දේශීය පුවත්

අද (03) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අසුනට යාබදව අසුන් ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමන්ට වෙනත් අසුනක් ලබා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ අසුනට මඳක් ඈතින් ඉදිරි පෙළෙහිම අසුනක් ඔහුට වෙන් කර ඇති බව වාර්තාවේ.

සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයාගේ අසුන මුලසුනේ සිට බලන විට විපක්ෂයේ අට වැනි ආසනය​ වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාට වෙන් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහට හිමිවන්නේ හත් වැනි අසුනයි.

එහෙත් හත් වැනි අසුන ප්‍රතික්ෂේප කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට නව වැනි ආසනය ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඔහුට නව වැනි අසුන ලබා දී ඇති අතර විපක්ෂනායක අසුන සහ නව වැනි අසුන අතර මන්ත්‍රීවරුන්ට ගමන් කිරීම සඳහා තීරුවක් වෙන් වී තිබේ.

රනිල් වික්‍රමසිංහට වෙන් කර ඇති මෙම අසුනට යාබදව දස වැනි ආසනයේ සිටින්නේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයායි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More