දේශීය පුවත්

ජනතාව පත්කළ ජනාධිපතිවරයාගේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් අතට පත්ව ඇති බැවින් වහාම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මහජනතාව සෘජුව ඡන්දය දීලා ජනාධිපති අතට දෙනවා විධායක බලය. හැබැයි, පාර්ලිමේන්තුව ඒ විධායක බලයෙන් කොටසක් කොල්ල කනවා. ඒක තමයි පහුගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් සිද්ධ වෙලා තියෙන්නේ.

මේ විකෘතිය සමඟින් ඉදිරියට යා නොහැකියි.

මහජනයා ලබාදෙන විධායක බලය ජනපති සතුවිය යුතුයි.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට‍ නිල කාලයක් තිබෙනවා. නිල කාලයට මෙහා අයින් කරන්න බැහැ.

19 සං‍ශෝධනය හදලා තියෙන්නේ එහෙමයි.

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් විය යුතුයි. එහෙම දෙයක් තිබුණත් කමක්නෑ එන් ජී ඕ කාරයෝ ඕකේ පුරවන්නේ නැතුව.

ජනාධිපතිගේ බලයත් පාර්ලිමේන්තුවේ බලයත් ශක්තිමත් වන ව්‍යවස්ථා වෙනසක් අපි බලාපොරොත්තු වෙනවා.

එයින් මහජන පරමාධිපත්‍ය ශක්තිමත් වනවා.

මාර්තු 3වැනිදායින් පසු මැතිවරණයට අපි යනවා.

එ.ජා.ප.ය පාර්ලිමේන්තුව කලින් විසුරවන්න කැමතියි.

ඒගොල්ලෝ බයයි මැතිවරණය අප්‍රේල් 21කාලයට එනවට. සහරාන්ට බයයි එයාලා.

හොඳ එන්ජිමක්, ඩයිනමෝවක් තිබෙන විපක්ෂ නායකයෙක් ලැබුණ එක ගැන අපිට සතුටුයි. අපිට සිනා සාගරයක් බලාගන්න පුළුවන්.

විපක්ෂ නායකයාගේ අනාගත කාර්යභාරය අනුවරනිල් සජිත්ට වඩා හොඳයි කියලා කියයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More