පළාත් පාලන මැතිවරණයෙි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කටයුතු කිරීමට සුදානම් වෙනවානම් ඒ අවස්ථාවේදී එය බලාගනිමු යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඇතැම් පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්සය එක්ව සභා පිහිටුවන බව මීට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර තිබුණි. ඊට ප්‍රතිචාර ලබාදෙමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ජනබලයට පිටුපා පළාත් පාලන ආයතනවල බලය කොල්ලකෑමට පැමිණියහොත් ඊට එරෙහිව ජනතාව පෙළගැසෙනු ඇති බවයි.
ජනබලයට පිටුපා වත්මන් ජාතික ආණ්ඩුව තවදුරටත් හැසිරෙනවානම් ඉදිරි සියළුම මැතිවරණවලදී ඊට හොඳ පාඩමක් ඉගැන්වීමට රටේ පොදු මහජනතාව මහත් ඕනෑකමින් බලාසිටින බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...