මැදගොඩ අබේතිස්ස හිමියන්ට එරෙහිව මහා පරිමාණයෙන් දියත් කෙරෙන මඩ ව්‍යාපාරයක අරමුණ සහ මූලය සොයාගත යුතුව ඇත. ඒ ඇසුරෙන්, මේ දතකන්නේ කවරාකාරයේ ප්‍රහාරයකටදැයි හඳුනාගත හැකිවන බැවිනි. ඒ හඳුනාගැනීම හරහා ප්‍රවේසම් විය යුතු බැවිනි. ලබාගත් ජයග්‍රහණය ප්‍රවේසම් කරගත යුතු බැවිනි.
මේ මඩ ප්‍රහාරයට අනුව උන් වහන්සේට ඇතැයි කියන වත්කමත්, ඒ වත්කම සහිතව උන් වහන්සේ විඳින්නේයැයි කියන කුමාර සැපත් පිළිබදව ප්‍රචාරය කරනු ලැබේ. මේ ආමන්ත්‍රණය කරනුයේ මනුෂ්‍ය සන්තානයේ යම් දුර්වල තැන්වලට ය. එනම් ඉරිසියාව සහ පංගුපේරුව එක්ව ඉස්මතුකළ හැකි දුෂ්ට මනෝභාවයකට ය. අබේතිස්ස හිමියන්ට අච්චර මෙච්චර වත්කමත් තිබෙනවායැයි කීමෙන් එදාවේල සොයාගත නොහැකි දුගී ජනයාටත් වඩා පහළ මධ්‍යම පාන්තිකයන් කුපිත කළ හැකි වෙතැයි මේ ප්‍රචාරය මෙහෙයවන්නනන් අනුමාන කරන බවක් පෙනේ. ඒ ඉරිසියාව නමැති මනුෂ්‍ය සිතිවිල්ල උත්තේජනය කිරීමෙනි. “අපි මේ එක කකුලින් එල්ලිලා බස්එකේ කෝච්චියේ යන අතරෙ, මැදගොඩයා යන්නේ සුපිරි බීඑම්ඩබ්ලිවුවකින්” යැයි එක් යූඑන්පී කාරයෙක්/ජේවීපී කාරයෙක් ශබ්ද නගා කීමෙන් මේ උත්තේජනය ආරම්භකළ හැකිය. අසත්‍යය මත පදනම්ව ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත කරන මේ ඉරිසියා සිතිවිලි මූලය යහපත් සිතිවිල්ලක් ව්‍යාප්ත කිරීමට ගතයුතු මහන්සියට වඩා ඉතා අඩු මහන්සියකින් ව්‍යාප්ත කළ හැකිය. ඒ බව මේ ප්‍රහාරයේ මහමොළකරුවෝ ඉතා හොඳින් දනිති. ඔවුන්ගේ මනෝ විද්‍යාත්මක විශ්ලේෂකයින්ගේ ගණන් හැදීමට අනුව අපේ හිතේ බාල සිතිවිලිවලට ආමන්ත්‍රණය කිරීමෙන් ලබාගතහැකි ජයග්‍රහණ බොහෝ ඇති බව පසුගිය කාලයේද ප්‍රායෝගිකවම තහවුරු කරගෙන ඇත.
ඉන් පසු ඒ උත්සාහයේ දෙවන අදියර වන්නේ අදාල පුද්ගල මනසේ පංගුපේරුව උත්පාදකිරීමයි. එනම් “උන් එහෙම සැප විඳිනවනං අපි මොකටද දුක් විඳගෙන මේ රට ගැනයි, ජාතිය ගැනයි, ආගම ගැනයි මහන්සි වෙන්නෙ…. අපිත් ඔන්නොහෙ අපේ වැඩක් කරගෙන අපේ දෙයක් හදාගෙන හිටියම මදෑ… “ ආදී මනෝභාවයක් වර්ධනය කිරීමයි. “අපි හොයාගත්තොත් ඉතින් අපිට කතෑකි, අපි ගැන බලාගන්න වෙන්නෙ අපිටමයි… අපට ඔය දේශපාලන මගුල්වලින් ඇති වැඩක් නෑ.. බලාගෙන යනකොට කවුරුත් එකයි..” ආදී වචනවලින් පිටවන මන්දෝත්සාහී භාවයක් උරුමකරදීම මේ උත්සාහයේ අවසාන ඉලක්කයයි.
මේ, මන්දෝත්සාහීභාවය යනු සතුරාට අතයාවශ්‍යම මනෝභාවයයි. ඉන්පසු ඒ මනෝභාවය වෙනුවට ඕනෑම කුනු කන්දලක් පුරවා ඒ ඔලුගෙඩිය හොදින් සුද්දකරගත හැකි බව සතුරා දනී. ලෝක පරිමාණව ගත්කළ ශුද්‍රම සුළු ජාතියක් වන “බෞද්ධ සිංහලයා”ගේ ජාතිකත්වය සහිත හිස යනු මේ පවතින ලෝක අධිරාජ්‍යවාදයටත් ඒ අධිරාජ්‍යවාදයේ ආර්ථික අංශය වන ලිබරල් ධනවාදයටත් මහාම හිසරදයක් බව ඒ බෞද්ධ සිංහලයා පවා නොදන්නා නමුත් සතුරා හොඳින් දනී. බෞද්ධ සිංහලයා සතු බෞද්ධ දැනුම (අනිත්‍යතාව, මරණානුස්මෘතිය ඇතුළු කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි ඉගැන්වීම් සහ ඒ ඉගැන්වීම් ඉදිරිපත් කිරීමට උපයෝගී කරගන්නා චතුෂ්කෝටික තර්කණය) නිවැරදිව භාවිතා කළහොත් ලෝක ව්‍යාප්ත ධනවාදය සුණුවිසුණු කළ හැකි බව ඒ බෞද්ධ සිංහලයා නොදන්නා නමුත් සතුරා හොඳින් දනී. ඒ ඉගැන්වීම් ලෝකයේ ඕනෑම ආලවකයෙකු දණගැස්සවිය හැකි ඉගැන්වීම බව ද, ඒ ඉගැන්වීම් නිවැරදිව ඉගෙන ගතහොත් “මේ ව්‍යාප්ත කරන තරගය හෝ ඒ තරගය මගින් උපයාගන්නා ලාභය” තවදුරටත් පවත්වාගත නොහැකි වන බවද සතුරා හොඳින් දනී.
ධර්මපාලතුමන්ගෙන් පසු ජාතිකවාදයේ ධජය වඩාත් සංයමයකින් සහ විචාරාක්ෂියෙන් යුතුව අතටගත් ගුණදාස අමරසේකර යනු අපේ දියසෙන් කුමාරයා ය. තවමත් අප අතර සිටින ජවබල සම්පන්න තරුණයෙකු වන අමරසේකරයන් තම දැනුමත්, විචාරාක්ෂියත්, සංයමයත්, පෞරුෂයත් මුසුකර ධර්මපාලතුමන්ගෙන් ගිලිහුණු ධජය අතට නොගන්නට මේ අද බුක්ති විදින ජයග්‍රහණ කිසිවක් අපට උරුම නොවන බව අප සහමුලින්ම අමතක කර ඇත. නමුත් මේ ඒ ගැන සිහිපත් කරන්නට ගන්නා උත්සාහයක් නොවේ. අමරසේකරයන් තම “සභ්‍යත්ව රාජ්‍යය” කෘතියේ දක්වා ඇති, රජුත් ජනතාවත් අතර පාලම වියයුතු සංඝ සමාජය ගැන සිහිපත් කරගත යුතු අවස්ථාවකි. මනයත් අබේතිස්ස හාමුදුරුවන්ට එල්ලකරන ප්‍රහාරය හරහා මේ පහර දෙන්නේ ඒ පාළමට වන බැවිනි. මේ ජයග්‍රහණවල සැබෑ ශක්තිය වන්නේ රජුත් ජනතාවත් අතර පාළමක්වන සහ සදා එලෙස වියයුතු සංඝ සමාජයට වන බැවිනි.
අප මේ මුහුණ දෙන “යළි වලපල්ලට මෙහෙයුම” යනු මාක්ස්වාදී කෝනයෙන් ගත් කළ ප්‍රතිවිප්ලවයකි. රජාගේ දුබලතැන් එක්කෝ නිවැරදි කරගෙන හෝ නැතහොත් හැකිතාක් දුරට සමාව දීමෙන් හෝ නොසලකා හැරීමෙන් ඉවත දමා හෝ මූලික අරමුණ වෙනුවෙන්, එනම් ජාතික අනන්‍යතාව හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනතාව පෙළ ගැස්සවිය හැකි, යොමු කළ හැකි සමථ මණ්ඩලය වන්නේ මේ සංඝ සමාජය බව සතුරා හොඳින් දනී. ඒ නිසාම දැන් ගෝටාට මහින්දට විමල්ට ගහනවා වෙනුවට මේ ශක්තිමත් “මැද යදම” ට පහර දිය යුතු බව ඉතා නිවැරදිව-ඉතාමත් නිවැරදිව සතුරා අවබෝධකරගෙන ඇති බව අප ද “ඉතා නිවැරදිව හා ඉතාමත් නිවැරදිව” අවබෝධ කරගත යුතුය.
නමුත් මේ “යළි වලපල්ලට මෙහෙයුම”ට මුහුණ දීමේ දී අප නොකළ යුතු ප්‍රධානතම දෙය නම් “ප්‍රවේසම්වීම සදහා – අඩිය පස්සට ගැනීම” යි. මේ එවැනි අඩිය පස්සට ගැනීමෙන් හෝ ප්‍රවේසම් වීමෙන් බේරාගතහැකි සටනක් නොවේ. යළි මෙරට නූපදීවා යයි කියන තරමට ධර්මපාලතුමන් ද මන්දෝත්සාහී වූවා සේ මන්දෝත්සාහීවීමෙන් අතහැරිය යුතු සටනක් ද නොවේ. අමරසේකරයන් ඉතා නිවැරදිව සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරමින් ඉතා ශක්තිමත්ව එනම් දහයෙන් නමයක් පොළව යට හාරා සිටුවන ලද කනුව සහිත ධජය අභිමානවත්ව අහසේ ළෙලෙදෙන මේ මොහොතේ අඩිය පස්සට ගැනීම හෝ මන්දෝත්සාහීවීම යනු සියදිවි නසාගැනීමකි. අප වහ වහා කළ යුත්තේ අමරසේකරයන් තම ශක්ති ප්‍රමාණයෙන් තැනූ “මඩුව”; “ශාලාවක්” තරමට විශාල කරගැනීමයි.
මේ අපට ද සටනක් අවශ්‍ය මොහොතක් බව සතුරාගේ පැතලි චින්තන ද්විකෝටික මොළයට වැටහී නැතුවා වීමට බොහෝ ඉඩ තිබේ. අප මේ අභියෝගය, අබේතිස්ස හාමුදුරුවන්ගෙන් බලවේගය වෙතට හුවමාරු කරගෙන බලවේගය ලෙස එයට මුහුණ දීමට තීරණය කළහොත් එයම අපගේ සටන බවට පත් වන්නේ ය. සුනාමිය පවා ජයග්‍රහණ දිනාගත හැකි අවස්ථාවක් ය යනුවෙන් ගණන් හදමින් සුනාමි සහන මණ්ඩලය හරහා ජයග්‍රහණ ලබාගන්නට ප්‍රභාකරන් ගත් උත්සාහය සිහිපත් කරගැනීම, “ධර්ම ඥානයක් මිස” වරදක් නොවේ. එළිපිට කතාකළ නොහැකි නොයෙක් වර්ගයේ සටන් ඕනෑම ව්‍යාපාරයක අභ්‍යන්තරයේ දහස් ගණනින් පවතින බව අනිවාර්ය සත්‍යයකි. දැන් අපට ඇත්තේ ඒ සටනයි. ඒ සටනට ආශීර්වාදයක් සේ සළකා මේ සටනට මුහුණ දීමට එක් සිත් සිතා ගැනීම සතුරා විසින් “counter productive” යනුවෙන් පසුව වටහා ගනු ඇත.
අප හමුවේ ඇති මේ සටන සඳහා අපට ඇති බලවත්ම ශක්තියක් වනුයේ සතුරා ඉලක්ක කර ඇත්තේ අබේතිස්ස හිමියන් වැනි සසල කළ නොහැකි දැවැන්තයකු වීමයි. අප හොඳින්ම දන්නා නොකිලිටි පෞරුෂයක් වීමයි. අමරසේකරයන් විසින් අතු ඉති හෙවිල්ලා සාදා ඇති මඩුවේ සිටින නිස්සරණාධ්‍යාශී සපිරිවර විසින් අබේතිස්ස හාමුදුරුවන් වෙත පැමිණි මේ අභියෝගය වහා තමා වෙත හෙවත් බලවේගය වෙත හරවාගෙන, එයට එරෙහි සටන ම අද දවසේ අප කළයුතු සටන බවට පත්කරගැනීමට එක් සිත් සිතාගැනීම හැර, නොසළකාහැරීම නමැති වරද නොකරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.
-නීතීඥ කපිල ගමගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...