දේශීය පුවත්

දරුවන්ට අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදිත”හතේ අපේ පොත” පාසල් සිසුන් අතට පත් නොකොට යළි කැඳවීමට ගත් තීරණයට තම විරෝධය පළකරන බවත් යෞවනත්වයට පත් දරුවන්ට විධිමත් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කලයුතු බවත් අලුත් පියාපත් සංවිධානය ප්‍රකාශ කරයි. ඒ ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කිරීමට අලුත් පියාපත් සංවිධානය අද (29) දින කැදවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

මෙම මාධ්‍ය හමුවේදී කථිකාචාර්ය රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමි, මාධ්‍යවේදී නාරද බක්මීවැව, නීතිඥ කෞශල්‍යා ආරියරත්න, වෛද්‍ය ජයන්ත බණ්ඩාර , සමාජ ක්‍රියාකාරිනී ව්‍රායි බල්තසාර් සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර යන අය අදහස් පළ කළහ. නැවත කැඳවන ලද පොත සිසුන් අතට පත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම, නව යෞවනත්වයට පත් දරුදැරියන්ට නිවැරදි ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවතක් ඇති කිරීම ද අවශ්‍ය බව මෙහිදී අවධාරණය කරන ලදී.

දරුවන් අතට පත්කර ආපසු එකතු කරන ලද ‘‘හතේ අපේ පොත‘‘ පළමුවරට අනාවරණය කරනු ලැබුවේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. මෙම අනාවරණයෙන් පසු අධ්‍යාපන බලධාරීන් විසින් මෙම පොත පාසල් ළමුන් අතට පත්නොකිරීමට කටයුතු කළ අතර ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරිමටද පියවර ගනු ලැබීය.

එම අනාවරණය පහතින්-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More