ජනවාරි 03 වැනිදායින් පසුව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ වැඩ කටයුතු සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරන බවත් විපක්ෂ නායක නිල නිවසෙහි තවදුරටත් ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාට රැඳී සිටිමට ඉඩ ලබා දෙන බවත් හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
කොළඹ 07 ශ්‍රීමත් මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ නිල රාජකාරි කටයුතු ජනවාරි 03 වැනිදායින් පසුව කාර්ය මණ්ඩලයක් යොදාගෙන සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කිරිමට නියමිත බවත් ඒ ගැන සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තිබෙන බවත් අශෝක් අබේසිංහ මහතා පෙන්වා දෙයි.
ජනවාරි මස 03 වැනිදා පාර්ලිමෙන්තුවේදි කථානායක කරූ ජයසූරිය මහතා විසින් තමන් විපක්ෂ නායක ලෙස නිල වහයෙන් නම් කිරිමෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සමඟ ප්‍රකාශ කළ බවද අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මාර්තු මුල පාර්ලිමෙන්තුව විසුරුවා හරින බවට ආණ්ඩුව ප්‍රකාශ කර ඇති නිසා විපක්ෂ නායක නිල නිවෙස ලබා ගැනිමට සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍යතාවයක් නොමැති බව අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය. හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්දානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරිම සඳහා විපක්ෂ නායක නිල නිවෙස පසුගිය ආණ්ඩුව මඟින් විශේෂ කැබිනට් තින්දුවක් මඟින් ලබා දි තිබේ.
කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි බී. 12 නිල නිවෙස විපක්ෂ නායක නිල නිවෙස ලෙස වෙන් කර ඇති අතර ආර්. සම්බන්ධන් මහතා මේ වන විටත් එම නිල නිවෙසේ පදිංචිව සිටි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...