* නත්තල් දේව මෙහෙයට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කළ පාස්කු ප‍්‍රහාරය
* මහ මැතිවරණයේ වගකීම මහින්දට හා බැසිල්ට
* ජනාධිපති නිල නිවස විශ‍්‍රාමික ජනපතිවරයකුට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හැකිද?
* පාර්ලිමේන්තුව නිරුවත් කළ කෘෂිකර්ම අමාත්‍යාංශය යොදා කළ රුපියල් බිලියනයක කොල්ලය
2020 මහ මැතිවරණ ව්‍යාපාරය අගමැති මහින්ද රාජපක්‍ෂ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂගේ මෙහෙයවීමෙන් කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දෙසැම්බර් 16 දින ප‍්‍රකාශ කළේය. ජාතික පුවත්පත් කතෘවරුන් සහ රූපවාහිනි නාලිකා නියෝජිතයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරණයෙන් පසු පළමුවරට මුණගැසුන අවස්ථාවේ එතුමා පැවසුවේ සහෝදරයන් දෙදෙනා මෙහෙයවන මැතිවරණ යාන්ත‍්‍රණයට තමන් සහයෝගය දෙන බවය.
මැතිවරණ කි‍්‍රයාවලිය මෙහෙයවීම සහෝදරයන්ට බාර කර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විශේෂිත මෙහෙයුමක නිරත වී ඇත.
දේශපාලනය උඩුයටි කිරීමේ උත්සාහයක ජනාධිපතිවරයා නිරතවී ඇත. විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් පසුව ජනාධිපතිවරයාගේ ඡුායාරූප සෑම රාජ්‍ය ආයතනයකම ප‍්‍රදර්ශනය කිරීම ආරම්භ විය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැනින් ජනාධිපතිවරයාගේ ඡුායාරූපය ප‍්‍රදර්ශනය කිරීම නවතා දැමීය. ජනාධිපතිවරයාගේ ඡුායාරූපය ප‍්‍රදර්ශනය නොකරන තත්ත්වය තුළ අගමැතිවරයා ඇතුලූ ඇමැතිවරුන්ගේ ඡුායාරූපද රාජ්‍ය ආයතන තුළ ප‍්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයක්ද ඇති නොවේ. තම ප‍්‍රථම විදේශ සංචාරයේදී විශෙෂ අමුත්තන්ගේ පර්යන්තය පාවිච්චි නොකිරීමට එතුමා ගත් තීරණය සියල්ලන්ටම ආදර්ශයකි. දින දෙකක ඉන්දීය සංචාරයකින් පසු නැවත ශ‍්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව ගියේ සාමාන්‍ය ගුවන් මගීන් සමගය.
ජනාධිපතිවරයා තම ශ‍්‍රී ලාංකීය ගුවන් බල පත‍්‍රය දෙවන වරට පාවිච්චි කළේ නව දිල්ලියට යෑමටය. ඇමරිකානු ගුවන් බලපත‍්‍රය අහිමිවූ පසු ලබාගත් ශ‍්‍රී ලාංකීය ගුවන් ගමන් බලපත‍්‍රයෙන් එතුමා පළමුවරට විදේශගත වූයේ ජනාධිපතිවරණයට සුළු කාලයකට පෙරය. ගමනාන්තය සිංගප්පූරුව විය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පිවිසෙන කැනඩා මිත‍්‍රත්ව පාර හරහා ඉදිකර තිබූ අවලස්සන තොරණ ඉවත් කිරීමටද ජනාධිපතිවරයා නියෝග කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලය (පරණ පාර්ලිමේන්තුව* නිසි ලෙස කි‍්‍රයාත්මකය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සියලූ නිල කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යොදාගැනීම අගය කළ යුතුය. ඇත්ත වශයෙන්ම එය ආදර්ශයකි. විදේශීය නියෝජිතයන් මෙන්ම පුවත්පත් හිමිකරුවන් සහ කතෘවරුන්ද ජනාධිපතිවරයා මුණගැසුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් මුණගැසුනේ අරලියගහ මන්දිරයේදීය. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට ආරාධනා කළේ ජනාධිපති මන්දිරයටය. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට හෝ ඇයට පෙර එම ධුරය හෙබවූ ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, ඞී. බී. විජේතුංගට මාධ්‍යවේදීන් එලෙස කැඳවීමට වුවමනාවක් තිබුණේ නැත.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මාධ්‍යවේදීන් සමඟ වූ තම ප‍්‍රථම හමුවේදී කාටත් අමතක නොවන දෙයක් කළේය. ජනාධිපතිවරයා කිසිවකු බලාපොරොත්තු නොවූ ලෙස මාධ්‍යවේදීන් සමඟ පෝලිමේ ගොස් ආහාර බෙදාගැනීම විශේෂත්වය විය.
නමුත් අභියෝගය වන්නේ තම පස්වසරක ජනාධිපති ධුර කාලයේදීම එලෙස කටයුතු කිරීමයි. එය සුළුපටු අභියෝගයක් නොවේ. විදේශ නිල සංචාර, මහජන මුදල් කාබාසිනියා කරන අවස්ථා නොවිය යුතුය. ජනාධිපතිවරයා තම ප‍්‍රථම විදේශීය සංචාරයේදී නිල කටයුත්තකට සහභාගිවීමේ සහ විනෝදගමනක වෙනස පාර්ලිමේන්තුවේ සිටි සහ වර්තමානයේ සිටින මන්ත‍්‍රීවරුන්ට පෙන්නා දුන්නේය.
ජනාධිපතිවරයා සමඟ විදේශ සංචාරයකින් පසුව නැවත පැමිණෙන පුද්ගලයන් තීරු බදු පහසුකම අවභාවිත කිරීම සිදුනොවිය යුතුය. කවුරුත් කථාකරන සැබෑ දේශපාලන ‘වෙනස’ රටේ ඉහළම තැනින් ආරම්භ විය යුතුය.
ජනාධිපතිවරයා වතුර පිරවූ බෝතල් අමුත්තන්ට දීම නතර කිරීමට ගත් තීරණය ප‍්‍රකාශ කළ අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති එම සාකච්ඡුාවට සහභාගි වී සිටි සෑම පුද්ගලයකුගේ ඉදිරියේම ‘බෝතල් වතුර’ විය. පිපාසයක් තිබුණත් නැතත් තමන් ඉදිරියේ තබන වතුර බෝතලය විවෘත නොකරන පුද්ගලයෙකු සොයා ගැනීම අපහසුය. ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් නොවැම්බර් 18 දින අනුරාධපුරයේ රුවන්වැලි සෑය ඉදිරිපිට කළ හරවත් කථාවෙන් පසුව මෙම ලිපිය ලියන දෙසැම්බර් 20 දක්වා එතුමා ප‍්‍රසිද්ධ වේදිකාවක කථා කර නැත. මෙම කාලය තුළ විහාරස්ථාන කිහිපයකට සහ කොළඹ අගරදගුරු නිවෙසට එතුමා ගියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ගමන් බිමන් අඩුයි. පවතින තත්ත්වය හොඳය. එය ඉදිරියට පවත්වාගෙන යෑම සැබෑ අභියෝගයකි.
ජනාධිපතිවරයා සියලූ රූපවාහිනි නාලිකාවල දිනපතා ප‍්‍රවෘත්ති විකාශයේ වැඩි ඉඩක් ලබාගැනීමේ අවස්ථාවද අතහැර ඇත. ජනාධිපතිවරයා අගමැති ඇතුළු ඇමැතිවරු 16 දෙනා සහ රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පිළිවෙළින් 35 සහ 03 දිවුරුම් දුන් දින කළ කථාවලට අමතරව එතුමා අදහස් පළකර ඇත්තේ එතුමා නොයෙක් පුද්ගලයන් සහ කණ්ඩායම් හමුවූ අවස්ථාවන්හිදීය. ඉහත සඳහන් පත්වීම් සහ හමුවීම් සියල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.
නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දුන් මන්ත‍්‍රීවරුන් තිදෙනා වැඩ බාර ගන්නා විට රාජ්‍ය ඇමැතිවරුන් බවට පත්වී තිබිණි. එලෙස සිදුවිය හැකිද? 2020 මහා මැතිවරණය පවත්වන තුරු පිහිටවූ නව රජයේ තමන් ඇමති ධුරයක් බලාපොරොත්තු නොවන බව පවසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ලිවූ ලිපිය ඇමැතිධුර බෙදාගැනීමේ බරපතළ ගැටලූව පෙන්නුම් කරයි. යහපාලන රජය ශ‍්‍රීලනිපයේද පූර්ණ සහයෝගය ඇතිව ව්‍යවස්ථාවට ඇතුළු කළ 19 වන සංශෝධනයට පිංසිදුවන්නට කැබිනට් ඇමැතිවරු සංඛ්‍යාව 30 කට සීමාකර ඇත. කැබිනට් නොවන ඇමැතිවරු 40 කි. මුලූ පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරු 225 න් 70 කැබිනට් ඇමැති සහ කැබිනට් නොවන ඇමැතිවරුන් ලෙස පත්වීම් ලැබීමද ප‍්‍රශ්නයකි. රටේ අවශ්‍යතාව සුළුතර බලයක් පාර්ලිමේන්තුවේ ලබාගැනීමට නොහැකි පක්‍ෂයකට, සන්ධානයකටද (ආසන 113 නොමැති* 70 කට තනතුරු දිය හැකි වීමයි.
දෙසැම්බර් 20 වන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැ දුටු අවස්ථාවේදීද උන්වහන්සේ තනතුරු සම්බන්ධයෙන් තම කෙටි අනුශාසනාවේදී සඳහන් කළේය. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි තනතුරු ලබාදීමට අවස්ථාවක් තිබිය යුතු බවට උන්වහන්සේ යෝජනා කළේය. ඇල්ලේ ගුණවංශ හිමියන් පැවැති ක‍්‍රමය වෙනස් කිරීමට ප‍්‍රබල කාර්යයක් කළේය. දකුණේ සිංහල ඡුන්දදායකයන් එක පෙරමුණකට ගෙනඒමට උන්වහන්සේ කි‍්‍රයා කළේය. ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තනතුරුවලට ඇත්තේ මාරාන්තික සටනකි. රට බෙදා වෙන්කර දැමුවත් නිශ්ශබ්දව සිටින මහජන නියෝජිතයන් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යධුරයන් සඳහා මරාගෙන මැරෙති.
පාර්ලිමේන්තු ක‍්‍රමය අන්තයටම පිරිහී ඇත. 2020 අපේ‍්‍රල් අග-මැයි මුල මහා මැතිවරණයේදී ජනතාව ප‍්‍රතික්‍ෂේප කරනු ලබන කිසිදු අපේක්‍ෂකයකු තම තමන්ට අයිති ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමේ වගකීම සියලූම පක්‍ෂ නායකයන් බාර ගත යුතුය. ශ‍්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන 2015 අගෝස්තු මහා මැතිවරණයේදී ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ අපේක්‍ෂකයන් රොත්තක් පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පත් කළේය. එජාප ජාතික ලැයිස්තුවෙන් එන පරාජිත අපේක්‍ෂකයකුට පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව ලැබිණි. ජවිපෙට ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර දෙකක් හිමිවිය. එම මන්ත‍්‍රීධුර දෙකම ඡුන්දයේදී පරාජය වූ අපේක්‍ෂකයන්ට දීමට සිදුවිය.
කෙසේ වෙතත් ‘සුවිස් නැටුම’ නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ රජය මුහුණදෙන අභියෝගය ජනතාවට මතක් කර දුන්නේය. අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු පළාත ඇතුළු බොහෝ ප‍්‍රදේශවල වාසය කරන ජනතාවට බරපතළ පීඩාවන්ට මුහුණ දීමට සිදුවිය. මහා වැසි හේතුවෙන් වගා විනාශ වීම හේතුවෙන් එළවළු මිල අධික ලෙස ඉහළ ගිය බව පැවසිය යුතුය. හාල් මිල පාලනය කිරීමට ජනාධිපතිවරයාට මැදිහත්වීමට සිදුවීම ඛේදවාචකයකි. වසර ගණනාවක සිට සිංහල – දමිළ අලූත් අවුරුදු සමයේ සහ ජේසු බිලිඳු උපත සමරන දෙසැම්බර් මාසයේ අග ස්වභාවික විපත් සිදුවූවත් නැතත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නිර්මාණය කිරීම සෑම වසරකම සිදුවේ. 2019 වසරේදීද වෙනසක් නැත.
හිටපු ඇමැති පාඨලී චම්පිකව 2016 පෙබරවාරි මස අග සිදුවූ රිය අනතුරකට උසාවි ගෙනයාම, රාජිත සේනාරත්නගේ ‘කිඹුල්’ කථාව සම්බන්ධයෙන් නඩු පැවරුවාට කම් නැත. චෝදනා ඇති දෙපාර්ශ්වයෙම මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක වන ආකාරය ජනතාව විමසිල්ලෙන් බලා සිටී.
සමාජ මාධ්‍ය ජාල අධ්‍යයනය කළ යුතුය. බලයේ සිටින කණ්ඩායම සහ විපක්‍ෂය දැනගත යුතු බොහෝ දෑ සමාජ මාධ්‍ය ජාලවල ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ස්ථාවරය. විශ්වාසයෙන් කටයුතු කිරීම ඔහුගේ ලක්‍ෂණයකි. එතුමා ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේදීද (2005-2015* කොටි ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ මෙහෙයුමට දුන් නායකත්වය ඉතිහාසගත විය. ගෝඨාභය රාජපක්‍ෂ දුන් නායකත්වය යුද්ධය දිනූ හමුදාවේ සෙන්පති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වය සමඟ පටලවා නොගත යුතුය.
කෙසේ වෙතත් ස්වභාවික විපත්වලට සහ හතුරන්ගෙන් (ත‍්‍රස්තවාදීන්* එල්ලවන අභියෝගවලට මුහුණ දීමත් ජනාධිපති ගෝඨාභයගේ වගකීමයි. දස වසරකට පෙර ද්‍රවිඩ ත‍්‍රස්තවාදය පරදවා සාමය ස්ථාපිත කළ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන තර්ජනය බරපතළය. මෙම ලිපිය පාඨක ඔබට දෙසැම්බර් 29 ලැබෙන විට නත්තල් පූජාව අවසන්ය. (2019 අපේ‍්‍රල් 21* පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවෙන් පසුව පැවැත්වෙන කතෝලික ප‍්‍රජාවේ ප‍්‍රධානතම සැමරීම පැවැත්වීමට සූදානම් වන්නේ අදහාගත නොහැකි අනාරක්‍ෂිත තත්ත්වයක බව පැහැදිලිය.
කුරණ සාන්ත ආනා දෙව්මැදුරේ මීසම් පාලක ගරු සිරිල් ගාමිණි පියතුමා දෙසැම්බර් 22 ඉරු දින දිව්‍ය පූජාව අවසානයේ නත්තල් දින රාත‍්‍රි දේව මෙහෙයට අදාළව ආරක්‍ෂක උපදෙස් ලබා දුන්නේය. ආරක්‍ෂක අංශ වෙතින් ලැබුන උපදෙස් බැතිමතුන්ට ලබාදීම මීසම් පාලක පියතුමාගේ වගකීමයි.
කුරණ සාන්ත ආනා දෙව්මැදුර පිහිටා තිබෙන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී වැඩිම කතෝලිකයන් ප‍්‍රමාණයක් (120 පමණ* මරුමුවට පත්වූ කටුවපිටිය සාන්ත සෙබැස්තියන් දෙව් මැඳුරට කිලෝමීටර් 5 පමණ දුරකිනි. කොළඹ අගරදගුරු නිවෙසින් ලැබුණු උපදෙස් ශ‍්‍රී ලංකාව පුරා විසිරී තිබෙන දෙව්මැදුරු හරහා කතෝලිකයන්ට දෙසැම්බර් 22 දා එම උපදෙස් ලැබිණි.
රාත‍්‍රි නත්තල් දේව මෙහෙය නොපැවැත්වෙන බවට පැතිරෙන කට කථාවල සත්‍යතාවයක් නැති බවත්, එම දිව්‍ය පූජාව සිරිත් පරිදි දෙසැම්බර් 24 මධ්‍යම රාත‍්‍රියේදී සිදුකරන බවත් ජනතාවට දැනුම් දුන්නේය. ගරු සිරිල් ගාමිණි පියතුමා විශේෂ දැනුම් දීමක් කළේය. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ලක්වූ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ දිව්‍ය පූජාව ඔප්පු කරන බවයි. රාත‍්‍රි දේව මෙහෙයට ආරක්‍ෂාව ලබාදීම රජයේ වගකීමක් බව කතෝලික ජනතාවගේ නායකත්වය අවධාරණය කළේය.
බොහෝ ශ‍්‍රී ලාංකිකයෝ තම මුදල් පසුම්බියේ තම ජාතික හැඳුනුම්පත සියලූ අවස්ථාවේදී තබා ගනී. කතෝලිකයකු වන මෙම ලියුම්කරු පළමුවරට දෙසැ. 24 මධ්‍යම රාත‍්‍රී නත්තල් දේව මෙහෙයකට පැමිණෙන බැතිමතුන් වයස් භේදයකින් තොරව ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු බව ඇසුවේ එදාය. දෙසැම්බර් 25 දිව්‍ය පූජාවටද සහභාගිවීමට ජාතික හැඳුනුම්පත අවශ්‍ය වනු ඇත.
පාස්කු දින ප‍්‍රහාරයේදී තව්හිද් ජමාත් මිනීමරුවන් දෙව් මැදුරු තුනකට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළේය. කටුවපිටියේ සාන්ත සෙබස්තියන් දෙව් මැදුරට අමතරව කොළඹ කොච්චිකඬේ සාන්ත අන්තෝනි සහ මඩකළපුවේ සියොන් දේවස්ථානයටද ප‍්‍රහාර එල්ල විය. උතුරේ දේවස්ථානයකටද මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමටද සැලසුමක් තිබූ බව වාර්තා වී ඇත. නමුත් එසේ නොවීය.
නත්තල් දිනට එල්ලවන තර්ජනය 2020 ජනවාරි 01 දිනටද එලෙසම පවතී. භූමියේ තත්ත්වය එයයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කිරීමට ‘ඉස්ලාමික් ස්ටේට්’ ත‍්‍රස්තවාදීන් සම්බන්ධ බවට අදටද ඔප්පු කළ හැකි සාක්‍ෂි නැත. විදේශීය ඔත්තු සේවා සහ දේශීය හමුදා සහ පොලිසිය අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට ‘ඉස්ලාමික් ස්ටේට්’ සම්බන්ධ බවට කරුණු දක්වා නැත. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පත්කළ තුන්දෙනකුගෙන් සමන්විත තොරතුරු සොයා බැලූ කණ්ඩායම, කථානායක කරු ජයසූරිය, එවකට එජාප අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඉල්ලීමක් මත පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෝ වර්තමානයේ කි‍්‍රයාත්මක වන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ‘ඉස්ලාම් ස්ටේට්’ සම්බන්ධයෙන් හෙළිවී නැත.
දැනටත් පවතින තත්ත්වය ඉතාමත් අස්ථාවරය. පාස්කු ඉරිදා ප‍්‍රහාරය මුලූමනින්ම ශ‍්‍රී ලාංකීය මෙහෙයුමක් බව සිතිය හැක. ප‍්‍රහාරය ‘ඉස්ලාමික් ස්ටේට්’ වගකීම බාරගැනීම මත ශ‍්‍රී ලංකා ප‍්‍රහාරය එම සංවිධානයේ නියෝගය පිට කළායැයි සිතිය නොහැක.
දෙසැම්බර් 16 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදීන් සමඟ ජනාධිපතිවරණයෙන් පසුව පැවැති තම ප‍්‍රථම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට තමන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග පැහැදිලි කළේය.
ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිසි කි‍්‍රයාමාර්ග ගැනීමට හැකි ආරක්‍ෂක ලේකම්වරයකු විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය සහ හමුදා ඔත්තු සේවාවට නව පත්වීම් (ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස මේජර් ජෙනරාල් ජගත් අල්විස්, විශ‍්‍රාමික සහ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ) පත්කිරීම පෙන්වාදුන් ජනාධිපතිවරයා හමුදාපතිවරු තිදෙනා පිළිබඳ විශ්වාසය පළ කළේය. කෙසේ වෙතත් දේවස්ථාන සහ පාසල්වලට පොලිස් සහ හමුදා ආරක්‍ෂාව සැපයීමට සිදුවීම පවතින අනාරක්‍ෂිත බව පෙන්නුම් කරයි.
නත්තල් දින දිව්‍ය පූජාවට සහභාගිවීමට පැමිණෙන බැතිමතුන්ට ජාතික හැඳුනුම්පත පෙන්නා දේවස්ථාන භූමියට ඇතුළුවීමට සිදුවීම විමසා බැලිය යුත්තේ ඇමරිකාව මෑතකදී කළ අනතුරු ඇඟවීමද සැලකිල්ලට ගනිමිනි. උත්සව සමයේ ජනතාව ගැවසෙන ස්ථානයකට කිසිදු අනතුරු ඇඟවීමක් නොකර ප‍්‍රහාර එල්ල විය හැකි බව ඇමරිකාව පැවසීම බරපතළ තත්ත්වයකි.
ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය අතර ප‍්‍රබල කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් සිදුවීමට තිබෙන අවස්ථාව බැහැර කළ නොහැක. ජනවාරි සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නියමිත 2020 මාර්තු පළමුවන සතිය දක්වාද පාර්ලිමේන්තුව විසුරුවා දැමීමෙන් පසුව සහ ඡුන්දය පැවැත්වීමට නියමිත අපේ‍්‍රල් අවසන් සතියේ හෝ මැයි මුල කාලයේදී රටේ ආරක්‍ෂාව ඉහළින්ම තිබිය යුතුය.
19 වන සංශෝධනයට අනුකූලව රටේ ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් බාරගැනීමට නොහැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නොවැම්බර් 18 දින අනුරාධපුරයේදී පැවැසූ පරිදි ආරක්‍ෂක හෝ නීතිය සහ සාමය අමාත්‍යාංශ දිවුරුම් දීමට ඔහුට හැකිවූයේ නැත. එම විෂයන් මහින්ද රාජපක්‍ෂට දීමට යෝජනා විය. පසුව හිටපු ජනපතිවරයා දිවුරුම් දීමට සියලූ කටයුතු සූදානම් කොට අවසන් මොහොතේදී එම විෂයන් චමල් රාජපක්‍ෂට ලබාදීම සිදුවිය. චමල් රාජපක්‍ෂ එම විෂයයන් බාර ගත්තේ රාජ්‍ය ඇමැතිවරයා ලෙසය. ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව අධිකරණයේ තීන්දුවක් හේතුවෙන් අහිමිවී යාහැකිව තිබිණ. එම අවස්ථාවේදීද පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයකුට තිබෙන වරප‍්‍රසාද යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇප තැන්පත් කළේ චමල් රාජපක්‍ෂය.
චමල් රාජපක්‍ෂ රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය දැරීම ජනාධිපතිවරයාට ආරක්‍ෂාව සහ නීතිය හා සාමය පිළිබඳව තීන්දු ගැනීමට ප‍්‍රශ්නයක් නොවේ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස ජාතික ආරක්‍ෂාවට වගකියන බව පැහැදිලිය. 19 වැනි සංශෝධනයේ ප‍්‍රතිපාදන හේතුවෙන් ඡුන්ද ලක්‍ෂ 69 ට වඩා ලබාගෙන ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂාව පිළිබඳව වගකීම අහිමි කිරීම විමසා බැලිය යුතුය. ව්‍යවස්ථාව හරහා ජනතා ඡුන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකුට වගකීමක් බාරගැනීමට බාධාවක් ඇති කිරීම සාධාරණද? ව්‍යවස්ථාව රටේ ජනතාවගේ යහපතට කි‍්‍රයාත්මක වෙනවානම් ආරක්‍ෂාව පිළිබඳව හසල දැනීමක් සහ අත්දැකීම් ඇති ගෝඨාභය රාජපක්‍ෂට එම අවස්ථාව අහිමි කිරීම අවාසනාවකි. ගෝඨාභය රාජපක්‍ෂගේ කඳවුරේ සිටි සිවිල් සංවිධාන මෙම තත්ත්වය රටට පෙන්නා දිය යුතුය.
19 වන සංශෝධනයට අනුවද 30 කින් සමන්විත කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වීමට සේනාධිනායකද වන ජනාධිපතිවරයා සුදුසුනම් අමාත්‍යධුරයක් දැරීමට ඇති අයිතිය අහිමි කිරීම තේරුම්ගත නොහැක. විශ‍්‍රාමික රියර් අද්මිරාල්, දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර 2015 අපේ‍්‍රල් ‘19 ට’ එරෙහිව තම ඡුන්දය පාවිච්චි කළ එකම මන්ත‍්‍රීවරයා ලෙස කල්පනාකාරීව තීරණ ගැනීමේ අවශ්‍යතාවය එතුමා රටටම ආදර්ශයක් විය. ජනතාව පාර්ලිමේන්තුවට ඡුන්දයෙන් තෝරා පත්කර යැවිය යුත්තේ කල්පනාකාරීව තීන්දු තීරණ ගන්නා අපේක්‍ෂකයන්ය. ‘19 ය’ කර තිබෙන අවුල පිළිබඳව විමසා බැලීමේදී සරත් වීරසේකරගේ 2015 තීරණය අප රටේ දේශපාලනයේ සන්ධිස්ථානයක්ය. එය තේරුම් ගැනීමට සරත් වීරසේකර එදා නියෝජනය කළ දිගාමඩුල්ලේ හෝ ඕනෑම මැතිවරණ දිස්ත‍්‍රික්කයක ඡුන්ද දායකයන්ට අපහසුවක් නැත.
නොවැම්බර් 16 ජනාධිපතිවරණය පැවැත්වුණේ පාස්කු ඉරිදා ප‍්‍රහාර හේතුවෙන් රට බරපතළ ලෙස අස්ථාවර වී ඇති තත්ත්වයකය. එජාපය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ සජිත් පේ‍්‍රමදාස තමන් ජනපතිවූ විගස ආරක්‍ෂක අමාත්‍ය ධුරය සහ නීතිය සහ සාමය අමාත්‍යාංශය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට බාරදෙන බව පැවසීය. නමුත් ‘සිංහල දකුණ’ සජිත් පේ‍්‍රමදාසගේ පොරොන්දුව පසෙකලා රටේ ආරක්‍ෂාව ලූතිනන් කර්නල් වරයෙක් ලෙස 1991 විශ‍්‍රාම ගිය ගෝඨාභය රාජපක්‍ෂට බාර දුන්නේය. නමුත් ‘19ය’ හේතුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය තබා සෞඛ්‍ය විෂයවත් තමන් යටතට ගැනීමට ජනාධිපතිවරයාට නොහැකිය.
‘19ය’ ශ‍්‍රී ලංකාව අසරණ කර ඇත. පාර්ලිමේන්තුව මෙම තත්ත්වය තේරුම් ගෙන කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයකි. 2020 මහ ඡුන්දය පැවැත්වෙන තුරු පත්කර ඇති 16 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයේ ආරක්‍ෂාව, නීතිය සහ සාමය බාර ඇමැතිවරයකු නැතිවීම ‘19ය’ ඇතිකර ඇති අවුල පෙන්නුම් කරයි.
2020 මහ මැතිවරණයෙන් පසුව ගොඩනැගෙන 30 කින් සමන්විත කැබිනට් මණ්ඩලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක අමාත්‍යාංශය පවරා ගැනීම අවශ්‍ය තත්ත්වය පාර්ලිමේන්තුව නිර්මාණය කළ යුතුය.
උතුරු – නැගෙනහිර පරිපාලන දිස්ත‍්‍රික්ක 08 2002 පෙබරවාරි 21 නෝර්වේ මැදිහත්වීමෙන් සටන් විරාම ගිවිසුමක් හරහා කොටි ත‍්‍රස්තවාදීන්ට භුක්ති විඳීමට ඉඩ සැලසූ එජාපයට ආරක්‍ෂක ඇමැතිධුරය
ජනාධිපතිවරයාගෙන් ගැලවීමට අවශ්‍ය වූයේ ඇයි?
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට අමාත්‍ය ධුරයක් බාරගැනීමට තිබෙන බාධාවට අමතරව රටේ ජනාධිපතිවරයා කවුරු වූවත් ආරක්‍ෂක ඇමැතිකම බාරගැනීමට ඇතිකර ඇති අවහිරය ගැඹුරින් සොයා බැලිය යුතුය. දේශපාලන කථාවලින් බැහැරව ‘19ය’ වෙනස් කළ යුතුය. ‘19න්’ සීමාකර තිබෙන කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 ක් ලෙසම තිබිය යුතුය. එය ඉතාමත් සාධනීය තත්ත්වයකි. රටේ යහපත සඳහා ආරක්‍ෂක අමාත්‍යධුරය ජනපතිවරයා යටතට පත්විය යුතුද? පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවල, සිවිල් සංවිධාන සහ මාධ්‍යවල ස්ථාවරය කුමක්ද? ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාට ආරක්‍ෂාව හෝ වෙනයම් කැබිනට් අමාත්‍ය ධුරයක් දැරීමට නොහැකි බවට ව්‍යවස්ථාව වෙනස් කිරීමට යෝජනා කළේ කවුද? විදේශීය බලවේග, රාජ්‍ය නොවන සංවිධාන ජාලය කළ බලපෑම විමසා බැලිය යුතුය. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හැසිරවීමට බාහිර බලවේග වලට ඉඩදිය යුතු නැත. රට තීරණාත්මක අභියෝගයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය නැවත විමසා බැලිය යුතුය. අවශ්‍ය නිවැරදි කිරීම් කළ යුතුය. පාර්ලිමේන්තුවේ වගකීම එයයි.
මහ ඡුන්දයකින් පසුව තේරී පත්වන මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත‍්‍ර ලබාදීම සිට මහජන නියෝජිතයන් යයි කියා ගන්නා එම පිරිසට වරප‍්‍රසාද ලබාදීමට පමණක් මැති සබයක් අවශ්‍ය නැත. මාසයකට දින 8 රැුස්වන පාර්ලිමේන්තුව සෑම සභා වාරයකටම රුපියල් මිලියන 4.6 ගිල දමයි. සමස්තයක් ලෙස මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගි වීම අල්පය. පාර්ලිමේන්තුව නොසලකා හරින මන්ත‍්‍රීවරු විදේශීය සංචාරවලට සහභාගි වීම කිසිවිටක පැහැර හරින්නේ නැත. නීති හදන පාර්ලිමේන්තුව යහපත් විය යුතුය. පාර්ලිමේන්තුව ස්වයං විවේචනයක් කළ යුතුය. ‘19ය’ ‘නීතිපොතට’ ඇතුළු කළ ආකාරය පළමුව විමර්ශනය කළ හැක. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු කි‍්‍රයාදමය සොයා බැලීමට කොමිසමක් පත්කළත් වරදක් නැත. නමුත් එය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සැදුන යාන්ත‍්‍රණයක් විය යුතු නැත. ‘19ට’ එරෙහිව ඡුන්දය පාවිච්චි කළ එකම මන්ත‍්‍රීවරයා වූ සරත් වීරසේකරගෙන් ඔහු එම සංශෝධනයට විරුද්ධ වූයේ ඇයි කියා විමසා බැලිය හැක. එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ‘19ය’ වෙනුවෙන් කළ බලපෑමට යට නොවූ එකම මහජන නියෝජිතයා ලෙස සරත් වීරසේකර ඉතිහාසයට එක්විය. 2015 දී පාර්ලිමේන්තුව ‘19ය’ සම්මත කළ ආකාරය සොයා බැලිය යුතුය.
‘19’ ට අමතරව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට තමන් ජනාධිපති ලෙස වාසය කළ නිල නිවස විශ‍්‍රාම යෑමෙන් පසුවද රැුඳී සිටීමට අවසර ලබාදීමේ බලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂයකට තිබේද? එවැනි අවසරයක් නීතියට එකඟද? පාර්ලිමේන්තුව විමර්ශනයකට ලක්විය යුතු කාලය පැමිණ ඇත. එම විමර්ශනය සහ අවශ්‍ය නිවැරදි කිරීම් කළ යුතුය. පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවයක් ලෙස පෙන්වා ගොවිජන මන්දිරයේ පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැඟිල්ලකට ගෙන යෑම මගින් මහජන මුදල් රුපියල් බිලියනයක් කාබාසිනියා කළ මහජන නියෝජිතයන් සිටින මැති සබයකින් රටට සෙතක් වේද?
ශමින්‍ද්‍ර ෆර්ඩිනැන්ඩු
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...