දේශීය පුවත්

මේ ර​ටේ බල පෙරළියෙන් පස්සේ සිදුවෙමින් පවතින දේශපාලන දඩයමට ස්වාධීන අධිකරණය නිසි පිළිතුරු දීලා තියෙනවා. චම්පික රණවක මන්ත්‍රීවරයාට ඇප ලබාදීලා තියෙනවා. රාජිත සේනාරත්නට ඇප ලබා දීලා තියෙනවා. අපේ රජය විසින් ඇති කරපු නීතියේ ස්වාධීන බව ඒකෙන්ම පැහැදිලි වෙනවා’’ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදී හෙතෙම මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍ර්‍රීවරයා,

‘‘මේ ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අයින් කරන්න ඕනෑ කියලා කියන්නේ ඒ අයට පරණ පාරෙම යන්න ඕන නිසයි. එතකොට තමන්ට ඕන විදියට අධිකරණය හසුරුවන්න පුළුවන්. තමන්ට ඕන විදියට පොලිසිය හසුරුවන්න පුළුවන්. තමන්ගේ හෙංචයියන් එක්ක දේශපාලන දඩයම් කරන්න පුළුවන් ආකාරයට රටක් නිර්මාණය කරන්න තමයි ඔය දහනව වැනි සංශෝධනය අයින් කරන්න කියලා දත්මිටි කන්නේ. අපි විපක්ෂයේ ඉන්න තුරු කීයටවත් ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ.

දහනව වැනි සංශෝධනය නිසා තමයි අපිට ස්වාධීන පොලිස් කොමිසම ලැබුණේ. ස්වාධීන අධිකරණය ලැබුණේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලැබුණේ. සාධාරණ සාමකාමී මැතිවරණ පැවැත්වීමට ඉඩ ලැබුණේ. ඒ අය කියන්නේ මේවා එපා කියලද?’’

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More