ඉදිරි අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී තිරසර සංවර්ධන වනජීවී හා බුද්ධසාශන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාත් සංචාරක හා ක්‍රස්තුයානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාත් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. තරුණ දේශපාලඥයින්ට අවස්ථාව ලබාදීම සදහා එම ජේෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනා ඉවත්කළ යුතු බවට යෝජනා වී තිබේ.
මීට එරෙහිව අදහස් ප්‍රකාශ කර ඇති එක්සත් ජාතික පක්ෂාය් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතා ඇතුළු මත්‍රිවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශකර ඇත්තේ ජනතා ඡන්දයෙන් තේරීපත්වී ඇති එම ජේෂ්ඨයින් දෙදෙනා අමාත්‍යධුරවලින් ඉවත් නොකරන ලෙසයි.
තරුණ දේශපාලඥයින්ටඉඩදීමට අවශ්‍යනම් මලික් සමරවික්‍රම තිලක් මාරපන ඩී. ඒ. ස්වාමිනාදන් අනෝමා ගමගේ වැනි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිතුවෙන් පැමිණ අමාත්‍යධුර ලබාගත් අය ඔවුන් දරන අමාත්‍යධුරවලින් ඉවත්කළ හැකි බව මෙම පිරිස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පෙන්ව දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...