒ ප‍්‍රදේශය පැරණි කාලයේ නම් කර තිබුණේ කඳුරුගොඩ යන නමින්. කදුරුගොඩ පැරණි බෞද්ධ විහාරයක් තිබුණා. එපමණක් නොවෙයි දඹකොල පටුනට යාබදව පිහිටා තිබූ තිස්ස විහාරයක් ගැන ඉතිහාසයේ ස`දහන්ව තිබෙනවා. ඒ ප‍්‍රදේශය වසභ රජුගේ කාලයේදී පාලනය කළේ වසභ රජුට සේවය කළ සෘෂිගිරි නම් ඇමැතිවරයෙක් බව වල්ලිපුරම් රන්තහඩු ලේඛනයේ කියා තිබෙනවා. ඒ ඇමැතිවරයා විසින් යාපන අර්ධද්වීපයේ පියංගුතිස්ස නම් බෞද්ධ විහාරයක් ඉදිකරවූ බව එම ලේඛනයේ ස`දහන්. සමහර විට ඒ විහාරවල දෙමළ භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරන්නට ඇති. එය එසේ වුවා නම් ඉන් පෙන්නුම් කරන්නේ වසභ රජු දෙමළ භාෂාව කතාකරන ඒ සංස්කෘතියට අයත්ව සිටි භික්ෂුන් වහන්සේලාට අනුග‍්‍රහය දැක්වූ බවයි. එය සාමග‍්‍රිය පිළිබ`ද ප‍්‍රකාශනයක් මිස වර්ගවාදය පිළිබ`ද ප‍්‍රකාශයක් නොවන බව අප විසින් තේරුම් ගත යුතුයි.

ප‍්‍රශ්නය – මේ රටේ ඉතිහාසඥයින් ද මහාවංශය මත පදනම් වී ප‍්‍රලාප ඉදිරිපත් කරන බවට විග්නේශ්වරන් මහතා විසින් බරපතළ චෝදනාවක් ඔහුගේ නිවේදනයේ ඉදිරිපත් කර තිබෙනවා. වෘත්තිකයෙක් ලෙස ඔබ මීට දක්වන ප‍්‍රතිචාරය කුමක්ද?

පිළිතුර – වෘත්තිකයෙක් විසින් පිළිතුරු දිය යුත්තේ වෘත්තීමය ප‍්‍රශ්නයකට පමණක් යැයි මම සිතනවා. ඉතිහාසය ගැඹුරින් හදාරා ඉතිහාසකරණය ගැන දැනීමක් ඇති කෙනකු නඟන ප‍්‍රශ්නයකට පිළිතුරු සැපයීමට වගකීමක් ඇතත් පදනම් විරහිත අපරීක්ෂාකාරී එමෙන්ම දේශපාලන යටිඅරමුණු සහිත ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට වෘත්තිකයන්ට වගකීමක් නැහැ. මේ රටේ සිටින ඉතිහාසඥයන් ඉතා ප‍්‍රගල්භ ශාස්තී‍්‍රයත්වයක් ඇති අයයි. ඒ අය කටයුතු කර තිබෙන්නේ පිළිගත් ඉතිහාසකරණ ක‍්‍රමවේද අනුගමනය කරමින් බව ඔවුන් විසින් කර තිබෙන ඉතිහාස පර්යේෂණ දෙස බැලූ විට තහවුරු වෙනවා. ඉතිහාසඥයන් විසින්
අනුගමනය කරන ක‍්‍රමවේදය අනුව ඔවුන් මහාවංශය ආදී ලිඛිත මූලාශ‍්‍රය පරිහරණය කළ යුතුයි. එහෙත් ඔවුන් ඒවා පරිහරණය කරන්නේ විචාරශීලීවයි. යම්කිසි කෙනකුට මහාවංශය සමග වෛරයක් තිබේ නම් එය ඉතිහාසඥයන් මත පැටවීම සාධාරණ වූවක් නොවෙයි. ඒ වෙනුවට ඔහු කළ යුත්තේ මහාවංශය විචාර පූර්වකව කියවා එහි අරුත නිසි පරිදි වටහා ගැනීමට උත්සාහ කිරීමයි. සාහිත්‍යමය කෘතියක යම් යම් අඩුපාඩු තිබිය හැකියි. ඊට හේතුව එය කර්තෘ මූලික වන නිසයි. සිද්ධි සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් මෙන්ම ඒ සියල්ල අයත් කාලවකවානු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහාවංශය තරම් නිවැරදි ලේඛනයක් ලෝකයේ කිසිදු ඓතිහාසික සම්ප‍්‍රදායක සොයාගත නොහැකි බව ස්ථිරවම කිව හැකියි. ඉන්දියාවේ අශෝක රජු හනාගැනීමට පවා ඉන්දීය උගතුන්ට ඉවහල් වූයේත් මහාවංශය බව අප විසින් දැනගත යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More