කිසිදු අහිතකර කොන්දේසියක් මත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට රජය කටයුතු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ අනුව අදාල ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ සලකා බලා MCC ගිවිසුම අත්සන් කරන්නේද කුණු කූඩයට දමන්නේද යන්න පිළිබඳ රජය අවසන් තීරණය ගන්නා බවත් රාජ්‍ය ඇමතිවරයා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ MCC ගිවිසුම ඉරා දමන බව කිසිවිටෙකවත් ප්‍රකාශ කර නොමැති බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
ඔවුන් ප්‍රකාශ කළේ එම ගිවිසුමේ අඩංගු ඇතැම් රටට අහිතකර කොන්දේසිවලට එකඟ විය නොහැකි බව යැයිද අමාත්‍යවරයා පවසයි. මෙම ගිවිසුම පමණක් නොව ACSA, SOFA වැනි ගිවිසුම් සම්බන්ධයෙන් ද රජයේ මතය වන්නේ ඒවා නැවත සලකා බැලිය යුතු බව යැයිද ඔහු පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...