සිරියාවේ නැගෙනහිර ගෝටා ප‍්‍රදේශයට රුසියානු ආධාර සහිත සිරියානු හමුදා දින 3ක සිට අඛණ්ඩව බෝම්බ, මිසයිල හෙළීම හේතුවෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් සඳහා කල් ඉකුත් වූ ඖෂධ භාවිත කරන්නැයි සිරියානු පාලක රෙජිමය වෛද්‍යවරුන් වෙත බලපෑම් කර ඇතැයි සීඑන්එන් පුවත් වාර්තා පවසයි. සිරියාවේ පිහිටි අමෙරිකානු වෛද්‍ය සංගමය මේ බව අනාවරණය කර ඇත. ප‍්‍රහාරවලින් දින 3ක් තුළ මියගිය සංඛ්‍යාව 300 ඉක්මවා ගොස් තිබේ. 500කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි. ගෝටා ප‍්‍රදේශය සිරියානු කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින විශාලතම ප‍්‍රදේශය ලෙස සැලකේ.
මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගටේරස් පවසා ඇත්තේ ‘මේ මිහිමත නරකාදිය වහා නවතා දමන’ ලෙසයි. ඔහු මේ බව පසුගියදා පැවැති ආරක්ෂක කවුන්සිලයේදී දීර්ඝ වශයෙන් පවසා ඇත. ගෝටාහි සිදුවන විනාශය ‘අතිශය නින්දිත දරුණු යුද අපරාධ’ බවට ද එම සංවිධානය නිවේදන නිකුත් කර තිබේ. සටන් විරාම ද, ජාත්‍යන්තර විරෝධය ද යන කිසිවක් නොසලකා මෙම ප‍්‍රහාර එල්ල කෙරෙන බව එරට වාර්තා පෙන්වා දෙයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...