අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ සභානායක ලක්ස්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට උසස්වීමක් ලබාදීමට යන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ. කබීර් හෂිම් අමාත්‍යවරයාට මහාමාර්ග ලබාදෙන නිසා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අමතරව ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය ලබාදීමට යෝජනා වීඇත.
රාජ්‍ය බැංකු 08ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගැස් සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම, ඇතුලු රාජ්‍ය ආයතන 76 ක් අයත් වන්නේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයටයි.
කිරිඇල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස විහාල කාර්යභාරයක් සිදුකරන නිසා මෙම අමාත්‍යංශය ලබාදීමට යෝජජනා කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයෙන් වාර්තා වේ.
මේ අතර ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය භාරදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂය කර තිබෙන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය එල්ලවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...