දේශීය පුවත්

ඉදිරි මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පසුගිය රජය විසින් අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවලියට සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට රජයේේ යම් පාර්ශව විසින් ප්‍රකාශයට පත් කිරීම්ත් සමග ජාතික සං සංවිධානවල විරෝධය ඊට එරෙහිව එල්ලවී ඇත.

අද (02) පෙරවරුවේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සහ ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් සඳහන් කළේ සංශෝධන ඉදිරිපත් කිරීම යනු ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමාන ක්‍රියාවක් බැවින් එය පසුගිය රජය විසින් යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට වඩා භයානක වන බව ය.

ඊට හේතුව සම අනුග්‍රහය දැක්වීමේදී සිදුවන්නේ වෙනත් රටකින් ඉදිරිපත් කරන යෝජනාවකට එකඟ වීම වුවත් සංශෝධනය කිරීම ප්‍රති යෝජනා ඉදිරිපත් කිරීම මගින් එම යෝජනාව ශ්‍රී ලංකාව විසින්ම ඉදිරිපත් කරන්නක් ලෙස සැලකීමය.

අද පැවති මාධ්‍යහමුවට ගෝලීය ශ්‍රීලාංකික සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් යසස් ධර්මදාස, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, ජිනදාස මහතා ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතීඥ කල්‍යානන්ද තිරානගම යන අය සහභාගී වී සිටියහ.

අද දිවයින පුවත්පතේ  පළවූ මේ හා සබැඳි  ලිපියට මෙතැනින් පිවිසෙන්න

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More