කරුණාරත්න ගමගේ
රජරට ජන ජීවිත බොහෝදුරට අඩාළ කළ මහා වැසි සහ ගංවතුර මේ වනවිට පහව ගොසිනි. එහෙත් එමගින් සිදුවූ පීඩාවන්, විපත්හි දෝංකාරය තවමත් එලෙසමය. පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පමණක් 3500 ක පමණ පිරිසක් ආපදාවට ලක්වූහ. අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් තම නිවාසවලට හානි සිදුවීම නිසා දෙදහසකට වැඩි පිරිසකට තාවකාලිකව කඳවුරුවල නවාතැන් ගන්නට සිදුවිය. තවත් පිරිසක් තම ඥාති නිවෙස්වල පිහිට පැතූහ. දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ ඒකකය විසින් ගණන් බලා ඇති අන්දමට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ නිවාස 258 කට වර්ෂාව සහ ගංවතුර නිසා හානි සිදුවී තිබේ. එයින් නිවාස 08 ක් පූර්ණ හානි ලෙසත්, නිවාස 250 ක් අර්ධ හානි ලෙසත් වාර්තා කර ඇත. දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර සහ ඇලහැර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනයා මෙලෙස ආපදා අත්විඳි අතර වැඩිම බලපෑමක් ඇති වී තිබෙන්නේ තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එහි පවුල් 515 ක පුද්ගලයෝ 1804 දෙනකු ආපදාවට ලක්වූ බවට දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ ඒකකයේ සංඛ්‍යා ලේඛන අනාවරණය කළේය. ඊළඟට වැඩිම පිරිසකට ගංවතුරින් පීඩා සිදුව තිබෙන්නේ දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොටසෙයි. එහි පවුල් 272 ක පුද්ගලයෝ ගණන 912 කි. ඇලහැර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් ගණන 138 ක් වන අතර පුද්ගල සංඛ්‍යාව 476 කි. ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වන ගංවතුර හානිවලට ලක්වූ පවුල් 77 කි. එහි පුද්ගලයෝ 296 ක් වන බවට ගණන් බලා තිබේ. දින ගණනාවක් තිස්සේ ඇදහැලූණු අධික වර්ෂාව සහ ඇති වූ ගංවතුර හේතුවෙන් මාස් කන්නයේ වී වගා කර ඇති කුඹුරු අක්කර 20,000 කට ආසන්න ප‍්‍රමාණයකට හානි සිදුවී ඇතැයි දිස්ති‍්‍රක්කයේ ගොවි සංවිධාන සහ ගොවි ජනතාව පෙන්වා දෙති. පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ගණන් හිලව්වලට අනුව ගොවීන් 10,688 දෙනකු ගංවතුර හානි සිදුවූ කුඹුරුවල හිමිකරුවන්ය. ඒ හානි සිදුවී ඇත්තේ ඉහතින් සඳහන් කළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලමය. මෙවැනි තද වැස්සක් පොලොන්නරුව දිස්ති‍්‍රක්කයට ඇදවැටුණේ දිගු කලකට පසුව බව ගොවි ජනතාව ප‍්‍රකාශ කළහ. අක්කර අඩි එක්ලක්ෂ හාර දහසක් (104,000) පමණ විශාල ජල කඳක් දරා සිටින මැදිරිගිරියේ කවුඩුල්ල වැව මෙවර පිටාර ගැලූවේ වසර 05 කට පමණ පසුව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ ද ජල මට්ටම එහි උපරිම ජල ධාරිතාව වන අක්කර අඩි 116000 ඉක්මවා යෑමෙන් පසුව වාන් දොරටු 10 න් 08 ක්ම විවෘත කර අතිරික්ත ජලය පිටතට මුදා හැරීමට වාරිමාර්ග නිලධාරීහු පියවර ගත්හ. පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ සෙසු වැව්වල ද ජල මට්ටම් ශීඝ‍්‍රයෙන් ඉහළ නැඟ තිබෙන බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. කේ. හේවාගම මහතා ප‍්‍රකාශ කළේය.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොලොන්නරුව – මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප‍්‍රදේශයේ ජල මට්ටම අඩි 07 ක් පමණ දක්වා මෙවර ඉහළ ගියේ වසර ගණනාවකට පසුවය. එහි රථ වාහන ගමනාගමනය දින දෙකක් පමණ මුළුමනින්ම ඇනහිට තිබිණි. ගංවතුරට යටවී තිබූ මාර්ගය ඔස්සේ ගමන් කරවීමට උත්සාහ කළ බර වාහන කිහිපයක්ම ගංවතුරට කොටු වී තිබෙණු දක්නට ලැබිණි.
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මගීන් 54 දෙනකු සමග පෙරකී අන්දමට ගංවතුරට යටවී තිබූ මාර්ගයේ ධාවනය කරවීමට උත්සාහ කළ අවස්ථාවේ එහි එන්ජිම කි‍්‍රයාවිරහිත වී ගංවතුරේ කොටු වීම මෙවර ගංවතුර අවස්ථාවේ ඇතිවූ බිහිසුණුම සිද්ධිය විය. ? මැදියමේ මාදුරුඔය සිට පැමිණි ඒ බසය මගීන් සමග ගංවතුරට කොටු වී ඇත්තේ අලූයම 2.30 ට බව කියති. ක‍්‍රම ක‍්‍රමයෙන් බස් රිය තුළට ජලය ගලාවිත් මගී ආසන ද යටවී යන තරමට තත්ත්වය උග‍්‍ර වී තිබේ. අසුන් මතට නැඟී දුන් මර විලාප අසන්නට එවෙලේ බස් රියේ සිටි පිරිස හැර මිනිස් පුළුටක් එහි නොවීය. ඔවුන් සියලූ දෙනාට මෙලොව ජීවත් වීමේ භාග්‍ය තවදුරටත් ලැබී ඇත්තේ පොලිසිය මේ අකරතැබ්බය අහම්බෙන් දැනගෙන සහන කණ්ඩායම් එහි ළඟාවී පිරිස බේරා ගත් හෙයින්ය. එය එසේ මෙසේ පහසු කටයුත්තක් නොව දිවිපරදුවට තබා සිදුකළ මහා මෙහෙයුමක් බව ඊට සම්බන්ධ වූ පිරිස් කියා සිටියහ.
මේ අතර පොලොන්නරුව සිට සෝමාවතිය දක්වා යන මාර්ගයේ සුංගාවිල, පෙරියආරු පාලමේ සිට ස්ථාන ගණනාවක් ජලයෙන් යටවීම නිසා සිකුරාදා (27 දා) වන තෙක්ම ඒ මාර්ගයේ රථ වාහන ගමනාගමනය ඇනහිට තිබිණි.
මහවැලි ගඟ පිටාර ගැලීම නිසා සෝමාවති පුද බිම ද දින ගණනාවක් ජලයෙන් යටවී පැවතිණි. එහි පිහිටා තිබෙන පොලිස් මුරපළ සංචාරක නිවාස, හිමිවරු වැඩ වසන සංඝාවාස ආදී සියලූ ගොඩනැඟිලි ජලයෙන් යටවූ අතර එහි ගංවතුර මට්ටම අඩි 06 ක් පමණ දක්වා ඉහළ නැංෙඟ්ය. සෝමාවතිය චෛත්‍ය පිහිටි මළුවේ ජල මට්ටම අඩි 03 ක් පමණ වූ බව විහාරවාසී හිමිවරු ප`ැවසූහ. ගිලන්පස, බුද්ධ පූජා ආදිය සෑරදුන්ට පූජා කිරීමේ කටයුතු සිදු කළේ ඉණ වටක් ජලයේ බැස ගෙන බව ද උන්වහන්සේලා කීහ. මේ අන්දමට දෙසතියකට වඩා වැඩි කාලයක් ගංවතුරට යටවී තිබූ සෝමාවතිය පුදබිමට දානමනාදී බඩු බාහිරාදිය රැගෙන යෑම සිදු කරන ලද්දේ බෝට්ටු මගිනි.
මෙවර ඇති වූ ගංවතුරේ බලපෑමෙන් සිදුවූ ප‍්‍රධාන හානි අතර වාරි නිර්මිත විනාශය ප‍්‍රමුඛය. ඇලහැර මහ ගොවි ජනපදයේ පිහිටි හීරටිය අමුණ ගංවතුරට කැඞී ගොස් තිබෙන අතර එය ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ යුතු බව වාරි නිලධාරීහු පෙන්වා දෙති. ඊට අමතරව කෙත් ඇළ සහ කුඹුරුවලට ජලය සැපයෙන ඇළ මාර්ග රැසකට ද ගංවතුරෙන් හානි සිදුව තිබෙන බව ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දුන්හ.
අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ විපත් සැලවූ මොහොතේම අදාළ නිලධාරීන්ට උපදෙස්දී තිබිණි. එසේ වුව ද එම හානි පිළිබඳව සොයා බැලීම සහ පීඩාවට පත්ව සිටි ජනයා මුණගැසී කතාබහ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර අනුරාධපුර, පොලොන්නරුව දිස්ති‍්‍රක්ක දෙකෙහි ගංවතුර විපත් පරීක්ෂා කිරීමට ද පැමිණියේය. එහිදී අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ප‍්‍රදේශ කිහිපයක කඳවුරුගතව සිටින ජනයා හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය. තම උන්හිටිතැන් අහිමිව කඳවුරුවල තාවකාලිකව ලැගුම් ගෙන සිටි ඒ පීඩිත ජනයා රටේ රාජ්‍ය නායකයා තමන් හමුවන්නට පැමිණීම මහත්සේ අගය කළහ.
රජරට ජන ජීවිතවලට මෑත කාලයේ ඉතා තදින් දැනුණු මේ වැසි විපත සොබාදහමේ විසල් උපද්‍රවයක් ලෙස හැඳින්විය හැක. එහෙත් එමගින් ජීවිත හානි වැනි දුක්මුසු සිදුවීම් ඇති නොවීම විශාල භාග්‍යයකි.
එමෙන්ම ලොව අන් රටවල සිදුවන වැසි විපත්, ගංවතුර හානි සමග සසඳන විට අප රටට එල්ල වූ සොබාදහමේ බැල්ම කිසියම් අකාරුණිකත්වයක් පෙන්නුම් කළ ද එය එතරම් සැහැසි නැතැයි කිව හැක.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...