හෙරොයින් ජාවාරම්කාරයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන්ට මරණ දඬුවම සාධාරණ බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ප්‍පවසයි.
නව වසර සඳහා වැඩකටයුතු ආරම්භ කරමින් අද පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
” හෙරොයින් ජාවාරම් කරන අය ලග තිබිලා කිලෝ පහ දහය හම්බ වෙනවා. ඒ වගේ අයට මරණ දඩුවම දීම සාධාරණයි. අමෙරිකාවේ, මැලේසියාවේ, සිංගප්පුරුවේ මරණ දඬුවම දෙනවා නම් අපිට විතරක් මරණ දඩුවම දෙන්න බැරි ඇයි. අපි මරණ දඬුවම දෙන්න ගියාම විතරයි විදේශ බලවේග ඇවිල්ලා රාජ්‍ය නොවන සංවිධාන ඇවිල්ලා ඒකට එරෙහි වෙන්නේ.මම නම් කියන්නේ අඩුම තරමින් අනිත් ඒවා නැතත් හෙරොයින් ජාවාරම කරන මහා පරිමාණයේ ජාවාරම් කරුවන් හදුනා ගෙන ඔවුන්ට මරණ දඩුවම දීම සාධාරණයි. නමුත් ඒ නිසා අපි ඒ පිළිබදවත් තිරණයක් ගතහොත් මේ හොරොයින් ජාවාරම්කරුවන් බොහෝ දුරට මර්ධනය කරන්න පුළුවන්. එහෙම නැතිව පාරේ කුඩු පැකට් එක තියා ගෙන බෝක්කුවක් උඩ කුඩු බිවුව මිනිහා රිමාන්ඩ් කරලා මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕන.දැන් බන්ධනාගාර ගණනාවකට අපි ගියා.බොහෝ විට රස පරීක්ෂක වාර්තා නොමැතිවීම නිසා අද හෙරොයින් පිළිබදව නඩු රාශියක් අපේ අධිකරණවල තියෙනවා.ඒ වගේම අපිට අද අලුතින් හිතන්න වෙලා තියෙනවා. හෙරොයින් ජාවාරම් කරන අය සම්බන්ධව හා භාවිතා කරන අය වෙන් වෙන්ව හදුනා ගැනීමට පොලිසිය ගෙන ඇති ක්‍රියාමාර්ගය සතුටු දායක නැහැ. ඒ නිසා කුඩු පැකට් එකක් කාගෙවත් ලග තිබුණට කුඩු විකුණුවා කියලා තමයි දාන්නේ ඉතිං ඒක නිසා අනිවාර්යයෙන්ම ඇප නැතිව ඒ අයට අධිකරණ රිමාන්ඩ් භාරයේ ඉන්න වෙනවා. නමුත් මේ පිළිබදව මීට වඩා විශ්ලේෂනාත්මකව වැඩපිළිවෙළක් පොලිසිය හා අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කළොත් අපිට බන්ධනාගාර වල තදබදය අවම කර ගන්න පුළුවන්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...