මුහුණු පොතෙන්

මාගල්කන්දේ සුදත්ත හාමුදුරුවන්ට හොරු අල්ලලා දඬුවම් කරනකල් ඉවසිල්ලකි නෑ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු මහින්ද රාජපක්ෂ රාජිතට පාඨලීට ඇප දීම ගැන උන් වහන්සේ හරිම කනගාටුවට සහ වේදනාවට පත්වෙලා.

පසුගිය ජූලි මාසේ රාජිත සේනාරත්න පදනමේ දානකෙට වැඩලා සුදත්ත හාමුදුරුවෝ දෙසුවා කළුතරින් ජාතික නායකයෙක් තවම ආවේ නෑ අපි රාජිත සේනාරත්න ඇමතිතුමා ජනාධිපති කරන්න ඕන කියලා.

ඉතින් එදා ඉඳලා මේ විදිහට හොරු අල්ලලා දඬුවම් කරන්න ඩීල්කාරයෝ ගෙදර අරින්න පුදුම උනන්දුවකින් වැඩ කළ සුදත්ත හාමුදුරුවන්ට විනිසුරු මහින්ද රාජපක්ෂ කළ වැඩේට සාධාරණ කේන්තියක් යන එක හරිම සාධාරණයි.

එදා උන් වහන්සේ දේශනා කළ විදිහට මේ රටේ ජනතාව එකතු වෙලා රාජිත සේනාරත්න මැතිතුමා ජනාධිපති කළා නම් අද වෙද්දි එතුමා අගමැති චතුර සේනාරත්න මැතිඳුන් එක්ක අරලියගහ මන්දිරේ නඩු අහලා පාඨලී, බදියුදීන්, හකීම්, රනිල්, සජිත්, කිරිඇල්ල, මලික්, මංගල, හිස්බුල්ලා, සාලි හැත්ත බුරුත්ත හිරගෙවල් හතක දාලා ඉවරයි.

ඒ විතරක් නෙමේ රාජිත සේනාරත්න ජනාධිපතිතුමා, පිළිකා ඖෂධ ටිකෙනුත් ගසා කාපු බෙහෙත් හිඟයක් මවලා සත 64 බෙහෙත් පෙත්ක රු. 64ට මිලට ගත්තු නෙවිල් ප්‍රනාන්දුගේ ඉස්පිරිතාලේට මාසිකව කෝටි ගණන් රජයේ මුදල් ගෙවපු රාජිත සේනාරත්න කියන තක්කඩි හොරා අද වෙද්දි මරලා එල්ලලා.

ෂිට්… ඒත් විනිසුරු මහින්ද රාජපක්ෂ පාඨලීටයි රාජිතටයි ඇප දුන්නා නෙ……. මහින්ද ඔයා රිටයර් වෙන්න… පීස්……

උපුටා ගැනීමකි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More