ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ මුදිතා ද සොයිසා මහත්මිය පවසනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත තමා මැතිවරණයට තරග කරන බවත් රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමා මෙම තීරණය ගත් බවත් ඇය පැවසුවා.
ගොඩකවෙල තම නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත තමන් ඔහු හා සාකච්ඡා කළ බවත් ඒ අනුව තමන්ට දේශපාලන කටයුතු ආරම්භ කරන ලෙස ඔහු කළ ඉල්ලීම ද විශාල ශක්තියක් වූ බවත්ය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...