ක‍්‍රි. ව. 1190 දී පළමුවන රිචර්ඞ් රජු සයිප‍්‍රසය යටත් කරගෙන වසර දෙකකට පසු එනම් 1192 දී මුදල් හදිසියකට එය උකසට තැබීය. ඉන් නොනැවතුන ඔහු ගයී. ඞී. ලූසිගන් නම් නයිට්වරයකුට සයිප‍්‍රසය සින්නක්කරවම විකුණා මංගලෝත්සවයක් පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් ය. සයිප‍්‍රසය පළමුවන රිචර්ඞ්ගේ මාතෘභූමිය නොවේ. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ වඩුගයකු වුවද, ලංකාද්වීපයෙන් ඔහු පිටමං වන්නේ ”ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරූ” කියාය. නායක්කර් වංශික රාජසිංහ රජුගේ හදවත ලක් දෙරණ සම්බන්ධ දේශවාත්සල්‍යයෙන් පිරී තිබිණි. අපේ රට පසුගිය අවුරුදු හැට හැත්තෑවක කාලයෙන් වැඩි කොටසක් පාලනය කර තිබෙන්නේ පිටතින් ශ‍්‍රී ලාංකික එහෙත් ඇතුළතින් රිචර්ඞ්ලා ය! එහෙයින් ලොව කිසිදු අන්‍ය දේශයක් සතු නොවන සම්පත් පැතිකඩක් සහිත අපේ මාතෘභූමිය, දේශජ සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් තිරසාර සංවර්ධනයක් කරා මෙහෙවීමේ පූර්ණ නොහැකියාව ප‍්‍රදර්ශනය කරන්නා වූ වඳ පීදුනු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට එය කොටස් වශයෙන් හෝ මුළුමනින්ම හෝ විදේශ සමාගම් වලට, රට වලට විකුණා දමන්නට, බදු දෙන්නට සිත් පහළවීම ගැන පුදුම වියයුතු නැත.
කලින් කලට විවිධ සංකල්ප, ප‍්‍රවාද සමස්ත සමාජ සංවාදයන්හිම දිශානතිය තීරණය කරන්නේ ය. ආර්ථික කොරිඩෝව එවැනි එක් සංකල්පයකි. එක් අතකින්, ආර්ථික කොරිඩෝ හඳුනාගැනීම අවශ්‍ය වන්නේ ජාතික සංවර්ධනය සඳහා ප‍්‍රමාණවත් ස්වභාවික හෝ මානව සම්පත් නැති රටවල ආර්ථික වර්ධනය උදෙසාය. අනෙත් අතින් ආර්ථික කොරිඩෝ වැනි උපාය උපක‍්‍රම ලෝකයේ බලවත් යැයි සම්මත රටවල් විසින් නිර්මාණය කරන්නේ ප‍්‍රභල වාසියක් තමන්ට ඇත්තේ නම් පමණි. ඇත්ත වශයෙන්ම ඇමරිකාව හෝ බටහිර යුරෝපයේ වේවා වෙනත් ප‍්‍රභල රටක් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ආසියානු සංවර්ධන බැංකුව වැනි දැවැන්ත මූල්‍ය සංගත හරහා මුදල් සම්භාරයන් ආයෝජනය කරමින් ලෝකයේ ”ඌන සංවර්ධිත” යැයි සම්මත රටවල ”සංවර්ධනයට” මැදිහත් වීම ගැන අප උරණ විය යුතු නැත. ඒ අයිතිය ඔවුනට ඇත. අප අපේ ප‍්‍රශ්නය විසඳාගත යුත්තේ ඒ ඊනියා සංවර්ධන මැදිහත්වීම් වල වේශයෙන් එන පර්යන්ත ”දිළිඳු” රටවල් සූරාකෑමේ ව්‍යාපෘති ඉස්මුදුනින් පිළිගන්නා, එක්කෝ ගෝලීය දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා, නැත්නම් තමන්ට අත්වන වාසි පිළිබඳව සිතා ඒවාට මංපෙත් විවර කරන නායකකාරකාදීන් සමගය. ඒ වරදාන ගිලින්නන්, අපි හිරුගේ වෙලාවට හා සඳුගේ කලාවට ගොවිතැන් කළ පිරිසක් බව නොදනිති.
ගාමිනී අභය නොහොත් දුටුගැමුණු නරේශ්වරයා ස්වකීය රාජ සභාවේ වාරිමාර්ග විෂයය භාර දුන්නේ බුලතා යෝධයාට ය. ඊට හේතුව, මහා සංග‍්‍රාමය අතරතුර, ඡුත‍්‍ර හා තිත්ථම්භ සමග ගැටෙමින් ගාමිණී අභය මාස හතරක් පහක් මහියංගනයේ රැුඳී සිටියදී සොරබොර වැව බඳිමින් බුලතා ස්වකීය වාරි තාක්ෂණ කෞෂල්‍යය පෙන්වීමය. එහෙත් අපේ ඇතැම් කෘෂිකර්ම ඇමැතිවරුන් (බොහෝ සෙසු දේශපාලනඥයන් සේම* කළේ සහල් ආනයන කොන්ත‍්‍රාත්තු වලට අතගැසීමය; නැත්නම් කෘෂි රසායන අලෙවි කරන බහුජාතික සමාගම් වල ඉත්තන් බවට පත්වීමය; එසේත් නොමැති නම්, විදේශ සංචාරයකදී දෙකකදී තමන් විශේෂඥයෙක් යැයි කියාගත් සුද්දකුගේ සුද්දියකගේ බස් අසා පැමිණ වසර දහස් ගණනක් පැරණි අපේ වගා තාක්ෂණික භාවිතාවන් හා සැලසුම් තඹයකට මායිම් නොකර, සුද්දන්ගේ මඩිය තර කරනු පිණිස උන්ගේ වගා ක‍්‍රම අපේ ගොවීයා ලවා මෙහි පැළපදියම් කිරීමය. ගොවියාද, පසද, ජාතියද ශාසනයද නැසෙන්නට පටන් ගන්නේ ඒ හේතුවෙනි. 2017 වසරේ වී වගා කරන ඉඩම් හෙක්ටාර ලක්ෂයක් වෙනත් භෝග සඳහා යෙදවීමේ උපාය පාර්ලිමේන්තුවේදී සාකච්ඡුාවට
ගැනෙන්නේද ඇමැතිවරුන්ට ලැබුන එවැනි ‘සැලකිලි’ නිසා විය හැක.
4-21 ප‍්‍රහාරයෙන් දින පහකට පසුව මංගල සමරවීර අමාත්‍යවරයා කීවේ එම මරාගෙන මැරෙන ප‍්‍රහාර ශ්‍රේණියේ ප‍්‍රතිඵල දුක්බර වුවද, අයි. එස්. අයි. එස්. ප‍්‍රහාරයකට අපේ රට ලක්වීම නිසා ඇමෙරිකානු ආරක්ෂක මැදිහත්වීම් ලබාගැනීමේ සුවිශේෂී අවස්ථාව අපට හිමිවී ඇති බවකි. ඒ සමගම ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ආයෝජනයක්ද ලැබෙන බව හේ ආඩම්බරයෙන් කීවේය. මිලේනියම් වැලේන්ජ් කෝපරේෂන් කම්පැක්ට් හෙවත් එම්. සී. සී. සී ගිවිසුමට එල්ලවූ සමාජ විරෝධය ව්‍යර්ථ කරනු පිණිස චම්පික රණවක මෙගාපොලිස් අමාත්‍යවරයා යෝජීත ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතියට මෙරට විද්වතුන් 2,000 කගේ චින්තන දායකත්වය හා අනුමැතිය ලැබී ඇති බව පැවසුවේය. ජෝන් පර්කින්ස් නම් වූ හිටපු ලෝක බැංකු මූල්‍ය උපදේශකවරයා ”ආර්ථික ඝාතකයකුගේ පාපෝච්චාරණය” ලෙසින් පළ කළාවූ කෘතිය ලතින් ඇමරිකානු රටවල පොහොසත් ස්වභාවික සම්පත් සහිත පාරිසරික සාධකය දීර්ඝ කාලීනව නැති නාස්ති කිරීමට ලෝක බැංකු මූල්‍ය දායකත්වයෙන් අධිරාජ්‍යවාදී කඳවුර මැදිහත්වූ අයුරු පාපෝච්ඡුාරණය කළේය.
අපේ ප‍්‍රතිපත්ති සම්පාදකයා නිෂ්ක‍්‍රියව සිටින්නේ ආධාර, ණය, ආයෝජන හෝ වෙනත් මුහුණුවරකින් එන බලවත් රටවල අතපෙවීම් තේරුම් ගැනීමේ නොහැකියාව නිසා නොවේ. තමාට ලැබෙන වරදාන නිසාය. ඇමරිකාව ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීත්වය සඳහා මැදිහත් වීම ඇරඹූයේ අද ඊයේ නොවේ. එම්.සී.සී.සී වැනි ආර්ථික ඝාතනයක් නොව සියදිවි නසාගැනීමකට පෙර පසුගිය රජයේ ප‍්‍රභලයන් හට බොහෝ කරුණු අමතකවීම අහම්බයක් නොවන බව අපගේ විශ්වාසය යි. අපට ගැටලූව ඇත්තේ ආක‍්‍රමණිකයා සමග නොව, ආක‍්‍රමණිකයා ගෙට වද්දා ගන්නා නරුමයා ගැන බව පුන පුනා කියන්නේ එබැවිණි. 1950 දශකයේදී ශ‍්‍රී ලංකා චීන සබඳතා ගොඩනැගෙනු දැකීමට අකැමැති වූ ඇමරිකාව චීන ශ‍්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට විරුද්ධ වූයේය. අපේ රබර් වගාවේ දිළීර පාලනය සඳහා අවශ්‍ය වූ සල්ෆර් නොසපයන්නැයි ඇමරිකාව ප‍්‍රංශයට, ඉතාලියට, හා ජපානයට බලපෑම් කළේය. 1998 වකවානුවේදී ඝර්මකලාපීය වනාන්තර සංරක්ෂණ පනත අත්සන් කරන්නට කටයුතු සම්පාදනය විය. එය එසේ වූවා නම් රාජ්‍ය නොවන සංවිධානයන්ට අපට ආවේණික ඖෂධීය ශාකයන්ට අත තැබීමේ ඉඩ ලැබෙන්නට නියමිතව තිබුණි. එහෙත් එය වැළකී ගියේ ප‍්‍රභල මහජන විරෝධයක් ඇතිවූ නිසාය.
පසුගිය වසර 20 ක පමණ කාලය තුළ ඇමරිකාව ක‍්‍රියාකර ඇත්තේ අපට රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් මිත‍්‍ර රටක් ලෙස නොවේ. ‘ලෝක බලවතා’ ලෙසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ මැදිහත්වීම් අගතීන්ගෙන් සමන්විතය. යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 වසරේ ලංකාවට පැමිණි සෙනෙට් සභිකයක් දෙදෙනෙක් ප‍්‍රකාශ කළේ ”රාජපක්ෂ හානිකර” බවය. ඬේවිඞ් ප‍්‍රයිස් සෙනෙට් සභිකයා 2016දි ”අපි ශ‍්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකසා එරටට යවා අවසන් බව කීවේ කවර නම් අපේක්ෂාවකින්ද?
2015 මැයි මස ශ‍්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය ලේකම් ජෝන් කේරී කීවේ අපට ”ඉන්දු පැසිපික් කලාපයේ නවීකරණයේ උපස්ථම්භය” විය හැකි බවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යකරණය හා වගවීම සඳහා වූ ව්‍යාපෘතිය (ීඑරුබටඑයැබසබට ෘැපදජර්එසජ ඨදඩැරබ්බජැ ්බා ්ජජදමබඒඉසකසඑහ ඡුරදවැජඑ – ීෘඨ්ඡු* ක‍්‍රියාත්මක කරන්නේ ඩිවලප්මන්ට් ඕල්ටනේටිව් ඉන්කොපරේෂන් (ෘ්ෂ* නම් පෞද්ගලික ආයතනය මගිනි. එය සී අයි ඒ අතුරු සංවිධානයකි. එම සමාගම ස්ථාපනය කරන්නේ රටවල් අස්ථාවර කරනු පිණිසය. එම ව්‍යාපෘතිය කිසිසේත්ම අපේ විගණකාධිපතිවරයාගේ පරීක්ෂණයට විෂයය නොවේ. එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වූ සෙසු රටවල් නම් ඇෆ්ගනිස්තානය, කොලොම්බියාව, ජෝර්ජියාව, හයිටි, ඉන්දුනීසියාව, ඉරාකය, කෙන්යාව, කොසෝවෝ, කිර්ගිස්ථානය, ලෙබනනය, ලයිබීරියාව, මැසිඩෝනියාව හා
මොංගෝලියාව යි. සාමාන්‍යයෙන් සමකාලීන ලෝක දේශපාලනික තත්ත්වය දන්නා කෙනෙකුට මේ දරුණු ආර්ථික ඝාතනවල ස්වභාවය තේරුම් ගැනීමට එයම ප‍්‍රමාණවත්ය. යහපාලන ආණ්ඩුවේ දින සියයේ ව්‍යාපෘතියට යූ එස් ඒඞ් (ඹී්ෂෘ* හරහා ඩොලර් මිලියන 3.4 ක් දීම මෙහිලා දැඩි සැලකිල්ලට ගතයුතු අතර, ශ‍්‍රී ලංකාව, නයිජීරියාව, හා බුරුමය යන රටවල පාලන තන්ත‍්‍ර පෙරළා දැමීමට 2015 ට පෙර සැපයුන මුදල් ප‍්‍රමාණය ඩොලර් මිලියන 585 බවද සිහිතබා ගත යුතුය!
අපේ රටේ කෘෂිකාර්මික ඉඩම් වල ඵලදායීතාව බෙහෙවින්ම අඩුබවද හා මහාමාර්ග ප‍්‍රවාහන අර්බුද උග‍්‍ර බව කීමට සිදුකරනු ලැබූ කුමන්ත‍්‍රණ කොතෙක්ද? ඒ සියල්ල එම්. සී. සී. සී සඳහා එලූ පාවාඩ ය. 2016 වසරේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඇමරිකා යන්නේ ”සෞඛ්‍යය හේතූන් මත” යැයි කියාය. නමුත් ඔහු එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව ඇමතීය! 2016 සැප්තැම්බර කථානායක කරු ජයසූරිය ඇමරිකා යන්නේය. 2018 දී සාගල රත්නායක අමාත්‍යවරයා එම්.සී.සී.සී සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තු පවා මුණගැසුනු බව ඇතැම්හු පවසති. ඇමරිකාවේ සිට නීෂා බිස්වාල් ආවේ 2015 ජුලි මසදීය. ටොම් මැලිනවොස්කි ද එම මාසයේමය. සමන්තා පවර් 2015 නොවැම්බරයේය. තෝමස් ෂැනන් 2015 දෙසැම්බරයේ ය. පසුගිය වසර 5 ක කාලය තුළ ඇමරිකානු ප‍්‍රධානීන්ගේ ගමන් 16 ක් සිදුවී ඇත. 2000 වසරින් පසුව අපේ රටට සිදුවූ ඇමරිකානු හමුදා සංචාර, ඒකාබද්ධ යුද අභ්‍යාස, මිලිටරි හෝ වෙනත් රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත් වීම් ගණන 43 කි. ඉන් 41ක් සිදුවී ඇත්තේ පසුගිය වසර 5 ක කාලයේ ය!
මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය (පසුව කඩිනම් කළ* කළ එලි බසින කාලයේ ජනතාව මුළා කළේ පැරකුම් යුගයක් නැවතත් අරඹන බව කියාය; අපේ අතිරික්ත ජල විදුලිය ඉන්දියාවටද අලෙවි කළ හැකි යැයි කියාය. එතෙර මෙතෙර ආර්ථික ඝාතකයන්ගේ ”සංවර්ධන උපාය මාර්ග” වල ඇති පූර්ණ අසාර්කත්වය තේරුම් ගැනීමට, නායයෑමට ලක්වන මධ්‍ය කඳුකරයෙන් හා දේශීය විදුලි අවශ්‍යතාව සපුරාලීමට මුහුදේ නැව්මත පාවෙන දැවැන්ත විදුලි ජනක යන්ත‍්‍ර වලින් කෝටිගණන් ගෙවා විදුලිය මිලදී ගැනීමෙන් මැනෙවින් වටහා ගත හැක. අපට ඇති ගැටලූව, කලකට ඉහතදී අධිරාජ්‍යවාදය, ආර්ථික ව්‍යාප්තවාදය වැනි සංකල්ප වලට එරෙහිව මාරාන්ති මැදිහත්වීම් කළ, දේශීයත්වය, සිංහලකම ගැන ගිරිය පුප්පන් කෑ ගැසූවන්, ආර්ථික කොරිඩෝ වැනි දීර්ඝ කාලීන මර උගුල් වලට න්‍යායිකව සුජාතභාවය කෙසේ සපයන්නේද යන්නයි.
1834 දී ඉන්දියාවට පැමිණි තෝමස් බැබින්ටන් මැකෝලේ සාමිවරයා පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ පාලනයට යටත් රටවල් සියල්ලටම අදාළ නිර්දේශයක් එංගලන්ත වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළේය. ඒ, මෙම රටවල් ඇත්ත වශයෙන්ම යටත් විජිත බවට පත් කරගැනීමට නම්, ඒ රටවල ඓතිහාසික අධ්‍යාපනය යටත් විජිත අධ්‍යාපන ක‍්‍රමයකින් ප‍්‍රතිස්ථාපනය කළ යුතු බවත්, ඒ රටවල සංස්කෘතිය හා සාරධර්ම විනාශ කළ යුතු බවත් ය. ජන විඥානය උඩුයටිකුරු කිරීම සඳහා අධ්‍යාපනය අපහරණය කිරීම යටත්විජිතවාදීන් අරඹන්නේ එතැන් සිටය. යටත්විජිත සදාකාලිකව පවත්වා ගැනීමට, ගතින් ස්වදේශික සිතින් විදේශික කළු සුද්දන් බිහිකරන්නේ එතැන් සිටය. සංවර්ධනය මිණීම සඳහා ආහාර ඇඳුම් නිවාස ආදී කන්න නොතිබුණු, ඇඳුම් නොතිබුණු, නිවාස නොතිබුණු සුද්දන්ගේ මිණුම් දඬු භාවිත වන්නේ එතැන් සිටය. මුඩුක්කු පැල්පත් බහුල වූ, විධිමත් නිවාස නොතිබුණු මැදකොළඹින් පත්වූ නිවාස අමාත්‍යවරයා නිවාස ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නයක් කළේද එසේම ය. වසර දහස් ගණනක් පුරා දියුණු දේශයක සාඩම්බර පුරවැසියන් වූ අපේ සංවර්ධනය පිළිබඳ ආකල්පය අංශක 180 කින් ආපසු හැරිණි. දළ ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම ආදී ඇඩම් ස්මිත් පන්නයේ ආර්ථික අඩිකෝදු වලින් අපේ සෞභාග්‍යයද මණින්නට පටන්
ගැනිණි. ඒ කෝදුව ප‍්‍රකාරව අපි සදාකාලික ”සංවර්ධනය වෙමින් පවතින රටවල්” ය.
බටහිර මානව සමාජය සංවර්ධනය යැයි හඳුනාගන්නා සංකල්පය, අපට අදාළව නම් ”සෞභාග්‍යය” ය; ”සමෘද්ධිය” ය. සංවර්ධනය සම්බන්ධ අපේම වූ ක‍්‍රමවේදයක් අපට තිබිණි. ගොවිතැන එහි හදවත විය. වැව ගොවිතැනෙහි වාරි පදනම පමණක් නොව, සංස්කෘතියේ වියමන ද විය. 1818 අරගලයට සමාන්තරව බ‍්‍රවුන්රිග් ක‍්‍රියාත්මක කළ බිම්පාළු ක‍්‍රමයේදී සියලූ වාරි පද්ධති සුනුවිසුනු කරන්නේ අපේ සංවයංපෝෂිතතාව, සෞභාග්‍යය ගොවිතැන සමග බැඳී පැවතුණ නිසාය. එහෙත් නූතනයේ සංවර්ධනය යනු සියල්ල ආසානාසි කිරීමකි. ”සංවර්ධනය කර විකුණන ඉඩම්” ඊට කදිම නිදසුනකි.
පසුගිය සමයේ අපේ රටේ විදෙස් රාජ්‍ය නොවන සංවිධාන වල මූල්‍ය දායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ ඊනියා කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති විසින් කර ඇත්තේ කුමක්ද? අපේ ස්වදේශික බීජ සියල්ල ගොවීන්ගේ භාවිතයෙන් ඉවත්කිරීම පමණි. දිළිඳු සහන ව්‍යාපෘති වල ප‍්‍රධාන ප‍්‍රතිඵල දෙකකි. එකක් මේ මජර දේශපාලන ක‍්‍රමය පවත්වාගැනීමට අවශ්‍ය අල්ලස දිළිඳුකම නිසා ජීවග‍්‍රහයෙන් ගනු ලැබූ ඡුන්ද දායකයාට රාජනුග‍්‍රහයෙන් ලබාදීමය; අනෙක නිකමුන් බිහිවීමය. කුඹුරු පුරං වීම ගැන කවුරුත් කතා කරති. එහෙත් ඊට බලපා ඇති ප‍්‍රධාන හේතුවක් වූයේ ග‍්‍රාමීය ගොවිජනතාව විදෙස් උපදෙස් මත ස්වදේශිකයන් නිකමුන් කිරීමේ අභිලාෂයෙන් සැලසුම් කළ ඊනියා දිළිඳු සහන වැඩපිළිවෙළ ඔස්සේ නිෂ්ක‍්‍රීය යැපෙන්නන් බවට පත් කිරීමය.
ආචාර්ය චමිල ලියනගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...