දේශීය පුවත්

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව අතර එම අවස්ථාව සඳහා ජනාධිපතිවරයා, කථානායනවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ වන විට පැමිණ තිබේ.

අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිතව තිබූ උත්මාචාර වැඩසටහන් රැසක් ජනපති නියමයෙන් අවලංගු කිරීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු ලැබුවේය.

8 වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය සජීවී විකාශය

8 වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය සජීවී විකාශය

Gepostet von Hiru News am Donnerstag, 2. Januar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More