අල්ලස, දූෂණය නොමැති රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට දීර්ඝ කාලයක පටන් පැවතෙන කතාබහ තවදුරටත් එලෙසෙම සිදුවෙමින් පවතී. රාජ්‍ය පාලකයන්ගේ සිට රාජ්‍ය සේවකයන්, මහජනතාව දක්වාම අල්ලස, දූෂණය පැතිරී ඇති අතර, ඇතැම් ක්ෂේත්‍රවල එය සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බව නොරහසකි.
ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක් තුළ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද, මහජනතාව අතරද අල්ලස දූෂණය බූවල්ලෙකු මෙන් පැතිරී ගොස් ඇති අතර, එය මර්දනය කිරීමද එතරම් සුළුපටු කාර්යක් නොවේ.
අල්ලස් ලබාදෙන, අල්ලස් ලබාගන්නා පුද්ගලයන් සොයා දඬුවම් කිරීම තුළින් පමණක් අල්ලස හෝ දූෂණය වැළැක්විය නොහැකි බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වටහාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් විවිධ වැඩපිළිවෙළ සකස් කර තිබීමද සතුට කරුණකි.
අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය දෙසැම්බර් මාසයට යෙදී තිබීම නිසාම මේ මාසයේදී අල්ලස පිටුදැකීම වෙනුවෙන් විවිධ වැඩසටන් ක්‍රියාත්මක වන අතර, මේ හරහා ජනතාව දැනුවත් කිරීමද සිදුකරයි.
ශ්‍රී ලංකාව තුළ අල්ලස දූෂණය වැළැක්වීම සඳහා නීති අවශ්‍ය තරම් තිබෙන නමුත්, ඒවා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සතුටු විය හැකි තත්ත්වයක් නොමැති බව පිළිගත යුතු කරුණකි. සාමාන්‍ය ජනතාවට එම නීති අකුරටම ක්‍රියාත්මක වන නමුත් උසස් නිලධාරීන් සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් අල්ලස් නීති ක්‍රියාත්මක නොවීම සම්බන්ධ උදාහරණ බොහෝය.
අන්තර්ජාතික දූෂණ විරෝධී දිනයට සමගාමීව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාවේ සිදුකළ සමීක්ෂණයක් පසුගියදා ප්‍රසිද්ධ කළ අතර, අල්ලස ගැන කතා කිරීමේදී ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමද වැදගත්ය.
අල්ලස, දූෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ අදහස් මෙහිදී විමසා තිබූ අතර, අල්ලස, දූෂණය සම්බන්ධයෙන් ජනතාවට ඇති අත්දැකීම් පිළිබඳවද විමසා තිබුණි.
රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසය
රජය, අධිකරණය සහ පොලීසිය යන ආයතන අතරින් වඩාත් විශ්වාසදායීම ආයතනය කුමක්ද යන්න ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිදුකළ සමීක්ෂණයේදී ජනතාවගෙන් විමසා තිබුණි. එහිදී ලබාදුන් පිළිතුරු අතරින් 73%ක පිරිසක් ලබාදී ඇත්තේ %අධිකරණය^ කෙරෙහි යම්තාක් දුරකට හෝ විශ්වාසය තැබිය හැකි බවයි. පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය 57%ක් වී ඇති අතර, රජය කෙරෙහි ජනතා විශ්වාසය 47෴ක් වී තිබේ. ජනතා සේවය ඉටුකරන ආයතන සම්බන්ධයෙන් ජනතා විශ්වාසය මේ තරම් පළුදු වී ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීමේදී අල්ලස, දූෂණය මෙම ආයතන කොතරම් වෙළාගෙන ඇතිද යන්න කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත්ය.
අල්ලස් දීම වරදක්ද
අල්ලස් ලබාදීම හෝ අල්ලස් ලබාගැනීම යන දෙකම දඬුවම් ලැබිය හැකි වරදකි. එය ශ්‍රී ලංකාවේ නීතිය තුළ පැහැදිලිවම සඳහන් කර තිබේ. එසේ වුවද නීතිය පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකරමින් අල්ලස ලබාදීමත්, අල්ලස් ලබාගැනීමත් සිදුවන තත්ත්වයක අල්ලස් ලබාදීම වරදක් නොවන බවට ඇතැමුන් සිතන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතන සිදුකළ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ තුනෙන් දෙකක් හෙවත් 66%කට වැඩි පිරිසක් අල්ලස් ලබාදීම අනුමත නොකරයි. එය වරදක් බව දකියි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ තුනෙන් දෙකක් අල්ලස හෝ දූෂණය අනුමත නොකිරීම සම්බන්ධයෙන් සතුටු විය හැකිය.
මේ අතර රාජ්‍ය ආයතනවලින් එදිනෙදා කටයුතු හෝ හදිසි කටයුතු සිදුකර ගැනීමට යාමේදී මුහුණ දීමට සිදුවූ අත්දැකීම් අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් හතරෙන් එකක් හෙවත් 25෴ක් අල්ලස් ලබාදීම වරදක් නැතැයි යන මතයේ ඇති බව අනාවරණය වී ඇත. එය බරපතළ තත්ත්වයකි. දිගින් දිගටම අල්ලස, දූෂණය සිදුවීම තුළ ජනතාවගෙන් 25%කට අල්ලස, දූෂණය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මෙම පිරිස සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුව ඇත.
ලිංගික අල්ලස්
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිදුකළ සමීක්ෂණයේදී අනාවරණය වී ඇති තවත් කරුණක් වන්නේ ලිංගික අල්ලස් ලබාගැනීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවය. රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයක් සැපයීම වෙනුනේ ලිංගික අල්ලස් ලබාගැනීම හෝ බලකිරීම ඉදහිට, බොහෝවිට හෝ නිතරම සිදුවන බව ජනතාවගේ 46෴ක් විශ්වාස කරයි. නාගරික, ග්‍රාමීය මෙන්ම වතු ආශ්‍රිත ජනතාව අතරද මේ සම්බන්ධයෙන් මතය ඒ ආකරයෙන්ම වීම බරපතළය. විශේෂයෙන්ම ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව මේ තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවද මේ හරහා අනාවරණය වී ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව
රටේ ජනතාවගෙන් බහුතරය එනම් 86%ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් ඇති බව දැනුවත්ව සිටින බවද එම සමීක්ෂණය මගින් හෙළි වී තිබේ. එසේ වුවද කනගාටුවට කරුණක් වන්නේ බහුතරය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අල්ලස හෝ දූෂණය සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා කිරීමට හෝ පැමිණිලි කිරීමට යාන්ත්‍රණයක් පවතින බවට නොදැනුවත් වීමයි. එලෙස නොදැනුවත් පිරිස 72෴කි. ජනතාවගේ තත්ත්වය එසේ වනවිට රාජ්‍ය සේවකයන් සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය.
රාජ්‍ය සේවකයන්ගේ අවධානයට
අල්ලස් පනත යටතේ අල්ලස් හෝ දූෂණ වරදට වරදකරුවෙකු විය හැකි කරුණු 10ක් පෙන්වා දී ඇති අතර, රාජ්‍ය සේවකයන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම වැදගත්ය. එමෙන්ම ජනතාව රාජ්‍ය සේවයක් ලබාගැනීමට යාමේදී රාජ්‍ය සේවකයන් මෙම කරුණු 10න් එකක් හෝ උල්ලංඝනය කරනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිටීමද වැදගත්ය. එම කරුණු වන්නේ නිල බලය ඉක්මවා කටයුතු කිරීම, නිල බලය අයුතු ලෙස භාවිත කිරීම, පක්ෂපාතී ලෙස තීරණ ගැනීම, සේවය සඳහා ජනතාවගෙන් පෙරළා යමක් බලාපොරොත්තු වීම, තෑගිභෝග හෝ තුටුපඬුරු ලබාගැනීම, අයුක්ති සහගත ලෙස සේවය සැපයීම ප්‍රතික්ෂේප කිරීම හෝ ප්‍රමාද කිරීම, වෘත්තීය ආචාරධර්ම නොසලකා හැර කටයුතු කිරීම, නොසැලකිලිමත් ලෙස සේවය කිරීම, රහස්‍ය තොරතුරු හුවමාරු කිරීම, සාධාරණ ලෙස රාජකාරී නොකිරීම යන කරුණු 10යි.
මෙම 10න් එකකට හෝ රාජ්‍ය සේවකයන් වරදකරුවෙකු නම් අල්ලස් පනත යටතේ අල්ලස හෝ දූෂණයට ඔවුන් වරදකරුවෙකු වීමට ආසන්නය. මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් මෙන්ම ජනතාවගේ අවධානය යොමු වීමද අතිශය වැදගත්ය.
මේ ආකාරයට අල්ලස හෝ දූෂණයට වැරදිකරුවෙකු වුවහොත් වසර 10ක සිරදඬුවම් විඳීමට, රැකියාව මෙන්ම විශ්‍රාම වැටුපද අහෝසි වීම, ප්‍රජා අයිතිය අහෝසි වීම සහ නැවත රාජ්‍ය සේවයට එක්කර නොගැනීම සිදුවේ. එබැවින් අල්ල හෝ දූෂණය බරළතළ වරදකි.
දේශපාලනඥයන්
අල්ලස, දූෂණය, දේශපාලනය යන වචන එකට බැඳී තිබෙන වචන වේ. ඒවා වෙන් කිරීම දැඩි අපහසු කාර්යයි. එය වෙන් කිරීමේ අරමුණෙන් වත්කම් හා බැරකම් පනත වෙනස් කිරීමට, අල්ලස් හෝ දූෂණ පනත වෙනස් කිරීමට මෙන්ම මැතිවරණ වියදම් පාලන පනතක් ගෙන ඒමට විවිධ පාර්ශ්ව උත්සාහ දරමින් සිටින අතර, ඒ සියල්ලද අඩපණ වී ඇත්තේ අල්ලස් හා දූෂණයට ප්‍රිය දේශපාලනඥයන් නිසාමය.
මොවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අන්තර්ජාතික දූෂණ විරෝධී දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැහැදිලි කළේය. ඔහුගේම වචනවලින් එය මෙසේය.
& මහජනතාව දැනුවත් කිරීමකින් තොරව කිසිම රටක අල්ලස දූෂණය තුරන් කරන්න බැහැ. මහජනතාව අවශ්‍ය වෙන්නේ ඇයි. මහජනතාව ඉන්නේ ගෙවල්වල. ඉතින් ගෙවල්වල ඉන්න අය තමයි අල්ලස් ගන්නෙත්, අල්ලස් දෙන්නෙත්. ඒ වගේම අනාගතයේ දවසක මේ රටේ අල්ලස, දූෂණය වැඩිවෙනවා නම් ඒ දවසෙත් අල්ලස් ගන්නේත්, අල්ලස් දෙන්නේත් ගෙවල්වල ඉන්න අයමයි.
තව මාස තුන හතරකින් මැතිවරණ කොමිසම අපිට ආරාධනා කරනවා පෙට්ටියක් ගාවට යන්න කියලා. එතැනට ගිහිල්ලා කතිරය ගහද්දි ඔබ දන්න අල්ලසට, දූෂණයට සම්බන්ධ අයට කතිරය ගහන්න එපා. එහෙම නොකර ඒ අයට කතිරය ගහලා ඉවරවෙලා අල්ලස් කොමිසමට ඇවිත් අහන්න එපා හොරු ඇල්ලුවද කියලා. හොරු මහජන මන්ත්‍රීවරුන් විදිහට පත්කර ගත්තොත් ඔබමයි වගකියන්න ඕන. හොරු ඇල්ලුවද කියලා උසාවිය ගාවට ගිහින් ඇහුවට, මාධ්‍ය සාකච්ඡා කළාට ඔබමයි ඒකට වගකියන්න ඕන.
හොරු අල්ලන්නත් අවශ්‍යයි. ඒ වගේම නිවාරණ ක්‍රමවේදය අවශ්‍යයි. අනිකුත් රටවල්වල සෑම ආයතනයකම සුපිළිපන්න නිලධාරියෙක් ඉන්නවා. ඔහු තමයි රාජ්‍ය ආයතන ක්‍රමවේදය නිසි මග යවන්නේ. අපි පුංචි කාලයේ ඉඳන්ම සුපිළිපන්න විය යුතුයි. සුපිළිපන්නයි කියන්නේ අපි හොර රහසින්වත් වැරැද්දක් කරන්නේ නැහැ කියන එකයි. පොලීසිය හිටියත් නැතත්, ගුරුතුමා හිටියත් නැතත් වැරදි වැඩක් කවදාවත් නොකරන්න අපි දරුවන්ව පුහුණු කළ යුතුයි.
අල්ලස් කොමිසමක් නැති දවසක්, සීසීටීවී නැති දවසක් රට හොඳට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් ඇපි ඇති කළ යුතුයි. මහජනතාවගෙන් අපි ඉල්ලන්නේ ඔබ නරඹන්නෙක් වෙන්න එපා, ඔබ කසකරුවෙක් වෙන්න. කසකරුවෙක් වෙලා අදින් පටන් මේ පණිවුඩය ජනගත කරන්න. මහජනතාව වන ඔබ නැතිව මේ රටේ අල්ලස, දූෂණය තුරන් කිරීම අපිට හුදකලාව කරන්න බැහැ.* යනුවෙන් ඔහු අවධාරණය කළේය.
අල්ලස, දූෂණය තුරන් කිරීමේ කාර්යභාරය නිවසින් ආරම්භ කළ යුතුය. අල්ලස, දූෂණයට යොමු නොවීමට දරුවන්ට ඉගැන්වීම සිදුකළ යුතු අතර, එය දෙමාපියන්ට විශේෂයෙන්ම පැවරෙන කාර්යකි. අල්ලස, දූෂණය පිටුදැකීමට ඔවුන් සතු කාර්යභාරයද සුවිශාලය.
අල්ලස, දූෂණය ගැන පැමිණිලි කරමු
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මේ වසරේදී මේ වනවිට පැමිණිලි 2769ක් ලැබී තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සඳහා මාර්ග 08ක් කොමිසම විසින් හඳුන්වා දී ඇති අතර, ඔබගේ නිවැරදි සහ සත්‍ය තොරතුරු නාමිකව හෝ නිර්ණාමිකව පැමිණිලි කිරීමේ අවස්ථාව ඒ හරහා සලසා දී ඇත.
කෙටි දුරකථන අංකය
අල්ලස් කොමිසමේ කෙටි දුරකථන අංකය 1954 වන අතර, පැය 24 පුරාවටම එයට පැමිණිලි කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.
පැමිණ හෝ ලිපි මගින්
අංක 36, මලලසේකර මාවත , කොළඹ 07 ලිපිනයේ පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ පැමිණිලි කිරීමේ අවස්ථාව ඇත.
එමෙන්ම ලිපි මගින් ඉහත ලිපිනයට පැමිණිලි යොමු කිරීමටද අවස්ථාව ඇත.
දුරකථන මගින්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සෘජු දුරකථන අංක වන +94 112 596360 / 1954 හෝ ජංගම දුරකථන අංකය වන +94 767011954 අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කිරීමට පුළුවන.
ඊමේල් හෝ ෆැක්ස්
ඊමේල් හරහාද පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ලබාදී ඇති අතර, ciaboc@eureka.lk ඊමේල් ලිපිනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම එහි ෆැක්ස් අංකය වන +94 112 595045 සඳහාද පැමිණිලි යොමු කළ හැක.
අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාවේ ලේකම් වෙතද පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. ලේකම්වරයාගේ අංකය +94 1125 96363 වන අතර, ඊමේල් ලිපිනය වන්නේ secretary@ciaboc.gov.lk යන්නයි.
රටෙන් අල්ලස් හෝ දූෂණය තුරන් කිරීම පාලක පාලිත සැමගේ වගකීම වන අතර, ඒ වෙනුවෙන් ඔබගේ කාර්යභාරය ඉටුකිරීමට නොපැකිළිව ඉදිරිපත් වන්න.
ada
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...