දේශීය පුවත්

තවත් මාසයකින් පමණ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පුර්ණ බලතල සහිතව පක්ෂයේ නායකත්වය ලබාදීමට කටයුතු නොකළොත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40ත් 60ත් අතර සංඛ්‍යාවක් පක්ෂයේ ආසන සංවිධායකධුරවලින් සහ තනතුරුවලින් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී මෙම තීරණයට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එකඟවූ බවත් ඉදිරි මාසය තුළ එම තීරණය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගැනීම සඳහා කටයුතු කළයුතු බවත් එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාසඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම ගැටළුවක් නොමැති බවත් නමුත් තවත් මාසයකින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පුර්ණ බලතල සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බවත් එම මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු පසුව පක්ෂය නිසි ප්‍රතිසංවිධානයකට ලක්කර නව ජවයක් සමග ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා මුහුණ දෙන බවත් අප සමග අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ එම ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More