වත්මන් ආණ්ඩුව යටතේද අපරාධකරුවන් ආරක්ෂා කිරීම, අපරාධකරුවන් සමග ඩීල් දැමීම සරුවටම ක්‍රියාත්මක වන බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් ජනතාව පැතූ ‘එක රටක් එක නීතියක්’ සංකල්පය යථාර්ථයක් බවට පත්කළ නොහැකි බවත් දැන් පැහැදිලිවම පෙනී යන බව සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.
ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන්ට සාධාරණය ඉටුවේ යැයි හෝ එම සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වන රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම්, අසාද් සාලි, හිස්බුල්ලා වැනි දේශපාලනඥයන්ට දඬුවම් ලැබේ යැයි හෝ බලාපොරොත්තු විය නොහැකි බව සුදත්ත හිමි අවධාරණය කරයි. ඔවුන් සමග ආණ්ඩුවේ නායකයන් දේශපාලන ඩීල් දමාගෙන ඇති බව හොඳටම පැහැදිලි බවද සුදත්ත හිමි පවසති.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට සුපුරුදු ඩීල් දේශපාලනය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මේ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැතිවරයා ඇතුළු ඩීල් දේශපාලනඥයන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම ජනාධිපතිවරයා පත්කර ගත් ජනතාවට පැවරෙන බවත් සුදත්ත හිමියෝ අවධාරණය කරයි.
මාගල්කන්දේ සුදත්ත හිමි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් ඩීල් දේශපාලනයේ නිරත නොවී, රටට ආදරේ කරන පුද්ගලයන්ට රට ගොඩනැගීමට අවස්ථාව ලබා දී දේශපාලනයෙන් සමු ගන්නා ලෙසයි. පසුගිය ජනාධිපතිවරණයේදී බහුතර සිංහල ජනතාව විසින් ඩීල් දේශපාලනයට තිත තබා ඇති බැවින් මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් දේශපාලනය තුළ කිසිදු ඉඩක් නොමැති බව කණගාටුවෙන් හෝ පැවසීමට සිදුවන බව ද සුදත්ත හිමි පෙන්වා දෙති.
මහින්ද මහත්තයා පැන්ෂන් යනවා ??
ගෝඨාභය මහත්තයට රට කරන්න දීලා මහින්ද රාජපක්ෂ මහත්තයා විශ්‍රාම යා යුතුයි..
Gepostet von Pansilu D am Mittwoch, 1. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...