ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරිම සිදුකර ඇත. 2020 ජනවාරි 1 වැනිදා සිට මෙම පත්කිරිම ක්‍රියාත්මක වේ.
මීට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්නගේ සේවය ඊයේ දිනෙන් අවසන් විය. 2008 වසරේ තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණයේ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා එල්ල වී තිබුණි. එම චෝදනාවලට අධිකරණයෙන් කට්ටි පනිමින් සිටි ඔහුගේ ධූර කාලය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දීර්ඝ කර තිබුණි. නමුත් මෙම ආණ්ඩුව රවීන්ද්‍ර විජේගුණරත්නගේ ධූර කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන නොතිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...