හිටපු නිවාස ඇමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පළකළ දැන්වීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 150ක මුදලක් අය විය යුතු බව ඇමැති බන්දුල ගුණවර්ධන පසුගිය (31දා සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී අනාවරණය වී ඇත.
2018 වසරේ මාර්තු සිට 2019 සැප්තැම්බර් දක්වා කාලයේදී යම් නිවාස ව්‍යාපෘතියක් විවෘත කරන දිනට පෙර දින ජාතික රූපවාහිනියේ දැන්වීම් 3ක් විකාශය කර ඇත. හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස මෙලෙස දැන්වීම් විකාශය කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ රූපවාහිනි සංස්ථා සභාපතිනියට දැනුම් දී ඇත. එම නිර්දේශ මත දැන්වීම් ප්‍රචාරය කර ඇතත් මුදල් ගෙවා නොමැති බව රූපවාහිනි සංස්ථාවේ වෘත්තීය සමිති විසින් ඇමැති බන්දුල ගුණවර්ධනට දැනුම් දී ඇත.
මෙම දැන්වීම් සඳහා අය කරගත යුතු මුදල ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමැතිවරයා රූපවාහිනි සංස්ථා සභාපති වෛද්‍ය නිහාල් ජයතිලකට දැනුම් දී තිබේ.
මේ අතර ඇමැතිවරයා ස්වාධීන රූපවාහිනි සේවයද ඊයේ (1 වැනිදා) නිරීක්ෂණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...