දින කිහිපයක් තිස්සේ අමාත්‍යමණ්ඩල සංශෝධනය පමාවීමට බලපාතිබෙන හේතු කිහිපයක් අනාවරණය වේ.
මුදල් අමාත්‍යධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනජ මහතා දැනුම් දී ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා ඊට එකඟත්වය ලබාදී නොමැති බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග විලින් වාර්තා වේ.
මීට අමතරව නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත තිබුණද ඊට අග්‍රාමාත්‍යවරයා ඊට එකඟත්වය ඵලකර නොමැතිබවද වාර්තා වේ.
මේ අතර මහාමාර්ග අමාත්‍යධුරය කබීර් හෂීම් අමාත්‍යවරයාට ලබාදීමට ඉදිරිපත්වී ඇති යෝජනාවට පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා දැඩි විරෝධය ඵලකර තිබෙන බවද වාර්තා වේ.
මෙම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධීපතිවරයා හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවතුනද එහිදී ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙන බවද වාර්තාවේ.
මීට අමතරව අමාත්‍යධුර සංශෝධනය සම්බන්ධයෙන් තවත් ගැටළු කිහිපයක්ම මතුවී තිබෙන නිසා අමාත්‍යමණ්ඩල සංශෝධනය තවදුරටත් ප්‍රමාදවන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.
කෙසේ නමුත් අමාත්‍යමණ්ඩල සංශෝධනය අද (23) සවස් කාලයේ සිදුකිරීමට නියමිත බව වාර්තාවන අතර තවත් වාර්තාවකින් කියවෙන්නේ ඉදිරි දින කිහිපයතුළ මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවියහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...