අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාවයකට පැමිණිමට නොහැකි වී තිබෙන කරුණු කඩිනමින් විසඳාගෙන ඉරිදා පෙරවරු 11.00ට අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් 22 වැනිදා රාත්‍රි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යවන ලද ලේඛනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ එකඟතාවයක් ලැබී නොමැති බව වාර්තා වේ.
එම ලේඛනය යම් යම් සංශෝධන එක්කළ යුතු බව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී තිබේ. අමාත්‍යධුර වෙනස් වීම සහ සමහරුන් අමාත්‍යධුර නොදැරියයුතු බව යෝජනා වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නම් කියවෙන අමාත්‍යවරුන් ගැන ජනාධිපතිවරයා තුළ ප්‍රසාදයක් නැති බවටද තොරතුරු වාර්තා වේ.
ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාට මහාමාර්ග අමාත්‍යධුරයත් පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ව්‍යවසාය සංවර්ධන අමාත්‍යධුරයත් ලබාදීමට යෝජනා වී තිබේ.
නමුත් කබීර් හෂිම් මහතාට මහාමාර්ග අමාත්‍යංශය ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා ජනාධිපතිවරයාගේ එකඟතාවය ලැබී නොමැති බවද වාර්තා වේ.
රාජ්‍ය බැංකු 08ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගැස් සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම, ඇතුලු රාජ්‍ය ආයතන 76 ක් අයත් වන්නේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පාර්ලිමේන්තුවේ සභානායක උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට හිමිවීම ඔහු සභානායක වශයෙන් සිදුකරනු ලබන කාර්යයට ලබාදුන් උසස්වීමක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් වාර්තා වේ.
සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලැබීමටද මේ දක්වා එකඟතාවයකට පැමිණ නැති බව වාර්තා වේ.
මීට අමතරව ගාමිණි ජයවික්‍රම පෙරේරා ජෝන් අමරතුංග අමාත්‍යවරුන් සම්බන්ධයෙන් යම් යම් යෝජනා ඉදිරිපත්වී තිබෙන බවද වාර්තා වේ.
නමුත් තරුණ පිරිස්වලට අවස්ථාව ලබාදුන්නද පක්ෂයේ ජේෂ්ඨයින්ට නිසිතැන ලබාදීමට කටයුතු කරන ලෙසටද එක්සත් ජාතිකපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.
මේ අතර මුදල් අමාත්‍යංශය සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් යම් කරුණු කිහිපයක් පිළිබඳවද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුවල මහත්වරුන්ට නියෝජ්‍ය අමාත්‍යධුර ලැබීමට නියමිත බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුරවල සුළු සංශෝධන සිදුවියහැකි බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...