දේශීය පුවත්

දිරි මැතිවරණ වලදී ජනතාව නැවත වරක් මහජන නියෝජිතයින් තෝරා ගැනීමේදී නිවැරදි තීරණ ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ බදුල්ලේ ඊයේ(29) පැවති ජනහමුවකදීය.

මෙහිදී හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මේ රටේ දේශපාලනය තුළ වසර 71 ක් පුරාවට සිදුවු දේවල් නොවෙනස්ව සිදුවෙමින් පවතින බවයි.

මාරුවෙන් මාරුවට ආණ්ඩු පත්වුවත් ගෙනැවිත් ඇත්තේ එකම ආණ්ඩුවක් බවත් පවසා සිටි ඒ මහතා, “හොරුන්ගෙන් හොරු අල්ලන්න බෑ“ යනුවෙන් ද පැවසීය.

එවැනි ප්‍රකාශ මැතිවරණ කාලයේ ඇති සටන් පාඨ පමණක් බවත් පැවසු ඒ මහතා, ඡන්දයෙන් බලයට පැමිණීමෙන් පසුව ඔවුන් ද හොරකන් කරනවා මිසක් අලුත් පාරක නොයන බවත් කියා සිටියේය.

“අලුත් ආණ්ඩුවක් අලුත් ගමනක් යනුවෙන් පැවසුවත් පරණ බඩුම තමා“ යනුවෙන් ද කියා සිටි ඒ මහතා, අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට හා රනිල් වික්‍රමසිංහ යන අයට ඇපත් නැතිව ඇතැයි ද පැවසීය.

මේ ආණ්ඩුවත් නාඩගම් කලාව ආරම්භ කර ඇතැයි ද පැවසු විද්‍යාරත්න මහතා, “ස්විස් නාඩගම, චම්පික නාඩගම හා දැන් වන විට රාජිත නාඩගම ඇති බවත් කියා සිටියේය.

දැවැන්ත දූෂණ වංචා පසුපස හඹා නොයන බවත් පැවසු ඒ මහතා, මැතිවරණය ළඟ දී ඇති නිසාවෙන් එම කරුණු පසුපස හඹා යන බවක් හැඟවුවත් දුර ගමනක් නැති බවත් පැවසීය.

එවැනි තත්ත්වයක් තුළ ජනතාව අමාරුවේ වැටෙනවා මිසක් ගොඩ ඒමක් නොමැති බවත් පැවසු විද්‍යාරත්න මහතා, ජනතාව නිවැරදි දිශාවක් තෝරා ගැනීම තුළින් පමණක් රට ගොඩ ගත හැකි බවත් කියා සිටියේය.

රට ගොඩ නැඟීමට එන මැතිවරණයේ දී ජනතාව එක් වී අවම වශයෙන් ප්‍රබල විපක්ෂයක් හෝ ගොඩනැඟිය යුතු බවත් පැවසු ඒ මහතා, ඒ සඳහා දැන් වහාම රොඳ බැඳිය යුතු බවත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More