ව්‍යාපාරික පුවත්

නිසි නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් තිබෙන වී ගබඩා කඩිනමින් පිලිසකර කිරීමට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) රැස්වූ අවස්ථාවේදීයි.

වෙළඳපොලෙහි සහල් මිල පාලනයට තවදුරටත් මැදිහත්වීම ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මත්ස්‍ය ආනයනයේදී අය කෙරෙන බද්ද, වැඩිකිරීමට ද ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව තීරණය කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මුලින් කිලෝග‍්‍රෑම් 01 කට රුපියල් 100 ක්ව පැවැති මෙම බද්ද ඉකුත් ආණ්ඩුව සමයේදී රුපියල් 25 ක් දක්වා අඩු කෙරුණා.

ඒ හේතුවෙන් මත්ස්‍ය ආනයනය වැඩිවී ශ‍්‍රී ලාංකික ධීවරයන් පීඩාවට පත්වන බවයි නිරීක්ෂණය වී තිබෙන්නේ. එබැවින් මත්ස්‍ය ආනයන බද්ද නැවත කිලෝග‍්‍රෑම් 01 කට රුපියල් 100 දක්වා වැඩිකිරීමට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More