රංජිත් ද සොයිසා මන්ත්‍රීතුමා නවත්වපු තැන ඉඳන් මං ඒ වැඩකටයුතු ජනතාව වෙනුවෙන් ඉස්‌සරහට අරන් යනවා යෑයි මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා මහත්මිය පවසයි.
පසුගියදා අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේශපාලනික අඩුව පුරවන්නට ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග ගැන කියමින් ඒ මහතාගේ බිරිය වන ඇය එසේ සඳහන් කර සිටියාය.
තවදුරටත් කතා කළ ඇය මෙසේ ද කියා සිටියාය.
මන්ත්‍රීතුමාගේ අභාවයෙන් පස්‌සේ රක්‌වාන ආසනයේ ජනතාව අපේ ගෙදරට ඇවිත් ඉල්ලීම් කළා මන්ත්‍රීතුමාගේ අඩුව පුරවන්න දේශපාලනයට එන්න කියලා. ඒ අය මන්ත්‍රීතුමාට පුදුම ආදරයක් තිබුණේ. එතුමා නැති වීම මටත් හරියට හීනයක් වගේ. මම කවදාවත් දේශපාලනයට එන්න හිතාගෙන හිටිය කෙනෙක් නෙමෙයි. නමුත් ජනතාවගේ දැඩි ඉල්ලීම නිසා මම ලබන මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මම මේ ගැන කතාකරන්න මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා, ජී. එල්. පීරිස් මහත්මා හමුවෙන්නත් ගියා. ඒ සඳහා එතුමන්ලගේ ආශිර්වාදය දැන් මට ලැබෙනවා.
මන්ත්‍රීතුමා නවත්වපු තැන ඉඳන් වැඩ ටික ජනතාව වෙනුවෙන් කරනවා. මම හිතනවා මට ඒ වැඩ ටික කරන්න පුළුවන් වෙයි කියලා. රක්‌වාන කියන්නේ ලොකු ආසනයක්.
රංජිත් ද සොයිසා මන්ත්‍රීතුමාට මේ ජනතාව ආදරය කළේ ඇඟට දැනෙන්න වැඩක් කරපු හින්දයි. ඒ අඩුව පුරවන්න මම දැන් වැඩට බහිනවා. ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය මම කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...