දේශීය පුවත්

අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග‍්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්‍ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙන් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අලූත් අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

නව වසර උදාවූයේ සමස්ත ශී‍්‍ර ලාංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා තාක්‍ෂණික යන සෑම ක්‍ෂේත‍්‍රයකම නව යුගයක සම්ප‍්‍රාප්තිය අපේක්‍ෂා කරන සමයක බව මම දකිමි. එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිවය.

අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග‍්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසුකොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්‍ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙනි. දේශීයත්වයට මුල්තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය කර තිබේ. ඉන් අප ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව මාගේ දැඩි විශ්වාසයයි.

එසේම විනයගරුක සමාජයක් තුළ ශක්තිමත් වන සුරක්‍ෂිත රටක් ජනතාවගේ ප‍්‍රමුඛ අපේක්‍ෂාව බවද මම දනිමි. වත්මන් හා අනාගත දරු පරපුරේ බොහෝ බලාපොරොත්තු මල්ඵල දරනුයේ එවන් සමාජයකය. අප වැඩිහිටියන් ලෙස, ලැබූ නව වසරේ එකී ඉලක්ක කරා ළඟා වීමට දැඩිව අත්වැල් බැඳගත යුතුය.

නව රජය රටට ලෙන්ගතු ජනතාවගේ එකමුතුවේ ජයග‍්‍රහණයකි. ජනතා අපේක්‍ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගයකට රට තුළ අප ඉඩක් තබන්නේ නැත. ඒ හුදෙක්, සැමට එකාවන්ව සතුටින් ජීවත් විය හැකි යහපත් පරිසරයක් නිර්මාණය කිරීම පිණිසය.

නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලූත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසයයි. ප‍්‍රාර්ථනයයි.

අපේ සමස්ත ජනතාවටත්, අප දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උරුමවන නව වසරක් වේවායි මම ඉතසිතින් ප‍්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More