හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව පවතින දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් වහාම නඩු පැවරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි අවධියේ ඖෂධ මිලදී ගැනීමේ දී සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද පැමිණියේය.
අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කෙරුණි.
රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සමග ඩීල් දැමු පිරිස් එළිවෙන්නට පටන් ගෙන ඇති බවත් අදාල ඩීල් සියල්ල ඉදිරියේදී හෙලිදරවු කිරීම සූදානම් බවත් ඔවුන් කිියා සිටියේය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න ඇමතිවරයාට පිරිත් නුල් බඳින්න රෝහලට යාමට තරම් ඇති භූමිකාව කුමක්දැයි හෙළි කළ යුතු බවත් ලේකම්වරයා කියා මෙහිදී සිටියේය.
“සමහරක් පිරිස් බියට පත්වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති. සෞඛ්‍ය ලේකම් ලෙස පත්වුවහොත් . ජනතාවගෙන් මුදල් ගසා කෑ චූදිතයින් හෙළිවුවහොත්. සමහර අයගේ ඩබල් ගේම් හෙළිවෙනවා“
අදාළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමියන් මේ බව පැවසීය.
“එතුමා සෞඛ්‍ය ඇමති කාලයේ අපිට උදව් නොකළාට. 86 සටනේ අපිට උදව් කළා. මම එතුමා රෝගියෙකු ලෙස බැලීමට ගියේ. මම පිරිත් කියලා සෙත් පැතුවා
රාජිතයි මා අතර ඩීල් නැහැ. එතුමා කළ විපාක පල දෙයි. දේශපාලන වේදිකාවේ වීරයෙකු ලෙස කතා කළාට
මුලින් තිබුණු වීරත්වය දැන් පසු බැහැලා“
සුදුවෑන් කතාවට වඩා බරපතල චෝදනා රාජිතට තිබෙනවා… හරිත අලුත්ගේ
සුදුවෑන් කතාවට වඩා බරපතල චෝදනා රාජිතට තිබෙනවා… හරිත අලුත්ගේ
Gepostet von Ada Derana Sinhala am Montag, 30. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...