දේශීය පුවත්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, රජයේ නිල නිවාස සහ අතහැර දමා ඇති ගොඩනැඟිලි පරික්ෂා කිරිමට හෙට සිට (03) කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලදාරීන්ට අද (02) නියෝග කළේය.

මෙම කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සමෘද්ධි සංවර්ධන නිළධාරි සහ අදාළ ප්‍රෙද්ශය භාර ග්‍රාම නිළධාරි වරයාද ඇතුලත් වේ.

අද පෙරවරුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කිරිම සඳහා වන තීන්දු තීරණ ගැනීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදි ආණ්ඩුකාරවරිය මෙම නියෝගය සිදු කළාය.

මෙම හමුවට පෙර ආණ්ඩුකාරවරිය ආණ්ඩුකාර ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඩෙංගු කීටයන් බෝ වන ස්ථාන ඇත්දැයි නීරික්ෂණය කළාය.

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරු පරිශ්‍ර කුළ ඩෙංගු කීටයන් බෝ වන ස්ථාන රැසක් ඇති බවට හදුනාගෙන ඇතැයි මෙම හමුවේදි හෙලි විය.

එහිදි අනුරාධා යහම්පත් මහත්මිය නාවික හමුදාව නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරිවරයාට කියා සිටියේ මෙම තත්ත්වය අවම කිරිම සදහා හැකි විගස කටයුතු නොකළහොත් නාවික හමුදාපතිවරයා දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවය.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගින් 2048 හදුනාගෙන ඇති බවද මෙම සකච්ඡාවේදි හෙළි විය.ඉන් වැඩිම අවධානමක් ඇත්තේ ත්‍රිකුණාමලය, උප්පවේලි, කින්නියා සහ මූතුර් යන ප්‍රදේශ වලය.

ඊට අමතරව පාසල් වල ඩෙංගු මදුරුවන් බෝ විම වැළැක්වීම සදහා සෑම ඉරු දිනකම දෙමාපිය ශ්‍රමදාන පැවැත්විමට කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කළේය.‍



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More