බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්දී දේශපාලන පළිගැනීම් සදහා සුළු වැරදි වලට පමණක් අදාල පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය පවසයි.
මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් ඔවුන් සදහන් කරන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබද විවිධ විවේචන අප සංවිධානය සතුව ඇතත් මෙරට ජනතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල ඔහු නොබියව පෙනී සිටි චරිතයක් බවය.
එබැවින් ජනතාවාදී දේශපාලන නායකයින් මෙවැනි වරදවල් මත අත්අඩංගුවට ගැනීමේදී රජය මීට වඩා සැළකිලිමත් නොවුනහොත් රජය ලද තැනම ලොප් වීමට ඉඩ ඇති බව මේ අවස්ථාවේ අවධාරණය කරමු.
රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම අවස්ථාවේදී මේ රටේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහය ලැබෙන නීති විරෝධී සූදුවක් පිළිබදව අප පොලීසියේ අවධාණය යොමු කරන අතර එම ස්ථාන වටලා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සමත් වුවහොත් ශ්‍රී ලංකා පොලීසිය ස්වාධින පොලීසියක් වනු ඇත.
අංක: 267, ගාලුපාර, කොළඔ 03 යන ලිපිනයේ මුලස්ථානය පිහිටි Sporting Times ආයතනය සහ මෙරට අමාත්‍යවරයෙකුගේ පවුලකට අයත් Sporting star ආයතනය හා Leisure Sport ආයතන සතුව රටපුරා සුදු මධ්‍යස්ථාන 412 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවත්වාගෙන යනු ලබයි. 1930 අංක 9, 1930 අංක 29 හා 1943 අංක 55 දරණ සූදු ආඥාපනත අනුව සජීවි අශ්වරේස් සදහා ඔට්ටු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානවලට බලය ලැබී තිබුනද වර්තමානයේ මෙම සමාගම මෙම සූදු මධ්‍යස්ථානවලදී ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව සහ වෙනත් ක්‍රීඩා සදහා ඔට්ටු ලබා ගැනීම සිදු කරනු ලබන අතර පරිගණක මෘදුකාංගයක් මගින් සාදන ලද (Animation) සජීවී නොවන අශ්ව සහ සුනඛ රේස් සදහාද ඔට්ටු ලබා ගැනීම සිදුකරනු ලබයි(TRUCK SIDE) එසේ ඔට්ටු ලබා ගැනීම නීතිවිරෝධීවේ
ඉහතතින් අප පෙන්වා දුන් මධ්‍යස්ථාන පොලීසිය විසින් වටලන තෙක් අප සංවිධානය දෑස් දල්වා බලා සිටිමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...