ඉදිරි මැතිවරණ සඳහා අපේක්ෂකයන් ලෙස භික්ෂූන් වහන්සේ ඉදිරිපත් නොකිරීමට පියවර ගන්නා ලෙස ප්‍රධාන දේශපාලන පක්ෂවලට දැනුම් දුන් බව අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධීකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.
මහනුවර දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළ උන්වහන්සේ, ජාතික ගීය දෙමළ බසින් ගැයීම නවතා ඇති බවට වන චෝදනාව පිළිබඳව ද අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මේ බව පැවසීය.
“රටේ දේශපාලකයින් බෙදුම්වාදයට පෙළඹේනම්. නීතිය මගින් දඬුවම් කළ යුතුයි“
ප්‍රශ්නය 1 – ඉදිරි මහමැතිවරණයට භික්ෂූන් වහන්සේ තරග කිරීම පිළිබඳ යම් යම් කතාබහ තිබෙනවා.ඔබවහන්සේගේ මතය මොකක්ද මේ සම්බන්ධයෙන් ?
අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි:- සිංහල බෞද්ධ නායකත්වයක් පත් කරගත්තා. භික්ෂූන් වහන්සේට තියෙන්නේ අනුශාසනා කිරීම. අතීතයේ සිට භික්ෂුව දේශපාලකයාට ඉහළින් සිටියා මේ ගැන දේශපාලන පක්ෂ දැනුවත් කළා. මැතිවරණවලට භික්ෂූන් වහන්සේ ඉදිරිපත් කරන්න එපා“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...